ශ්‍රී ලංකා පිලේ උප නායක හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඕස්ටේ්රලියාවේදී පැවැති කොමන්වේල්ත් බැංකු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් ට එහි අවසන් වටයේ තරග දෙකට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය. දණහිසේ ආබාධයකට ලක්ව සිටින මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව ඔහුව තව දුරටත් විවේක ගැන්වීම සඳහා යළිත් ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කර තිබේ. මැතිව්ස්ගේ ස්ථානයට වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංග ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 25 හැවිරිදි ශාමින්ද මේ දක්වා සහභාගිවී ඇත්තේ එක්දින තරග තුනකට පමණි. ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය පාකිස්තානයට එරෙහිව හෙට (15) මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිව්ස් ආසියානු ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට
ශාන්ත - ඩුබායි Wednesday, 14 March 2012 10:35 PM
ඔබට ඉක්මන් සුව...
ඉසුර Thursday, 15 March 2012 11:40 AM
ඉක්මණට සුව වෙලා රටට සේවය කරන්න ලැබේවා.