(අංජුල මහික වීරරත්න)
මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමත්, එහි අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාමත්,අදායම් තත්වය ඉහළ නැංවීමත් සහ මෙරට සහ ජාත්‍යන්තර මුද්දර ලෝලීන්ගේ අවදානය වැඩිවශයෙන් දිනාගැනීමත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය සංවිධානය කළ තැපැල් සේවාවේ මුද්දර, මුල් දින කවර සහ තැපැල් සේවාවේ ඉතිහාසය නිරූපණය කළ තැපැල් මෙවලම් ඇතුළත් ප්‍රදර්ශනයක් නැරඹීමෙන් අනතුරුවයි. එම මුද්දර ප්‍රදර්ශනය කොළඹ 07, මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙරට තැපැල් සේවාවට වසර දෙසීයයකට අධික ඉතිහාසයක් පවතින අතර වර්තමානය වන විට දිවයින පුරා තැපැල් කාර්යාල පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇතැයි ද එමගින් මෙරට ජනතාවට විශිෂ්ට සේවාවක් සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි