IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මත් උවදුර මඩින්න සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමෙි පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙි පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමෙි දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කළේය.

මෙි සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද මා පියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවැසූයේ  අයිස් මත් ද්‍රව්‍ය  ප්‍රවාහනය  ඉතා පහසුයි බවත් මේවා වැලැක්වීම  සඳහා නීතියක් නැති බවත්ය.

 



අදහස් (12)

මත් උවදුර මඩින්න සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

ganegoda Wednesday, 07 September 2022 12:41 PM

අනිත් රටවල් වල වගේ පොලිස් සුනකයින්ගේ සහාය ලබා ගත්තානම් පහසුවෙන් මත් උවදුර මඩින්න හැකි වෙයි

:       1       8

sisilWednesday, 07 September 2022 05:33 PM

පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරාගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම කළහැකි වුවත් සියල්ලන්ගේම නිලඇඳුම් ඉවත්කිරීමට නොහැක. පාසල තුළ ඔත්තු සේවයක් ආරම්භ කරන්න.

:       0       2

Viraj Perera Wednesday, 07 September 2022 01:00 PM

පොත්බෑග් බලනවා කියලා කළින්ම කිව්වාම කොහොමද?

:       1       6

ලුම්බිණි Wednesday, 07 September 2022 01:19 PM

මේක සම්පූර්ණයෙන් අනවශ්‍ය දෙයක්. ළමයින්ට කරන අපහාසයක්... මත්ද්‍රව්‍ය ගෙන්වන අය සහ බෙදාහරින අය ගැන බලන්න...

:       10       9

මොහොඩයාWednesday, 07 September 2022 02:09 PM

මෙවන් ‌අමන කතා USවල මිනිස්සුත් කිව්වා. ළමයින්ගේ ‌පෞද්ගලිකත්වයට කරන අනිසි බලපෑමක් කිව්ව‍ා. නිදහස නැති කිරීමක් කිව්වා. අද බලන්න ෆිලඩෙල්ෆියාවල තත්වය පාරපුරා මිනිස් අසූචි බෑග් පිරිලා.. මේක හොඳ වැඩක්.

:       1       4

War on Drugs? Portugal might be the answerWednesday, 07 September 2022 03:26 PM

මෝඩ වුණාට ප්‍රදර්ශනය කරන්න එපා. දැනටමත් බොහෝමයක් පාසල්වල මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමයින් ඉන්නවා. ඔවුන් හරහා තවතවත් ළමයින් ඇබ්බැහි වීමකට හුරුවෙනවා. මේක හරියට පිරමිඩ බිස්නස් එක වගේ. වැඩිවෙනවා මිසක් අඩුවක් නැහැ. දැනටමත් ලංකාවේ පාසල් වල ළමයින් 30000-40000 මතට ඇබ්බැහි වෙලා කියලා බෙහෙත් කරන දොස්තර කෙනෙක් මා හට පැවසූවා. පාසල්වලට මත්කුඩු ගෙනියන විවිධ උපක්‍රම තියෙනවා, ඒවා පොලිසිය දන්නවා. බොහෝවිට පහල පන්තිවල දරුවන්ගේ බෑග්වලට දමා ප්‍රවාහනයත් සිදුවෙනවා. හොඳම දේ STF, හමුදා කාන්තා සහ පිරිමි සොල්දාදුවන්, සුනඛයින් යොදා පරික්ෂා කිරීම ඊ ළඟට ඉක්මණින්ම කළයුත්තේ මතට හුරු වූ දරුවන් හොයා ගැනීම සහ ඔවුන් පුනරුත්ථාපනය කිරීම. ලේසි වැඩක් නොවේ, නමුත් කළයුතුමයි. මීට අමතරව, මතට ඇබ්බැහි වුවන්ට අවශ්‍ය බෙහෙත් දෙන එක රජය කරන්නම ඕනේ. ඒ හරහා මත් කුඩු වලට තියෙන වෙළඳ පොළ වටිනාකම නැති කරන්නම ඕනේ. වෙළඳුන්ට මරණ දඬුවම දියයුතුමයි. ලේසි නැහැ නමුත් කළයුතුමයි. මත්කුඩු නිසා රටෙන් පිටවන විදේශ විනිමය ප්‍රමාණය මසකට බිලියන ගානක් වියයුතුයි.

:       0       4

namalWednesday, 07 September 2022 05:33 PM

දන්න දෙයක් කතා කරන්න... මම ඉන්නේ ඇමරිකාවේ, ඇමරිකාවේ පාසල් ළමයි නම් ඔය වගේ බයියන් හිතාගෙන ඉන්න විදිහට පාරේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ... ෆිලඩෙල්ෆියා නෙමේ හැම නගරයකම මත්ද්‍රව්‍යට අබ්බැහි වූ අය ඉන්නවා.. යුරොපයෙත් එහෙමයි. හැබැයි, ඒ පාසල් ළමයි නෙමෙයි.!

:       0       2

Kule Wednesday, 07 September 2022 01:42 PM

ඔයගමන් ගුවන්තොටුපළවල්වලට වී.අයි.පී. කාරයින්ගේ ගමන්මලුත් බැලුවා නම් නරකද?

:       0       6

කිරිපුතා Wednesday, 07 September 2022 01:51 PM

පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ... කුඩු විකුණන අයව වටකරලා අල්ලන්නේ නැතිව අහිංසක දරු පැටවුන්ට හිරිහැර කරන්න හදනවා...!

:       3       8

සඳුන් Wednesday, 07 September 2022 02:00 PM

ඊට වැඩිය ලේසි නැද්ද ඇමැතිතුමා ඔය දියවන්නාවේ ඉන්න අයගේ එකවුන්ට්ස් ටික චෙක් කළා නම්...!

:       1       8

shadow Wednesday, 07 September 2022 02:27 PM

පාසල්වල ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථානවල පොලීසිය, පොලිස් සුනඛයින් සමග රැඳී සිටිය යුතුයි...!

:       1       5

fairoos Wednesday, 07 September 2022 06:18 PM

ජාවාරම් කාරයන් අල්ලන්න වැඩ පිළිවෙළක් නැහැ. නිකන් බයිලා විතරයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 98 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 128 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 253 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 940 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2563 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 340 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1811 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site