IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මැතිසබේ එසැණින්

‘සාමාන්‍ය පෙළ ගණිතය සමත් නොවී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙනබව අධ්‍යාපන ඇමැති කිව්වා. නමුත් ගණිතය දැනුම අත්‍යවශ්‍යයි. සංගීතය කරන්නත් ගණිත දැනුම අවැසි බව අමරදේවත් කිව්වා. අපට වියුක්ත චින්තනය අවශ්‍යයි. ගණිතයෙන් තමයි අපිට සංකල්ප දෙන්නේ. මම ගරු ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා, ගණිතය නැතුව දරුවෝ උඩට ගිහින් වැඩක් නෑ. හිතන්න බැරි නම් දරුවන්ට තේරුමක් නෑ. අවුරුදු 11ක් පාසල් ගිහින් ලකුණු 35ට වැඩිය ගන්න බැරිව ළමයින් අසමත්වීමට විසඳුම ඒක නෙමෙයි. මේ රටේ අධ්‍යාපනයේ මට්ටම රැකිලා තිබෙන්නේ ගණිතය නිසා. ඒ නිසා ඔය දේ කරන්න එපා. ඒක අධ්‍යාපනයට මරු පහරක්. ගණිතය නැතුව ක්‍රිකට් ගස්සවන්නවත් යවන්න එපා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ගණිතය විෂය අත්‍යවශ්‍ය උසස් පෙළ විෂයයන් සඳහා ගණිතය සමත් වීම අනිවාර්ය බවත් රොබෝ තාක්ෂණය වැනි වැඩ මූලික කරගත් විෂයයන් සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය නොකළ බවත්ය.

‘අවුරුදු 10කට පස්සේ ඔබතුමාට පෙනෙයි මම අධ්‍යාපනයට වළක් කපලා තිබෙන්නේ කියලා. කරුණාකර ගණිත මහාචාර්යවරු කැඳවා තීරණයක් ගන්න.‘ යැයි බිමල් රත්නායක මහතා සඳහන් කළ අතර ‘ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රම සොයා බලා තමා අපි තීන්දු තීරණ අරගන්නේ. ‘ යැයි අධ්‍යාපන ඇමැතිවරයා කීය.



අදහස් (0)

මැතිසබේ එසැණින්

මහසෙන් Tuesday, 22 November 2016 11:33 AM

රොබෝතාක්ෂණයට ..ගණිතය අවශ්‍ය නැහැ කියල ඇමති තුමා සහ රිෂාන් කියනවා ..මම අහනවා ඔයාලගෙන් රෝබෝතක්ෂණයට කොම්පියුට සයන්ස් ඕනිද කියල...ඒ මොකද කොම්පියුට සයන්ස් වලට ගණිතය අවශ්‍යයි. මේ මිනිස්සු කියයි ඕනි නැහැ කියල. (ම)

:       0       0

රිෂාන් Tuesday, 22 November 2016 05:47 AM

බිමල් මහත්තයෝ පොඩ්ඩක් ඔය ඉන්න ලිඳ ඇතුලෙන් එලියට ඇවිල්ල ලෝකේ දිහා බලන්න. හිතල වැඩක් කරන්න ගණිතයම ඕනේ නැහැ.ගණිතය හෝ සාමාන්‍ය පෙළ අසමත් කොයි තරම් පිරිසක් අද අනිත් ක්ෂේස්ත්‍ර වලින් ඉදරියට ඇවිල්ල තියෙනවද බලන්න. පැහැදිලිව කියල තියෙන්නේ ගණිතය අනිවාර්ය විෂයයන්ට ඒ තැන දෙනවා කියල. මම නම් කියන්නේ අපේ විශ්වවිද්‍යාල වලින් දෙන උපාධි පවා යාවත්කාලින කරන්න වෙනවා අනිත් රටවල් එක්ක බලන කොට. (බ)

:       0       0

සමන් Tuesday, 22 November 2016 12:51 PM

රොබෝ තාක්ෂණයට ගණිතය ඕනේ නෑ කිව්වා? (හේ)

:       0       0

සිරි Tuesday, 22 November 2016 06:37 AM

කවර ක්ෂේත්‍රයකින් ඉගෙන ගත්තත් ගණිත දැනුම සහ සමාජය ගැන දැනුම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි වෙනත් රටවල ගණිත විෂය සියලු විෂය ධාරාවල තියෙන්නෙ.(ම)

:       0       0

මොහාන් Tuesday, 22 November 2016 07:25 AM

ගණිතය අනවශ්‍ය එකම රැකියාව මන්ත්‍රීකම. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 22 November 2016 07:25 AM

හරියටම හරි. නියමයි (නි)

:       0       0

ප්‍රියන්ත, ශ්‍රීලංකාව Tuesday, 22 November 2016 08:06 AM

රොබෝ තාක්ෂණය වැනි වැඩ මූලික කරගත් විෂයයන් සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය නොකළ බවත්ය. පේනවාද ඇමැතිතුමගේ ටිකිරි මොලේ තරම!!!! රොබෝ තක්ෂනයට ගණිතය ඕනෙ නෑ!!! (ම)

:       0       0

ගාමිණී අමුණුගොඩ Tuesday, 22 November 2016 08:21 AM

ගණිතය නෙමෙයි ඔලුව නැත්තත් පාර්ලිමේන්තු යන්න පුළුවන් එකම රට ලංකාව (ම)

:       0       0

සාගර Tuesday, 22 November 2016 09:20 AM

ගණිතය උගෙනීමෙන් මිනිස්සුන්ගේ තර්කන හැකියාව වර්ධනය වීම ඡන්දය ගන්න බාධාවක්..එම නිසා ගණිතය අවශ්‍ය නැහැ...(ම)

:       0       0

සමීර Tuesday, 22 November 2016 10:18 AM

මෙයත් රොබෝ තාක්ෂනය කියන්නේ මොකක්ද කියල කාගෙන්හරි අහගත්තා නම් හොදයි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1515 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 170 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 118 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 66 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 53 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site