IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මැතිසබේ එසැණින්

රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපා දමා පෞද්ගලික අධ්‍යාපන කොම්පැනි සඳහා මුදල් වෙන්කර තිබෙනවා. අපි අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ වෙන්නේ අපිට තිබෙන ඉරිසියාවට නෙමෙයි. අපේ හැම දිස්ත්‍රික් නායකයෙක්ම විශ්ව විද්‍යාලයට ගිය අය. අපිට වැඩ බැරි නෑ. ඔබතුමාලා ලක්ෂ අටක ණයක් දෙන්න හදනවා උපාධි කරන්න. මුදල් නැති සිසුවකුට ස්ලිට් එකට යන්න බෑ. සයිටම් කියන එක දූෂිත ගනුදෙනුවක් ඒක රාජපක්ෂලාගේ තක්කඩි ආයතනයක්. (මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ප්‍රබල පුද්ගලයකුගේ නමක් කියයි...) රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය කරලා ඒ ඇට කටු ගෙනච්චෙත් සයිටම් එකට. කිරිඇල්ල ඇමැතිතුමා දැන් ඒකට කරගහලා. ඒ කුණු කඩේ ස්ලිට් වගේ ආයතන එක්ක එකට තියන්න බෑයැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සල්ලි තියෙන ළමයා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයට ගත්තේ නැති වුණාම දුකක් නෑ. සල්ලි නැති ළමයාට දැනුම අහිමි කරනවා. නොමිලේ අධ්‍යාපනය කියන්නේ මුදල් නැතත් දැනුම හිමි කියන එක. මුදල් නැති නිසා විශ්වවිද්‍යාලයට යන්න බැරිවෙනවානම් ඒක ලොකු දුකක් ඒ ළමයාට. මම අධ්‍යාපන ඇමැතිතුමාට කියනවා අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම ආසියාවට සාපේක්ෂව හොඳ තත්ත්වයක තිබෙනවා. දක්ෂයන්ට උපාධි ආයතන හදන්නැතුව යන්තම් ඉසෙඩ් එක දාගන්න අයට උපාධි දෙන්න හැදීම හරියට ටොයෝටා වගේ හොඳ බ්‍රෑන්ඩ් හදන ජපානේ මරුටි වගේ වාහන හදන තත්ත්වයට පත්වෙනවා වගේ. තව කියනවානම් සිලෝන් ටී වෙනුවට කසල තේ හදනවා වගේ. මේ අධ්‍යාපන පෞද්ගලීකරණයෙන් අපේ රටට කිසිම සෙතක් නෑ. අඩුම ගණනේ දකුණු ආසියාවේවත් පෞද්ගලික අධ්‍යාපනය සාර්ථක වී නෑ. සයිටම් එක ගැන වාර්තාවක් ගන්න හදපු කමිටුවේ ඉන්නවා චතුර සේනාරත්න මන්ත්‍රීතුමා. සමන්ගී මනතුංග කියන්නේ සයිටම් ශිෂ්‍යාවක්. අපිට තිබෙන තොරතුරු අනුව ඒ චතුර මන්ත්‍රීතුමාගේ බිරිඳ. එතුමා කොහොමද වාර්තාවක් දෙන්නේ. මේ රටේ වෛද්‍ය සභාව පිළිනොගන්නා සයිටම් ආයතන ගැන තීරණයක් ගන්නයැයි ද මන්ත්‍රීවරයා කීවේය.

‘වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙනවා. නමුත් රජයේ වෛද්‍යවරු ගැනත් ප්‍රශ්න තිබෙනවා. වම් කකුල වෙනුවට දකුණ කකුල කපපු අය ඉන්නවා. වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. මේ අය හැදුවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් නෙමෙයිද? පුහුණුව වැදගත් කොතැනින්ද පුහුණුව ලැබුවේ කියන එක නෙමෙයි. සෑම දරුවකුටම අධ්‍යාපනය ලබාදීම රජයේ අපේක්ෂාවයි. ඒක සපයන්නේ කවුද කියන එක වැදගත් නෑ. මම සභා ගැබට එනකොට සේවක විදුලි සෝපානයට නැග්ගා. මන්ත්‍රීවරුන්ට වෙන එකක් තිබෙනවා. සේවක පිරිස ඇහුවා ඔබතුමා මේකට නැග්ගේ ඇයි කියලා. නමුත් මම කිව්වා සෝපානය නෙමෙයි වැදගත් ඒකෙන් කෙරෙන කාර්යය එකයි කියලා.‘ යැයි  නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.



අදහස් (0)

මැතිසබේ එසැණින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1561 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 370 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 124 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 107 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site