IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මැතිසබය හතර පාරක් ගොළු වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාවේ ඝනපූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන්  සභාවේ කටයුතු අද (8) පස්වරුවේ අවස්ථා හතරකදී  ඇණ හිටියේය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මන්ත්‍රීවරයකු එක ළඟ ළඟ ඝනපූර්ණ ප්‍රශ්නය සිවු වතාවක් මතු කළ පළමු අවස්ථාව  මෙය බවයි.

ඝන පූර්ණ ප්‍රශ්නය මතු කළ මේ සෑම අවස්ථාවකදීම  සීනුව නාද කර  මන්ත්‍රීවරුන් කැඳවීමට මූලාසනයට සිදුවිය.

තම පක්ෂයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගිවීමට පොරොන්දු වූ පරිදි අවස්ථාව ලබා නොදෙන්නේ නම්  තමා සෑම අවස්ථාවකම සභාවේ ඝන පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ඔහු ඝනපූර්ණය ප්‍රශ්නය මෙසේ මතු කළේ ඒ අනුවය.

එක් අවස්ථාවක විමල් වීරවංශ මහතා ඝනපූර්ණය ප්‍රශ්නය මතු කර සභාවෙන් පිටව ගොස් සිටියේය.  මෙහිදී අදහස් දැක්වූ මුලසුනේ සිටි සමන්ප්‍රිය හෙරත් මන්ත්‍රීවරයා පැවසුවේ ඝන පූර්ණ ප්‍රශ්නය මතු කළ මන්ත්‍රීවරයා සභාවේ නොසිටී නම් සභාවේ  කටයුතු පවත්වාගෙන යා හැකි බවයි.

ඒ අනුව සභාවේ කටයුතු පටන් ගැනිණ. එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග පොතේ කියවා ඇත්තේ බාගයක් පමණක් බවයි.

මේ අවස්ථාවේදී වීරවංශ මහතා සභාවට පැමිණ ගණ පූර්ණ ප්‍රශ්නය සිවු වැනි  වතාවටත්  මතු කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඝන පූර්ණ ප්‍රශ්නය මෙසේ මතු කිරීමෙන් සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.



අදහස් (1)

මැතිසබය හතර පාරක් ගොළු වෙයි

අරවින්ද මොනරවිල Tuesday, 08 August 2023 04:25 PM

පූර්ණ ළමාවිය සංවර්ධන නොවුනු මිනිහෙක් තවම සිඟිති ආතල් ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 8 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 33 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 58 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹරු අනී
2024 ඔක්තෝබර් මස 15 164 0

බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව


රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි
2024 ඔක්තෝබර් මස 15 815 0

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.


දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 15 272 0

දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 451 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1445 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site