මෙම පෝය දිනයේ විශේෂ වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම වීමට ආරම්භ කිරීමය.
සිය පිය රජතුමාගේ ඉල්ලීම අනුව ඥාතීන්ට අනුග්‍රහ දැක්වීම පිණිස තථාගතයන් වහන්සේ මෙම ගමන ආරම්භ කර තිබේ.
තම පුතුණුවන් බුද්ධත්වයට පත්ව බරණැස ඉසිම තනාරාමයේදී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළු වනාරාමයට වැඩමවා සිටින බව සුද්ධෝදන රජතුමාට දැනගන්නට ලැබුණි.
එක් ඇමතිවරයෙකුට පිරිවර දහස බැගින් දී ඇමතිවරු නව දෙනෙකු වාර නවයකදී එහි යවා බුදුරදුන් කිඹුල් වතට වැඩමවා ගැනීමට රජතුමා ගත් උත්සාහය අසාර්ථක වූයේය ඊට හේතුව වූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ඔවුන් සියලු දෙනාම පැවිදි බවට පත්වීමය.
උත්සාහය අත් නොහල රජතුමා සිදුහත් කුමරු සමග එකම දිනයේදී උපන් කාලු දායි නම් හිතුවත් ඇමතිවරයා කැඳවා තම අභිප්‍රාය සැලකෙළේය.
ඇමතිවරයා දහසක් පිරිස් සමග රජගහ නුවරට ගියේය.
මීට ප්‍රථම ගිය පිරිස මෙන්ම කාලුදායි ඇමතිවරයා සහ එම පිරිවර බණ අසා පැවිදි බිමට ඇතුළත් විය.
එහෙත් සතියක් පමණ ගතවී මෙන් අනතුරුව කාලුදායි හිමියෝ සුද්ධෝදන රජතුමාගේ ගෞරවනීය ආරාධනය බුදුරදුන් වෙත දන්වා සිටියහ. ඊට ප්‍රථම උන්වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත් නුවර දක්වා දක්නට ලැබෙන විසිතුරු බව ගාථා සැටකින් වර්ණනා කළහ.
සාදු උදායි කරිස්සාමී ඥාති සංග්‍රහං බුදුන් වහන්සේ වදාළහ එහි තේරුම හොඳයි උදායි ඥාතීන්ට සංග්‍රහ කරන්නමීය යන්නයි.
ඒ අනුව තථාගතයාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් පිරිවර සමඟින් වේළුවනාරාමයෙන් පිටත්ව කිඹුල්වත් නුවර වෙත ගමන ආරම්භ කළහ.
නවා ගෙන සිටින අතක් දිග හරින්නට පෙර ලෝකයේ ඕනෑම ස්ථානයකට වැඩමවීමට තරම් පුදුම ඍධි බලයක් උන්වහන්සේ සතුව තිබුනද මෙම වැඩම කිරීම සිදුකරනු ලැබේ පා ගමනින් ම ය. යොදුන් හැටක තරම් වූ මෙම දිර්ඝ ගමන සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වූ බව ශාසනයේ ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සුද්ධෝදන පියාණන් හමුවට වැඩිවීමට උන්වහන්සේට හැකි වූ බවද එහි දැක්වේ.
බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පා ගමනින් වැඩමවීමට ප්‍රධාන හේතුව වූයේ ජනතාව ටඅවශ්‍ය පරිදි දැක බලා ගනිමින් සිව්පසයෙන් උපස්ථාන කොට ඔවුන්ට පින් රැස්කර ගැනීමට ඉඩ දීම සහ සුදුසු අයට ධර්මය අවබෝධ කර ගැනීමට.වඩාත් පහසු කරවීම පිණිස බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
මේ අනුව අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනයක සම්බුදුරදුන් රජගහ නුවර සිට වැඩම කළ මේම ගමන ලෝකවාසීන්ට දෙලොව සුව හා නිවන් සැප සාදා ගැනීමට මහත් සේ හේතු වූ බව සැලකිය යුතුය.
කාලුදායි හිමියෝ කිඹුල්වත් නුවර දක්වා වූ මාර්ගය වර්ණනා කිරීමේ එක් ගාථාවක මෙසේ සඳහන් වෙයි.
අංගාරිනොදානි දුමා භදන්තේ
එලෙසිනො ජදනං විප්පහාය
තෙඅච්චි මන්තෝච පහාසයන්ති
සමයෝ මහා වීර භගීර ථානං
ඒ සිංහල තේරුම මෙසේය
භාග්‍යවතුන් වහන්ස; දැන් ගස්වල ගිනි අඟුරු මෙන් රතු පැහැති මල් හා දළු ඇත පරණ කොළ වැටීමෙන් මලින් සැරසී ගිය ගස් දැන් ඵල දැරීමට කැමතිව සිටි .ගස් ගිනි දැලින් යුක්ත වූවත් සේ බබලයි. මහා විරයන් වහන්ස ;භගීරථ පරම්පරාවට අයත් ශාක්‍යයන්ට හිතසුව පිණිස වැඩමවීමට සුදුසු කාලයයි.
මෙම සටහන සම්පාදනය කිරීමේදී අවශ්‍ය තොරතුරු ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්ස නාහිමියන් ට නමස්කාර පූර්වකස්තුතිය පුද කරමු.)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිදවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
උදළු තලයෙන් පහරදී තම මිතුරාට මරා දැමී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බ
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම තීරණය විය.
පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850 කට වැඩි ප්‍රමාණයක් පවතින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය පවසයි.
ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇය
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැදින් පුර පසළොස්වක පොහොය අදයි.
Ram Ya Thursday, 13 March 2025 01:38 PM
සාදු ...! සාදු ...! සාදු...!