IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මුතුහෙට්ටිගම උසාවියට අපහාස කළාදැයි වාර්තාවක් ඉල්ලයි

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනෙක් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

එලෙස රිමාන්ඩ් කැරුණේ වෘත්තීය පුහුණු අධිකාරියේ රියදුරකු වන එ්. එම් ජනක දුමින්ද (36), ධීවර සංස්ථාවේ සේවකයකු වන කේ ජී ජානක කුමාර (38) සහ එස් ඒ දිමුතු ප්‍රදීප් (30) යන සැකකරුවෝ ය.

සැකකරුවන් රිමාන්ඩ් කළහොත් තමා ද රිමාන්ඩ් වන බවට නියෝජ්‍ය ඇමාත්‍ය මුතුහෙට්ටිගම මහතා කළැයි කියන ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වනවාදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරු 25 දෙනකු පෙනී සිටියහ. මුතුහෙට්ටිගම මහතා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශයකින් උසාවියට අපහාස වූ බව නීතීඥවරු අධිකරණයට දැන්වූහ.

වේදිකාව ගිනි තබන අයුරු වීඩියෝ පටයක සටහන් වී තිබුණ ද එය අපහැදිලි බව පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

මුතුහෙට්ටිගම උසාවියට අපහාස කළාදැයි වාර්තාවක් ඉල්ලයි

ප්‍රදීප් Friday, 19 December 2014 08:14 AM

අපරාදේ තව ඡන්ද ටිකක් හංසයාට අවා. මට බොහොම දුකයි.(හේ)

:       0       0

සරත් මනුහංශ දියතලාව Friday, 19 December 2014 07:16 PM

මේ වගේ මිනිසුන්ට ඡන්දය දෙන මිනිසුන්ගේ මොළය පරික්ෂා කිරීම යුගයේ අවශ්‍ය කරුණක් බව මේ වැඩ වලින් පෙනෙනවා නේද? ඇහුවොත් කියන්නේ දකුණේ කියලා.පේනවනේ ඔලුගෙඩියේ මොනවද තියෙන්නේ කියලා. (නි)

:       0       1

අලහකෝන් Friday, 19 December 2014 08:44 AM

මොනම නීතියකටවත් ගරු කරන්නේ නොමැතිද මේ පුද්ගලයා. මෙවැනි උදවියගේ විනයක් නැතිකමට පක්ෂ නායකත්වය වග කිව යුතුයි නේද?(හේ)

:       0       1

බණ්ඩාර Friday, 19 December 2014 08:44 AM

විනාශ වුන දේපල වලට ලක්ෂ 50ක් වන්දියත් සමග අය කරවා ගන්න.(හේ)

:       0       0

චමිලා Saturday, 20 December 2014 01:36 AM

මෙහෙම කෙනෙක් මෙහෙම දේවල් කිවුවා කියලා උසාවියට අපහාස වෙන්නේ නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       1       0

සිරිසේන Friday, 19 December 2014 10:05 AM

මෙවන් පුද්ගලයින් ගැන තීරණයක් ඉක්මණින් ගැනීම අත්‍යවශ්‍යයි (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 20 December 2014 03:02 AM

මමත් දකුණෙන් ආවට, සමස්තයක් වශයෙන් ගත්තහම රටේ වැඩියෙන්ම නීතියට ගරු නොකරන්නෙ, නීති කඩන්නෙ දකුණෙ මිනිස්සු. තවමත් අප වැඩි දෙනෙක් ලඟ තියෙන්නෙ ගෝත්‍රික ගති. ඒකයි රටෙි නීතිය වල් වැදිල තියෙන්නෙ. මමත් ඒ ගැන ලැජ්ජ වෙනව අවංකවම. (නදී)

:       0       1

ගුණසිංහ Saturday, 20 December 2014 03:18 AM

වාර්ථාව කුමක් කියා ලැබෙයිද?බලමුකෝ මේකේදි මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

සරසි Saturday, 20 December 2014 03:36 AM

අනේ ඇත්තට මෙහෙමත් ඇමතිවරු. මේ රටට පෙන්නන්නේ දකුණේ මිනිස්සුන්ගේ අභිමානේ වෙන්න ඇති. මෙයාට කොහොමත් නහරයක් වැඩියි. මට හංසයට ඡන්දෙ දෙන්න තරම් විශ්වාසයක් නැහැ. එ්ත් මෙහෙම පාලනයක් තවත් ඕනෙත් නැහැ. දේශපාලනයට ඇතුල් වීමට ඇති අවම සුදුසු කම අඩුම තරමේ උපාධියක්වත් කරන්න ඕනේ. (නදී)

:       0       1

තුසිත Friday, 19 December 2014 10:30 AM

මේ වගේ අය ගැන ඇයි තීරණයක් නොගන්නේ? (නි)

:       0       0

තෝමස් Friday, 19 December 2014 10:41 AM

නීතිඥයෝ 25 ට බර ගානක් ගෙවන්ට වෙයි වගේ. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ.(හේ)

:       0       0

සාන්ත එදිරිසිංහ Friday, 19 December 2014 10:54 AM

මුතුහෙට්ටිගමගේ ඔලුව නැවතත් පරික්ෂා කරලා බැලුවොත් නරකද?(හේ)

:       0       1

ධනු Friday, 19 December 2014 11:17 AM

අනේ මන්දා..මිනිස්සුන්ගේ කොහේ තියන මොළෙන්ද මේ අයට ඡන්දේ දෙන්නෙ..(හේ)

:       0       0

සම්පත් Saturday, 20 December 2014 05:16 AM

මහ කකුළුවා යන පාරේ තමයි පොඩි වුනුත් යන්නේ.(හේ)

:       0       0

අමල් Friday, 19 December 2014 11:55 AM

ප්‍රදීප් ඔය හංස පාක්ෂිකයෙක්. ආවා යයි කියන්නේ ඒකයි. (නදී)

:       0       0

උයන්ගොඩ Friday, 19 December 2014 12:01 PM

දේශපාලනයෙන් තුරන් විය යුතු මේ වාගේ අයයි. මොවුන් නිසා පක්ෂයත් ජනාදිපති තුමාගේ නමත් කැත වෙනවා (නදී)

:       0       0

අනිල් Friday, 19 December 2014 01:26 PM

යහ පාලනය අවශ්‍ය මේ වගේ අය දේශපාලනයෙන් එලවන්න .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 278 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 206 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 553 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 254 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site