IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මත්ස්‍ය ප්‍රතිකාරය නොමිළේ

බළපිටිය මාදු ගඟේ මිරිදිය පොකුණක් පවත්වාගෙන යන තරුණයෙක්  දේශිය හා විදේශීය සංචාරකයනට නොමිලේ මත්ස්‍ය චිකිත්සාව හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ එවැනි චිකිත්සක ක්‍රමයක් ආරම්භ කළ මුල්ම පුද්ගලයා ඔහුය. සමන් වසන්ත නම් මෙම තරුණයාගේ මත්ස්‍ය පොකුණ පිහිටියේ මාදු ගඟ මැදය. උදව්ව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයෙනි. මත්ස්‍ය චිකිත්සාවෙන් ලේ ගමනා ගමනය වර්ධනය වී සමේ ඇති වන ඇතැම් චර්ම රෝග සුව කර ගැනීමට ද ආතතිය හා පීඩනය අඩු කර ගැනීමට ද හැකි බව සොයාගෙන ඇත.මැරී ගිය සම ස්වභාවික ලෙස ඉවත් කර ගැනීමට මළුවා උපකාරි වේ.



අදහස් (0)

මත්ස්‍ය ප්‍රතිකාරය නොමිළේ

ජනක Thursday, 22 November 2012 06:20 PM

ඕකට කිඹුලෙක් දෙන්නෙක් දැම්මා නම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 22 November 2012 06:18 PM

ඔන්න කරනවා නම් වැඩ. රස්සාවක් නැහැ කිය කියා ඉන්නේ නැතුව මෙහෙම වැඩක් කරනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

පාලිත Friday, 23 November 2012 09:27 AM

නියම වැඩක් මල්ලි. සුබ පැතුම් . අලුත් විදියට හිතන කොල්ලෝ ලංකාවේ ඉන්නවා නේද (ස)

:       0       0

ශ්‍රියා Friday, 23 November 2012 03:42 PM

මේ වැඩේ නියමයි....ඔය වැඩේට යොදා ගන්නා මත්සයන්, ආහාරයටත් යොදාගන්නවද....? (ස)

:       0       0

ජනක Friday, 23 November 2012 09:28 AM

ඔයාල‍ට පේන්නේ නැද්ද අර අසරණ සත්තු ගොඩ කොටු කරල තිට‍යෙන හැටි. සල්ලි හම්බ කරන්න.... පව්..කන්නත් නැතුව ඇති.(ස)

:       0       0

මහේෂ් Thursday, 22 November 2012 06:27 PM

අපරාදේ. පිරන්හා මාලු දාන්නයි තිබුණේ. :D (නි)

:       0       0

රුවන් Saturday, 24 November 2012 04:46 PM

නුඹට ජය!! (නි)

:       0       0

ධනුෂ්ක Friday, 23 November 2012 09:57 AM

සංචාරක ව්‍යාපාරයට හොඳයි (ස)

:       0       0

ප්‍රේමකුමාර් Friday, 23 November 2012 04:03 PM

ෂා මටත් මේකේ මාලුවෙක් වෙන්න තිබුනානම්....... (ස)

:       0       0

ප්‍රසාද් Thursday, 22 November 2012 07:03 PM

මාලුන්ට ලෙඩ බෝවෙන්න පුලුවන්. (නි)

:       0       0

ජෝස් Thursday, 22 November 2012 07:26 PM

දියුණු වේගෙන යනකොට ඕවට අයිතිය කියන්න අය නම් ඕනෑතරම් හිටීවි. (නි)

:       0       0

මධු Thursday, 22 November 2012 07:31 PM

ඇත්තටම ගොඩක් හොද සේවයක්. ඔබට ජය! (නි)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 08:07 PM

මල්ලි, කෝකටත් පරිස්සමින්. දන්නවනේ අ‍පේ අයගේ හැටි. (නි)

:       0       0

ප්‍රභාත් Friday, 23 November 2012 11:33 AM

මේ රටේ මිනිස්සූ තනිකර කරන්නේ පිස්සූ (ස)

:       0       0

මුණගම Friday, 23 November 2012 11:48 AM

බොහොම වැදගත් අගය කල යුතු වැඩක්

:       0       0

උපාලි Thursday, 22 November 2012 08:24 PM

උත්සාහවන්තයා ජය ගනී. රස්සා නැහැ කිය කියා පෙලපාළි යන අයට හොද ආදර්ශයක්.(ත)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 11:44 AM

හොද වැඩක්

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 08:48 PM

ප්‍රවේසමෙන්. අපේ අයියලා මාළුන්ට චිකිත්සාවක් දෙන්න පුළුවන්. (ත)

:       0       0

කේ වී ඩී එස් නුවන් Thursday, 22 November 2012 09:19 PM

ගොඩක් හොදයි. (ත)

:       0       0

මිචෙල් Saturday, 24 November 2012 09:27 AM

නියමයි මල්ලි, නුඹට ජය (ස)

:       0       0

ජගත් Thursday, 22 November 2012 10:19 PM

ලංකාවේ පුරවැසියෙක් කියලාවත් හිතලා මෙවැනි දේවල් අගයකරන්න පුරුදුවෙන්න. (නි)

:       0       0

සාදරිස් Thursday, 22 November 2012 11:02 PM

ගොඩක් රටවල ඕය ක්‍රමය හරි ප්‍රසිද්දයි. … …ජනක, මහෙශ්, ප්‍රසද් : විහිලුවකට ගන්න එපා. (ත)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 22 November 2012 11:15 PM

බලාගෙන ඕකටත් බදු ගහන්න නීති ගෙනයි. (ත)

:       0       0

අබ්ලික් Thursday, 22 November 2012 11:35 PM

හරිම කිචි නේද?

:       0       0

අමිල Thursday, 22 November 2012 11:48 PM

මෙහෙ රටේ නම් ඕකට මහා ලොකු ගානක් අය කරනවා. පැයකට පවුම් 10ක්. (ත)

:       0       0

චතුල වෙරෝනා Friday, 23 November 2012 12:12 AM

දෑන් ඉතින් කට්ටිය වළවල් හොයනවද දන්නෙ නැහැ වෑඩේ පටන් ගන්න. මොනව වුණත් රත්තරන් තරුණයෙක්, ඔබට ජය!! (නි)

:       0       0

දුමී Saturday, 24 November 2012 12:27 PM

කරන්නේ හොඳ වැඩක්, හැබැයි නොමිලේ කියලා බොරු කියන්න එපා..මාළුවෝ මගෙන් රු.100 ක් ගත්තා. (ස)

:       0       0

දම්මිකා Saturday, 24 November 2012 12:20 PM

අයියෝ සල්ලි

:       0       0

යසන්ත Saturday, 01 December 2012 09:11 AM

මේ වැඩේ ලෝකේ තියෙන සම්බාහන ක්‍රම වලින් හොදම ක්‍රමයක් (දී)

:       0       0

ප්‍රසන්න. Wednesday, 28 November 2012 09:33 PM

ඉතුරු ප්‍රතිකාර ටික ගන්නේ හොද්ද පැහෙනකොට ද? (අ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:21 AM

හොද වැඩක්. හැමතැනකම පටන් ගන්න. (නි)

:       0       0

මධු Friday, 23 November 2012 01:22 AM

නිකන් කරන්න එපා. එන අ‍යගෙන් සාධාරණ ගාණක් ගන්න. (නි)

:       0       0

සමන් Friday, 23 November 2012 01:37 AM

අපිට මේ ක්‍රමයෙන් පේෂල් ප්‍රතිකාරය කරන්න බැරිද? (නි)

:       0       0

ආනන්ද Friday, 23 November 2012 02:52 PM

ගගේ වතුරයි වැවේ මාළුයි...........සල්ලි මොකටද ?? (ස)

:       0       0

වරුණ Friday, 23 November 2012 07:34 AM

ඒකත් පිනක් වුණාට අන්තිමට මාලුන්ටම මේක එපාවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

චමි Friday, 23 November 2012 08:14 AM

මෙයාල රුපියල් 200 ක් අරගන්නවා නිකන් පෙන්නනවලු පව් අනේ (ස)

:       0       0

සරත් Friday, 23 November 2012 08:24 AM

කරනවා නම් වැඩද නැත්තේ? කියන්නේ ඕකටනේ. (නි)

:       0       0

සංජීව Friday, 23 November 2012 08:32 AM

දැන් ඉතින් හැම කුණු වලකම මේක පටන්ගනීවි (ස)

:       0       0

ගමගේ Friday, 23 November 2012 08:26 AM

රු.100 ක් ගන්නවා එක්කෙනෙකුගෙන් (ස)

:       0       0

සුරේශ් Friday, 23 November 2012 11:22 PM

ඒකෙත් අවුලක්ම නැහැ බලාගෙන යද්දී. (නි)

:       0       0

සිරිපාල Friday, 23 November 2012 09:27 AM

මේකට දාන්න ඕන හුංගො මාලු ටිකක්...... (ස)

:       0       0

බණ්ඩාර Thursday, 22 November 2012 06:02 PM

නියම කොල්ලෙක්. ඔයාට බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 17 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 345 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 210 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 723 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 312 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site