IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


මැතිසබයේ ’’වලිය’’ ගැන සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පසුගිය අප්‍රේල් මස 21 වැනිදා  සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව කතානායකවරයාට ලබන සතියේදී බාරදීමට එම කමිටුව තීරණය කළේය.

මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග  කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 23 වැනිදාය.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා ,ඉමිටියාස් බාකීර් මාකර්  රංජිත් මද්දුමබණ්ඩාර,  එම්.ඒ සුමන්දිරන් යන මහත්වරුද  කටයුතු කරති.

මෙවැනි සිදුවීම්වලින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදුවිය හැකි අහිතකර තත්වය දීර්ඝ වශයෙන් සලකා බැලූ විමර්ශන කමිටුව ඉදිරියේදී මෙවැනි තත්වයන් ඇතිවීම වැළැක්වීමට පාර්ලිමේන්තුවක් ලෙස ගත හැකි  කෙටිකාලීන සහ දිගුකාලීන පියවර පිළිබඳවද  දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කතානායකවරයාට ලබන සතියේදී බාර දීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය. 

 



අදහස් (1)

මැතිසබයේ ’’වලිය’’ ගැන සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට

පප්ප Wednesday, 30 June 2021 10:28 AM

හරි ලස්සන සිංහල ඔව තමයි ඔහේල හැදෙන එඋන්ට දෙන ආදර්ශ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 256 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 125 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 196 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 747 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1008 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1214 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site