IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මත්ස්‍ය තහනම ගැන සාකච්ඡාවක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා  කිරීම සඳහා ලබන නොවැම්බර් මාසයේදී එම සංගමයේ නියෝජිතයකු මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ තානාපති ඩේවිඩ් ඩේලි සඳහන් කර සිටින්නේ එම නියෝජිතයා ශ්‍රී ලංකා රජය සමඟ දැනට පවතින මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා  පැවැත්වීමට නියමිත බවයි. ඔහු කියා සිටියේ දෙපාර්ශවය අතර සිදුවන සාකච්ඡාවලින් අනතුරුව සාර්ථක විසඳුමකට පැමිණිය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.

ඉකුත් ජනවාරි මාසයේ සිට යුරෝපා සංගමය ලංකාවට එරෙහි මෙම මත්ස්‍ය තහනම පැනවුයේ ශ්‍රී ලංකාවේ ධීවරයින් ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත බව පවසමිනි. පසුගිය රජය යටතේ යුරෝපා සංගමය මේ පිළිබඳව වරින්වර දැනුම්වත් කළද ඒවා නැවැත්වීමට නිසි පියවර නොගැනීම නිසා එම සංගමය මෙම මෙරටින් මත්ස්‍ය නිෂ්පාදන ගැනීම තහනම් කළේය.

 



අදහස් (0)

මත්ස්‍ය තහනම ගැන සාකච්ඡාවක්

නාමල් Monday, 19 October 2015 07:48 AM

මොනවා කරලා හරි කමක් නැහැ මේ ප්‍රශ්න වල ඉක්මනින් අවසානයක් දකින්න පුලුවන් නම් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 19 October 2015 12:32 AM

මාළු පිටරට යැවීම තහනම් කරමු. අපේ මාළු කල්තබා ගන්නා මහපරිමාණයේ ශීතාගාර පහසුකම් ඇති කරමු. පරිසරයට හිතකාමි මසුන් මැරීමේ ක්‍රම ධීවරයාට හඳුන්වා දෙමු. එවිට ලංකාවේ පාරිභෝගිකයාට සාධාරණ මිලට මාළු කෑල්ලක් කන්න පුළුවන්. එමඟින් රටේ ජීවන බර අඩුවෙන අතර ධීවරයත් ආරක්ෂා වේ. ටින් මාළු සඳහා පිටරටට ඇදී යන විදේශ විනිමයද ඉතුරු වේ.ජනතාව ඉල්ලන්නේ ජීවනබර අඩුකරන්න මිස මුදලාලිලා පොහොසත් කරන්න කියා නොවේ.මේ ප්‍රශ්නයේදී ඔය විදේශ නියෝජිතයන්ගේ කොන්දේසි වලට යටත්වීමට අපට උවමනා නැත. ඔහුව සාදරයෙන් පිළිගෙන අපේ රටේ තත්වය ඔහුට පහදාදෙමු (නි)

:       0       0

සෙනවි Monday, 19 October 2015 08:20 AM

මේ ප්‍රශ්නය මෙහෙම සරලව කතා කලහැකි එකක් නොවෙඉ ගැඹුරින් සිත බැලිය යුතු එකක් හදවතින් නොව බුද්ධියට ඉඩදෙන්න (ම)

:       0       0

සත්‍යයා Monday, 19 October 2015 01:23 AM

ද සිල්වා - බර්ලින්ට මල් මිටක්! ළංකර ගන්න ඕනෑ මෙන්න මේ වගේ රටට ආදරය ඇති තිරසාර සංවර්ධනයක් ගැන අවබෝධයක් ඇති මිනිස්සු. (නි)

:       0       0

දයාල් Monday, 19 October 2015 02:19 AM

ඇයි අපිට අපේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බැරි? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 19 October 2015 02:16 AM

ඔය පිටරට යවන හොඳ තත්වයේ ඉස්සන්, පොකිරිස්සන් ලංකාවේ ඇති සංචාරක අවන්හල් සහ සංචාරක හෝටල් හරහා විදේශීය සංචාරකයන්ට ලබාදීමෙන් රටට විදේශ විනිමය ලැබෙන අතර රට තුළ රැකියා අවස්ථා ඇතිවේ.අපේ රටේ සංචාරක කර්මාන්තයත් දියුණුවේ. අපේ රටේ සම්පත් වන සිලිකා වැලි , රබර් අපි අමු අමුවේම පිටරට පටවමු. එම සම්පත් වලින් වැඩිම ලාභයක් ලබන්නේ පිටරට මිනිසුන්ය. අපේ රටේ මත්ස්‍ය සම්පත පිටරට නොයවමු. දැන් අවශ්‍ය වන්නේ හොඳ කළමනාකරණයකි (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 02:50 AM

බර්ලින් නිවැරදිව අදහස් ඉදිරිපත් කළා.අපේ මුහුදේ මාළු අස්වැන්න නෙළාගෙන මන්දපෝෂණයෙන් පෙළෙන අපේ දරුවන්ට තරුණයින්ට සහ වියපත් පුද්ගලයන්ට ලබාදෙමු. විදේශයෙන් ටින් මාළු ගෙනෙන්නේ අපේ මාළු සම්පත මදි නිසාද? නැත්නම් නෙළාගැනීමේ නොහැකියාව නිසාද? ධිවර කටයුතු සඳහා තරුණයින් කොරියාවට යැවීමට පෙර ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදී ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල යෙදවිය නොහැකිද? (නි)

:       0       0

උදාරත් Monday, 19 October 2015 09:38 AM

ලංකාවේ‘ මාලු ප්‍රශ්නනය විසඳුනොත් හොඳයි (රේ)

:       0       0

ද සිල්වා Sunday, 18 October 2015 02:10 PM

ලකාවේ මාලු අස්වැන්න අපේ ප්‍රයෝජනයටත්මදි , අපි පිටින් මාළු ගේනවා , අපි මොකටද මාළු රට යවන්නේ අපි හාමතේ මලු මුදලාලිලා නම් පෝසත් වේවි , (අ)

:       0       0

ශාන් Sunday, 18 October 2015 08:47 PM

ලංකාව වටේ තිබෙන මුහුදෙ ලුණු ගතිය වැඩි නිසා මාළු රසයි. රටින් ගෙනෙන මාළු රස නැහැ (නි)

:       0       0

විජේසුන්දර Sunday, 18 October 2015 08:55 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

වසන්ජය Sunday, 18 October 2015 09:35 PM

තමිල්නාඩුවේ ඉන්දීය ධීවරයෝ ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීම ජාත්‍යන්තර මුහුදු සීමා කඩකිරීමක් ලෙස යුරෝපා සංගමය නොසලකන්නේ ඇයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 229 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 322 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 659 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 387 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 567 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 537 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 117 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site