IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මාතෘ භූමියේ ගමනක අවසානය‘ විමල් අපේ ගමින් අරඹයි

රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කාලීන දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු ඇතුළත් ‘මෘතෘභූමියේ ගමනක අවසානය’ නම් වූ දේශන මාලාව අද (19) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ‘‘අපේ ගම’’ පරිශ‍්‍රයේදී ඇරඹිණි.

ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කර ඇති මෙහි පළමු දේශනය එහි නායක විමල් වීරවංශ මහතා සිදු කළේය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප‍්‍රියංගා කොතලාවල, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

wimale_201611901 wimale_201611902 wimale_201611903



අදහස් (0)

‘මාතෘ භූමියේ ගමනක අවසානය‘ විමල් අපේ ගමින් අරඹයි

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 20 January 2016 06:42 AM

දහම්, විමල්ගේ හැකියාව, දක්ෂකම, දර්ශනය සහ අධිෂ්ඨානය ගැන ලියන්නත් ලැජ්ජයි මට. ඇමරිකාවට බැන බැන බිරිඳව හොර පාස්පෝර්ට් වලින් ඒ රටවලටම යවනවා. යුරෝපයට බැන බැන එහෙ ගිහිල්ලා ලංකාවේ ආණ්ඩුවට බනිනවා. එල්ලෙන්න වැල් නැහැ දැන්. (නි)

:       0       0

කුසුම් Tuesday, 19 January 2016 08:04 PM

මොහුට සියල්ලම පෙනෙන්නේ කුමන්ත්‍රණ ලෙසයි. (නි)

:       0       0

චින්තක Tuesday, 19 January 2016 08:16 PM

විමල් වගේ අය තව දහදෙනෙක් හිටියා නම් ඇති මේ රට ගොඩගන්න (නි)

:       0       0

කෙනත් Tuesday, 19 January 2016 08:15 PM

මම නම් මොහුට කැමති නැහැ (නි)

:       0       0

සොපි Wednesday, 20 January 2016 06:44 AM

අලුත් ගමනක් අරඹමු ... කියලා නම දැම්මා නම් මීටවඩා හොඳයි නේද? (නි)

:       0       0

රාධා Tuesday, 19 January 2016 08:24 PM

එතකොට අපිට විදේශ ගමන් බලපත්‍ර අරගෙන කොහේ යන්න වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

අර්නෙස්ටෝ Tuesday, 19 January 2016 08:32 PM

දහස් ගණනින් රැස්වෙත්වා! (නි)

:       0       0

සාමා Tuesday, 19 January 2016 10:32 PM

සූ ගාලා සෙනඟ හෝල් එකම පිරෙන්න. මාතෘ භුමියේ අවසානය කෙසේවෙතත් තමුන්ගේ දේශපාලනයේ අවසානය නම් ඉතාම ළඟ බව මුළු රටටම පෙනෙනවා දැන් හොඳටම. (නි)

:       0       0

අරුණ Wednesday, 20 January 2016 07:15 AM

විමල් මහත්තයෝ, මේ තරම් දේශද්‍රෝහීන් සිටින රටක් බේරාගන්න උත්සාහ කරන්න යන්න එපා. ඕනෑදෙයක් වුණාවේ කියලා අත්හැරලා දාන්න. යහපාලනයට රටේ ජනතාවගේ ධනය විතරක් නොවේ දේශයත් ගිලගන්න ඉඩ හරින්න. (නි)

:       0       0

ශාන් Wednesday, 20 January 2016 07:18 AM

මේ වගේ තව එක් කෙනෙක් හිටියා නම් කොහොමත් රටේ අවසානය තමයි. (නි)

:       0       0

ටානි Wednesday, 20 January 2016 12:32 AM

මහතාණෙනි, ඔබේ උත්සාහයට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 January 2016 12:38 AM

මෙතුමාගේ සංකල්ප හොඳයි. නමුත් ක්‍රියාවෙන් නම් නම කැතකරගෙන ඉවරයි! (නි)

:       0       0

සිරිමල් Wednesday, 20 January 2016 12:38 AM

මෙම දේශනයේ මාතෘකාවට මම නම් කැමති නැහැ (නි)

:       0       0

උපසේන Wednesday, 20 January 2016 01:21 AM

විමල් සහෝදරයාට ජයවේවා! (නි)

:       0       0

නොයෙල් Wednesday, 20 January 2016 01:15 AM

ගමනක අවසානය වුවත් එය මාතෘ භූමියේ නොවේ (නි)

:       0       0

සඳරුවන් Wednesday, 20 January 2016 01:31 AM

විමල්, ගම්මන්පිල සහ දිනේශ් වැන්නන් මඩේ සිටවූ ඉනි සේ හතර අතට නැමුනේ නැත​. ඇමතිකම් හමුවේ කශේරු ස්ථම්භය උගස් තැබූවේ නැත. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ලලිත් Wednesday, 20 January 2016 01:43 AM

ඔය දේශනා මාලාව අවසන් වෙන්නේ ජපානෙන්ද? නැතිනම් ඉතාලියෙන්ද? නැහැ මම අහන්නේ මේ පාවිච්චි කරන ගමන් බලපත්‍රය ගැන දැනගන්න (නි)

:       0       0

යමුනා Wednesday, 20 January 2016 07:53 AM

මහින්ද සමග විමල් ආණ්ඩුව තිබුනානම් රට අවසන්.දැන් අපිට අපේ රට තියෙනවා. (බ)

:       0       0

සංඛ Wednesday, 20 January 2016 01:52 AM

මාතෘ භුමියේ ගමනක ආරම්භයයි මේක. අවසන් ගමන් යමින් හිටියේ. යන්තම් බේරුනා ලංකාවේ මිනිසුන්ගේ වාසනාවට. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 20 January 2016 02:04 AM

චින්තක, ඔයාට යමක් තේරුම්ගන්න ශක්තියක් නැද්ද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 20 January 2016 02:08 AM

අසුබවාදීව හිතන්න එපා (නි)

:       0       0

නිල්හාන් ජයවර්ධන Wednesday, 20 January 2016 08:36 AM

මොහු කෑගහන්නේ ඔහුගේ පැවැත්මට පමණි. අහගන ඉන්න තරුණ දේශපාලනයක් මොහු ළඟ නැත. කාලය කා දමන්ඩ එපා. (බ)

:       0       0

නාරද Wednesday, 20 January 2016 02:30 AM

ලලිත්,එක එක රටවලට යන්න වෙන වෙනම පාස්පෝර්ට් ඕනෑ නැහැ (නි)

:       0       0

පෙරේරා Wednesday, 20 January 2016 02:31 AM

සමහරුන්ගේ දේශපාලන ගමනේ අවසානයේ ආරම්භයද කොහෙද (නි)

:       0       0

මිහිර Wednesday, 20 January 2016 02:30 AM

අසුබවාදී අරමුණකින් අරඹන වැඩක් කවදාද හරිගියේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 20 January 2016 02:31 AM

රටේ ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන කරන බොළඳ ක්‍රියාවක් ලෙසයි මම මෙය දකින්නේ. කොයි කාගේත් කෙරුවාව ගැන රටේ ජනතාව හොඳින් හඳුනාගෙන තිබෙන බව පසුගිය මැතිවරණ වල ප්‍රතිඵල වලින් පැහැදිලිවුවා. ඉදිරි මැතිවරණයකදී ලැබෙන ප්‍රතිඵලය තවත් වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. ඒක මේ වගේ බොරුවලින් රැවටුණු ජනතාවගේ ප්‍රතිඵලය නොවෙන්න පුළුවන්. (නි)

:       0       0

සහන් Wednesday, 20 January 2016 02:51 AM

අපි පතනවා හොරුන්ගේ සහ කම්බ හොරුන්ගේ අවසානය වේවා කියලා (නි)

:       0       0

දේවි Wednesday, 20 January 2016 09:31 AM

සන්ධානෙට එකතු නොවුනානම් ඔබේ දේශපාලන ගමන අවසන්වී බොහෝ කල් ඔබව ළංකරගත් නිසා අපරාදේ මහින්ද මහතාගේ ගමන අතරමග. (බ)

:       0       0

සුනිල් Wednesday, 20 January 2016 03:23 AM

මෙයා කියපු හැටියට දැන් මහින්ද විදුලි පුටුවේ අලුවෙලා. දැන්වත් කට වහනවා නම් හොඳයි. (නි)

:       0       0

රවී Wednesday, 20 January 2016 03:40 AM

අර හදල දුන්න ගෙවල් වලට සල්ලි දීලම ඕක පටන් ගත්තනම් තමා හොද (බ)

:       0       0

දහම් Wednesday, 20 January 2016 03:58 AM

විමල්ගේ හැකියාව, දක්ෂකම, දර්ශනය සහ අධිෂ්ඨානය විශිෂ්ටයි. කුහකයෝ අපහාස කළාට දැනට රටේ සිටින ජනතාව වැඩියෙන්ම ආදරය කරන නායකයෙක්. මනාප ප්‍රතිපල වලින් එක හැමදාම ඔප්පු වෙනවා. රටේම මනාප තරගයක් රනිල්, සිරිසේන, විමල් අතර තිබ්බොත් දැන ගන්න පුළුවන් කවුද වැඩියෙන්ම ජනප්‍රිය කියල. (බ)

:       0       0

චන්ද්‍රා Wednesday, 20 January 2016 04:21 AM

විමල් හිතන්නේ රටේ ඔක්කොම තණකොළ කන අය කියල. පැටිකිරිය දන්නා හැමෝම දන්නවා එයා කව්ද කියල.. ඉස්සෙල්ල තමන් ආදර්ශමත් චරිතයක් වෙන්න බලන්න..(බ)

:       0       0

ඇසළ Wednesday, 20 January 2016 04:24 AM

කියන්නේ දේ හරිද නැද්ද කියල තේරෙන්න හරියට මොලයක් තියෙන්න ඕනේ. මොලේ උඩ ඉඳගෙන ඉන්න අයට එ්ක තේරෙන්න නැහැ. (බ)

:       0       0

රොෂාන් Wednesday, 20 January 2016 04:22 AM

දේශන තියන්න මෙයා මහාචර්යවරයෙක්ද? තමන් දන්නේ නැහැ තමන් මොනවද කරන්නේ කියලා (බ)

:       0       0

දසුන් Wednesday, 20 January 2016 04:35 AM

විමල් ට බනින අය ජාතික මතය කියන්නේ මොකද්ද කියන්නේ කියල හොයල බලන්න...කොච්චර බැන්නත් යුද්ද කළ රට මතය හදන්න ඔබ කළ දේවල් අනර්ඝයි...(බ)

:       0       0

අතුල Wednesday, 20 January 2016 04:37 AM

දහම් විමල්ට කිව්වා නම් එයාගේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්න කියල අපිට බලා ගන්න තිබුන එයාගේ ජනප්‍රියකම. (බ)

:       0       0

නිහාල් Wednesday, 20 January 2016 04:36 PM

ඔයාලත් එදා යුද්ධය දිනීමෙන් පසු පවුල්වාදය තර නොකර පිස්සු නටන්නේ නැතුව ,එකම නීතියක් යටතේ කාටත් සාමයෙන් ජීවත්විය හැකි රටක් හැදුවා නම් අද මේ රට විදෙස් අතකොළුවක් වන්නේ නැත. අද රටට වෙන විනාශයට ඔබත් වගකිව යුතුය. මාතෘ භූමියේ අවසානය කියන එක මුලට අපේ වරද නිසා කියලා දැම්මොත් වඩාත් හොඳයි නේද? (නි)

:       0       0

ජෙහාන් Wednesday, 20 January 2016 05:22 AM

මම නම් කියන්නේ ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර වල ඉරණම යන්න මෙතුමාට වඩා සුදුසු මාතෘකාවක් (බ)

:       0       0

ඉමේෂ් Wednesday, 20 January 2016 05:27 AM

අන්න අරහේ සීපා අත්සන් කරනවා. කෝ මෙයා දැන් එකට කතාවක් නැද්ද? (බ)

:       0       0

නිසංසලා Wednesday, 20 January 2016 05:32 AM

මේ තරම් බුද්ධිමතා මොකද 9 පන්තියෙන් උඩට යන්න බැරිවුනේ ?කොටු පනින උදවියට ගෙවල් දීලා නඩු ළග නිසා අවසානය ළගයි තමා. (බ)

:       0       0

ඉන්දික Wednesday, 20 January 2016 05:32 AM

ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට. (නි)

:       0       0

මනෝජ් Tuesday, 19 January 2016 04:39 PM

කාගේ අවසානයද කියලා අපි බලමුකෝ (නි)

:       0       0

දර්ශන Tuesday, 19 January 2016 04:50 PM

මාතෘභූමියේ අවසානය ප්‍රාර්ථනා කරන විමල් වීරවංශ රටේ වීරවංශය ලියලා ඉවරයිද? (ර)

:       0       0

පතිරණ Tuesday, 19 January 2016 05:39 PM

නිකන් ජනතාව අන්දවන්නේ නැතිව ඉන්න. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 19 January 2016 06:05 PM

මේ කරන කියන දේවල් වල හැටියට "විමල් සහෝදරයාගේ දේශපාලන ගමනක අවසානය" කියලා දැම්මා නම් කාටත් පහසුවෙන් තේරුම් ගන්න තිබුණා.දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජීවිතය අලලා නිපදවූ "ගමනක අවසානය" චිත්‍රපටිය නොතිබුණා නම් මෙයාලගේ රැස්වීම් වලට හුළං තමා... (නි)

:       0       0

නිශාන්ත Wednesday, 20 January 2016 06:14 AM

මෙයා ගැන අපි කතාකරන්න කැමති නැහැ (නි)

:       0       0

නිමල් Wednesday, 20 January 2016 06:16 AM

සුබ පැතුම් ඔබට (බ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 19 January 2016 07:14 PM

මාතෘ භුමියේ ගමනක අවසානය සිදුවෙනවා තමයි නුසුදුස්සන් දේශපාලනයට ආවහම (නි)

:       0       0

කුමාර Tuesday, 19 January 2016 07:50 PM

පව් කියලා හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 299 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 993 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 989 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 509 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1039 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1779 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site