IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ

දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටකට ඇතුළුවීම තහනම් කළේය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ සමීපත ම ඥාතීන්ගේ ශරිර ඇප දෙකක් මත මුදාහළ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගත්තේය. ඔහුට තරයේ අවවාද කරමින් මහේස්ත්‍රාත් පැවසුවේ ඔහු වරෙන්තු පිට සිටිය දී සිංගප්පූරුවට යන අවස්ථාවේ දී උසාවියට ගරු කරමින් 29 දා උසාවියට ඉදිරිපත් වන්නේයැයි මාධ්‍යයට කළ ප්‍රකාශය සළකා බලමින් ඇප ලබාදෙන බවයි.  ඔහු වැනි මහජන නියෝජිතයන්ගේ චර්යාව දෙස ලෝකයම බලා සිටින බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නැයි ද මහේස්ත්‍රාත් වරයා අවවාද කළේය.

මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු මෙත්සිරි චාමින්ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම නඩුව අවසන්වනතුරු වදුරඹ, බද්දේගම, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම, නාගොඩ හා පෝද්දල පොලිසිවලට ඇතුළු වීමට අවසර නැත. ඒ යම් පොලිසියකට පැමිණිල්ලක කිරීමට අවශ්‍යනම් එය සහකාර පොලිස් අධිකාරී වරයකුට ඉදිරිපත් කරන ලෙස උසාවිය නියෝග කළේය. නඩුව යලි ජනවාරි 26 දිනට කල් තැබිණි.

Nishantha SAM_0588

 



අදහස් (0)

මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ

ප්‍රනාන්දු Monday, 29 December 2014 04:21 PM

ඇතුළු වුනොත් පිට වෙන්නත් බෑ.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 30 December 2014 07:37 AM

මේ මහත්වරුන්ගේ තරබාරු කමෙන් පේනවා දුවල පැනල ජනතාවට සේවයක් කරන උදවිය කියලා.

:       0       0

බන්දුල ‍ද සිල්වා Monday, 29 December 2014 05:24 PM

අනේ මන්දා! මේ මොන රටේ වෙන දේවල්ද කියලා හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

කමල් Monday, 29 December 2014 06:42 PM

ගිරවෝ, කොන්ද? (නදී)

:       0       0

හසිත් Monday, 29 December 2014 09:10 AM

මේ මනුස්සය විතරක් අල්ලාගෙන ලෝකෙට පේන්න අච්චු කරලා හරියන්නේ නැහැ. දැන් අන්න අර කලා කරුවන්ට ගහපු නිල පාට ඇඳ ගත්ත කට්ටිය අල්ල ගන්න ඕන නේද ? (නදී)

:       0       0

කුමාර් Monday, 29 December 2014 09:11 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි. දැන් ඉතින් ඡන්දෙ ඉවරවෙනකන්ම ගාලු දිස්ත්‍රික්කයේම ගිහින් ඩෙගා නටයි.(නදී)

:       0       0

ගගන Monday, 29 December 2014 07:46 PM

සලමන් ඛාන් නෙමෙයි මෙය නේ නළුවා. (ර)

:       0       0

සමීර Monday, 29 December 2014 09:31 AM

ඒක හොදයි.මෙයා තව ටික දවසක් ඇතුලේ තියන්න තිබ්බේ.(හේ)

:       0       0

ද සිල්වා Monday, 29 December 2014 08:44 PM

මොහු එළියේ ඉන්න එකෙන් අනෙක් පැත්තටයි වාසි (නි)

:       0       0

කුමාර් Monday, 29 December 2014 09:32 AM

නීතිය කාටත් සමාන විය යුතුයි.(හේ)

:       0       0

මොහමඩ් Monday, 29 December 2014 09:48 AM

ජනවාරි 26 නව රජය යටතේ නිසි දඬුවම ලබා දෙමු.(නදී)

:       0       0

සරත් Monday, 29 December 2014 09:57 AM

මොකද අප්පේ මේ එක පාරටම නීතියේ ආධිපත්‍ය පියාඹල ඇවිත් තියෙන්නේ ලංකා දෙරණට. මට අට වෙනිදාට වැරදීමක් වත් වෙයි ද (නදී)

:       0       0

ලලිත් Monday, 29 December 2014 11:46 PM

අවවාද කරලා වැඩක් තියෙයිද? (නි)

:       0       0

නඩරාජා Monday, 29 December 2014 10:30 AM

නිශාන්ත මහතාට ජයවේවා(දිල්)

:       0       0

සුජාන් Monday, 29 December 2014 10:41 AM

මෙයා ඡන්දේ ඉවර වෙනකන් හංගලා තිබ්බා නම් නරකද?(හේ)

:       0       0

අශේන් Monday, 29 December 2014 10:43 AM

මේ වගේ අයට ඡන්දේ දෙන අයට ගහන්න ඕනේ.(හේ)

:       0       0

උපාලි Monday, 29 December 2014 10:43 AM

මාධ්‍යවලට කරන ප්‍රකාශ වුනත් සැලකිල්ලට ගන්නවා එහෙනම්? හොඳ උපදේශයක් මෙයාවගේ හැසිරෙන අනික් අයටත්.(හේ)

:       0       0

පෙරේරා Monday, 29 December 2014 10:47 AM

අපේ කාලයේ වීර සුර එඩිතර පුංචි පුතෙක් .! මෙච්චර සැර පොලිසියටවත් බය නෑනේ (දිල්)

:       0       0

මගලි ෆොන්සේකා Monday, 29 December 2014 11:05 AM

ඔව් දැන් ඡන්දේ නිසා නීතිය ක්‍රියාත්මකයි.(හේ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Monday, 29 December 2014 11:31 AM

එකතරා නාඩගමක් මෙහෙම අවසන් වුනා , විනිසුරුගේ අවවාදය ඉතා වටිනා එකක් , මොහු මෙන් හැසිරෙන අනික් දේශපලුවන්ටත් පාඩමක් මේක.(හේ)

:       0       0

දිනේෂ් Monday, 29 December 2014 12:37 PM

කට්ටියට දැන් සතුටුද? (නි)

:       0       0

අභය Monday, 29 December 2014 12:39 PM

පංචස්කන්ධයේ තරමට මොළය තිබුනා නම් මොනතරම් වටිනා කියන කෙනෙක්ද? (නි)

:       0       0

අබේපාල Tuesday, 30 December 2014 02:56 AM

ජයවේවා! (නි)

:       0       0

විපුල Tuesday, 30 December 2014 04:44 AM

මේ තියෙන්නේ යහපාලනය. තව මොකටද මෛත්‍රී පාලනයක්.(දිල්)

:       0       0

දමිත් Saturday, 03 January 2015 04:43 PM

අනේ මන්ද මිනිහ හොදයි කියන කට්ටියක් ඉන්නවනේ මම ජනාධිපති නම් ගහනවා මඩු වලිගෙන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1032 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4161 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1292 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 755 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1076 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 720 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site