IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මැති ඇමැති දේපළ හානියෙන් කෝටි 2000කට වැඩි පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම ඇතුළු දේපළ හානි කිරීම්  නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින්  පැවැසේ.

මේ අතර රක්ෂණය කෙරුණු දේපළ  සඳහා වන්දි ගෙවීමට එකවර විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා රක්ෂණ සමාගම්  බරපතළ  ප්‍රශ්නයකට මුහුණදී සිටින බව වාර්තා වේ.

පසුගිය දිනවල ඇතිවූ කලහකාරී සිද්ධීන්වලින් පසු  මැති ඇමැතිවරුන් 55 දෙනෙකුගේ නිවාස ගිනිබත් විය.

එම සිද්ධීන්වලදී වාහන දෙසීයකට වැඩි සංඛ්‍යාවක්ද විනාශවී ඇතැයි පොලිසිය පවසයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත හමුවට  පැමිණි නියෝජිතයන් රැගෙන ආ බස්රථවලින් 40ක් පමණ ප්‍රචණ්ඩකාරීන් විසින්  ගිනි තබා විනාශ කරනු ලැබ තිබිණ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවෙසකට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 200 කට ආසන්න බව පැවසේ.

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන දෙනියාය ප්‍රදේශයේ  හෝටල්  සංකීර්ණයකට ගිනි තැබීමෙන්ද එවැනිම පාඩුවක් සිදුවී ඇතැයි  පොලිසිය පවසයි.



අදහස් (13)

මැති ඇමැති දේපළ හානියෙන් කෝටි 2000කට වැඩි පාඩුවක්

කුසල්හාමි Saturday, 14 May 2022 12:43 PM

ඉතිං බැසිල්ට, යෝෂිතට එහෙම එව්වා හදන්න ඔය කියන තරම් සල්ලි කන්දරාවක් තිබිලා තියෙන්නේ කොහොමද?

:       3       81

de silva Saturday, 14 May 2022 12:56 PM

මේවට වන්දි ගෙවීමට පෙර මෙම දේපළවල නියම අයිතිකරුවන් කවුද? ඔවුන් මෙම දේපළ ගොඩනගන්න මුදල් උපයාගත්තේ කොහොමද? ඔවුන් එම වත්කම්වලට පසුගිය අවුරුදු 10තුළ ආදායම් බදු ගෙවලා තිබෙනවාදැයි යන්න සොයාබැලිය යුතුවේ. මල්වානේ ගෙදරට අයිතිකරුවෙක් නැති නිසා වන්දි ගෙවන්නේ කාටද?

:       2       51

Prabha Saturday, 14 May 2022 12:57 PM

රක්ෂණයෙන් ගෙවන්න නම් ඒ දේපළ මිලදී ගැනීමට වත්කම් උපයපු විදිහ හෙළිකරන්න කියන්න.

:       2       46

Naveen Saturday, 14 May 2022 01:11 PM

ඕක ඇත්ත නම් ඕකුන් ටික ඔය කෝටි 2000 හොයාගත්තු හැටිත් කියපල්ලකෝ...!

:       1       47

Willow Drive Saturday, 14 May 2022 01:42 PM

මේතරම් විශාල මුදලක් මොවුන්ට ලැබුණේ කොහොමද, හොයන්නේ නැද්ද?

:       1       42

[email protected] Saturday, 14 May 2022 02:35 PM

අපි බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියාම දාහක් අහනවා. ඊට අමතරව අපේ පඩියට එන සල්ලිවලින් මොකක් හරි ඉතුරුවක් කරන්න ගියාම සල්ලි කොහෙන්ද? අරකද? මේකද? කී දාහක් අහනවද? අන්න ඒ වගේම ඔය දේපල කොහොමද උපයාගත්තේ...? එච්චර මුදල් කොහෙන්ද කියලා සොයා බලලා පමණක් රක්ෂණ ගෙවීම කරන්න..

:       1       29

Jaya Saturday, 14 May 2022 02:58 PM

රක්ෂණ මුදල් දෙන්නේ අයිතිකරුට. මෙන්න හොඳ අවස්ථාවක්... විගණනය කරලා ඒ මුදල රාජසන්තක කරන්න.

:       1       26

චන්දන Saturday, 14 May 2022 03:49 PM

ඇත්ත... රක්ෂණයෙන් සල්ලි අරගෙන තිබුණාට වැඩිය හොඳින් බංගලා හදාවි. ගෙවල්වලට, බස්වලට ගිනි තියපු ගොන්නු ඒක දැනගෙන හිටියෙ නැත්ද? මීට කලින් ඇතිවූ ජාතිවාදී කලබල වලින් පස්සේ ගොඩනැගිලි හදපු හැටි මතක ඇති නේද?

:       4       16

විපරමා Saturday, 14 May 2022 04:06 PM

දූෂිත දේශපාලුවන් කරලා තියෙන හොරකම්, වංචාවල හැටියට තමුන්ගේම මුදලින් ඕවා හදාගන්න බැරිකමක් නැහැ.

:       1       12

de silva Saturday, 14 May 2022 06:11 PM

රක්ෂණය කරන්න ගියාම දේපළ තක්සේරු කරනවා. එම නිසා ආයත ක්‍රමවලින් මුදල් උපයපු දේශපාලකයෝ ඕවා රක්ෂණය කර නැහැ. දැන් මේ හදන්නේ රජයෙන් මේවට වන්දි ගන්න. අපි අවධානයෙන් ඉන්න ඕනේ...

:       2       12

Kumara Saturday, 14 May 2022 07:04 PM

සතයක්වත් ගෙවීම් කරන්න එපා. මෙයාලා හම්බකළ විදිහ හොයන්න...

:       1       9

ගමේ එකාලා Saturday, 14 May 2022 08:19 PM

මැති ඇමතිවරුන් ගේ නිවාස දිහා බැලුවාම පේනවා කොහොම සූඛෝපභෝගි විදියට ජීවත් වෙන්න ඇත්ද කියලා. මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ වලින් ගසාකෑවා. ජනතාවගේ ලේ, දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු. ජනතාව මහපාරට වැටෙන තැනටම වැඩ කෙරුවා.

:       1       7

Ruwan R Saturday, 14 May 2022 09:14 PM

පව්, නොකා නොබී හම්බකරලා හදලා තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 360 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 682 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 424 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1148 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 656 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2904 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1887 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site