IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


’’මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා’’

(සුජිත් හේවාජුලිගේ)

මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය 2015 වර්ෂයේ සිට එන   ලක්ෂ දාහතරකට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වන බව වාර්තාවේ දැක්වේ.

මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන් කරන වාර්තාව ජය වඩන ගමන නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරින් 18 දෙනෙකුගෙන්ද කෝටියකට ආසන්න මුදලක් අය කරගෙන නොතිබූ බව ප්‍රකාශ කරයි.

තවද ආයතන තිස් දෙකකින් ගොඩනැගිලි කුලී වශයෙන් කෝටි 33කට වැඩි මුදලක් අමාත්‍යාංශයට ගෙවා නොතිබූ බව වාර්තාව සඳහන් කරයි. 

එම හිඟ කුලී මුදලින් සියයට දහඅටක්  එනම් කෝටි හයකට වැඩි මුදලක් අයවීමට ඇත්තේ අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ බංගලා සංචාරක භංගලා සහ නිල නිවාස වලින් බව විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (4)

’’මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා’’

AB Tuesday, 25 June 2024 04:55 AM

මැති ඇමති පනස්හයක් සහ පදිංචිව සිටි රජයේ නිලධාරින් ගෙවල් කුලියට පොලු තියලා’ නම් එම මුදල ඔවුන්ගේ වැටුපෙන් අයකරගන්න ක්‍රමවේදයක් හදුන්වා දීම තුල ගෙවල් කුලිය ඍජුවම රජයට ලැබෙනු ඇත

:       0       1

siripala Tuesday, 25 June 2024 05:24 AM

බලන්න.. මේ කියන කාලය තුල මාරුවෙන් මාරුවට රට පාලනය කලේ කව්ද කියලා ...කොච්චර කිව්වත් මහපක්ශවල ඉන්නේ ලෝක හොරු, නැත්නම් පොලුකාරයෝ කියන එක තේරුම් ගන්න බැරි අවාසනාවන්ත ජාතියක්...මීවා දැක දැකත් උන්ට කඩේ යනවා..මාලිමාවේ මිනිස්සු බෙරිහන් දෙන්නේ මෙන්න මේවට...

:       0       1

තොත්ත බබා Tuesday, 25 June 2024 05:51 AM

වරද තියෙන්නෙ පාර්ලිමේන්තුවේ මංත්‍රී වැටුප් සැකසීම කරන අයගේත් ඇමතිලාගෙ වැටුප් සකසන අයගේත් අතේ තමයි ගෙවල් දෙනවිට ඉල්ලීමක් අනුව දෙන නිසා වැටුපෙන් අය කරන්න කැමැත්ත අවශ්‍ය නැහැ කොහොම හරි මැති ඇමතිලා පමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලයේ අයත් රජයට අයවිය වීමට ඇති මුදල් ගැන අවධානයක් නැහැ කියලා පේනවා

:       0       1

C.K.Lankaputhra Tuesday, 25 June 2024 07:02 AM

තවමත් මුන්ට කතිරෙ ගහන්න හිතාගෙන ඉන්න අන්ධයො බීරො හරිනං ඉන්න ඕන අංගොඩ නේද?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 58 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 347 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2322 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 248 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1012 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1050 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37585 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24772 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 256 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site