IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මිදිගම අනතුර සිදුකළ හමුදා නිලධරයාගේ සේවය අත්හිටුවයි

වැලිගම, මිදිගම ගුරුබැවිල ප්‍රදේශයේදී තිදෙනකුට මරු කැඳවූ රිය අනතුරට සම්බන්ධ මෝටර් රථය පැදවූ ලුතිනන් කර්නල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද පියවර ගත් බව යුද හමුදා මූලස්ථානය කියයි.

වැටුප් රහිතව මාතර ආපදා කළමනාකරණ ප්‍රධානී ලෙස කටයුතු කළ එල්.බී.අත්තනායක ලුතිනන් කර්නල්වරයාගේ  සේවය අත් හිටුවා ඇති අතර රිය අනතුර සම්බන්ධයෙන් හේවා බළකායේ විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ගාමිණී සිරිසේන හා නීති අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක කර්නල් එඩ්වඩ් ජයසිංහ යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

මිදිගම අනතුර සිදුකළ හමුදා නිලධරයාගේ සේවය අත්හිටුවයි

මල්ලි Friday, 10 July 2015 04:17 AM

වාහන පදවන විට නින්ද යන අයගේ රියදුරු බලපත් අවලංගු කළ යුතුයි (ම)

:       0       0

සංජීව Friday, 10 July 2015 05:09 AM

මාගේ රියැදුරු උපදෙශක තුමා මට කියාදුන් පලමු පාඩම තමා පදවන වාහනය මහපාරට දැමීමට පෙර හැම රියැදුරෙකු විසින් ම පරීක්ෂා කොට සහතික විය යුතු කරුණු පහකි. 1. රථය සුදුසු තත්වයෙන් තිබිය යුතුය 2. තමා වාහනය පැදවීමට සුදුසු තත්වයෙන් සිටිය යුතුය 3. තමාට වාහනය පැදවීමට බලපත්‍රයක් තිබිය යුතුය 4. අදාල රථය සඳහා නිසි බලපත්‍රයක් තිබිය යුතුය 5. රථය රක්ෂණය කොට තිබිය යුතුය ඉහත අංක 2 අනුව තමා සුදුසුතත්වයෙන් සිටීම යනු මනා සෞඛ්‍ය තත්වයකින් යුතුව ( හොඳ ඇස් පෙනීම, රථය ධාවනය කිරීමට අපහසු වන ආබාධ වලින් තොර වීම, මත්පැන් හෝ මත් ද්‍රව්‍ය පානය කොට නොසිටීම, නිදිමතින් නොසිටීම හෝ නිදිමත ඇතිවන ඖෂධ නොගෙන සිටීම සහ රථය පැදවීම සඳහා යහපත් කායික හා මානසික තත්වයෙන් යුක්ත වීම ) රථය ධාවනය කිරීමට අවශ්‍ය වන්නාවූ ආරක්ෂිත බඳපටි හෝ හිස් ආවරණ පැලැඳ සිටීම අදහස් වේ. ඒ අනුව නිදිමත නිසා යම් අනතුරක් සිදුවීම නිදහසට කරුණක් නොවේ (බ)

:       0       0

සේපාලි Friday, 10 July 2015 05:46 AM

කොහොමත් ඒ අය වාහන එලවන්නේ එයාලට කිසිම නීතියක් අදාල නැති විදියට.(හේ)

:       0       0

පෙරේරා Friday, 10 July 2015 06:23 AM

වාහන පදවන විට නින්ද යන එක කාටවත් නවත්වන්න බැහැ, ඇත්තටම නිින්ද නොයාම නෙවෙයි, එක ඉරියව්වක නිසා කළු ඉංගිරියාව නොපෙනී යනවා, එය අරාබිකරයේ කාන්තාර හරහා යනවිට වෙන දෙයක් (ම)

:       0       0

පෙරේරා Friday, 10 July 2015 08:23 AM

මාස හතක දෙමල කොල්ලෙක් එක්ක හත් දෙනෙක් මැරුව කියල දිග දුර බලකායේ රණවිරුවෙක්ට මරණ දඬුවම, දැන් මේ තුන් දෙනෙක් මැරුව කියල මේ රණ විරුවාව සේවයෙන් ඉවත් කරලා. මෙහෙමද රණ විරුවන්ට සලකන්නේ. මගේ ඊළඟ ඡන්දෙ මහින්දට. මේ රණ විරුවෝ දෙන්නව බේරා ගන්න. (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 09:21 AM

මේ ආණ්ඩුව රණවිරුවන්ට සළකන හැටි දැක්ක නේද? (ම)

:       0       0

දම්මික Friday, 10 July 2015 09:27 AM

පෙරේරා .. මමත් ඔයාට එකඟයි. හමුදා නිලධාරියෙක් හැමවිටම හමුදා නීතියට මෙන්ම සිවිල් නීතියටත් යටත්. හිරේ දාල නඩු අහල තුන් දෙනෙකුගේ ජීවිත අහිමි කලාට නිසි දඩුවම් දෙන්න. නීතිය කටත් පොදු වෙන්න එපාය.මෙයා හැමදාම සේවයට වාර්තා කරන්නේ පරක්කු වෙලා නම් සේවා අත් හිටවන්නත් පුළුවනි.පටි ගලවන්න එහෙමත් පුළුවනි. (ස)

:       0       0

ප්‍රදීප් Friday, 10 July 2015 09:31 AM

පිවිතුරු යහපාල ල වගේ පාසල් නොගිය අය තවත් ලංකාවේ ඉන්නවා. එ්ක මහා කරුමයක් රටේ අනිත් ජනතාවගේ. (ස)

:       0       0

උපුල් Friday, 10 July 2015 09:32 AM

පෙරේරලාගේ මොලේ තරම අනිත් අයට තේරෙන්න දෙන්න එපා. රණවිරුවො තියා අම්මා උනත් වැරැද්දට දඬුවම් දෙන්න ඕනෑ. (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 09:35 AM

ප්‍රදීප් රටේ රණවිරුවන්ට අපහාස කරන ඔබ කුහකයෙකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 213 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 63 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1253 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 493 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1179 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 228 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30098 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23671 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site