IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'මදිපුංචිකම් කියන්න රාජ්‍ය නිලධාරීන් බයයි '

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රාජකාරී කටයුතු කිරීමේදී තමාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු ඉහළ  නිලධාරීන්ගේ හිරිහැරයන්ට  ලක්  වීමට සිදු වීම  නිසා රජයේ නිලධාරීන්  සාධාරණ පතා  අධිකරණයට  පැමිණීමට මැලිවන බව නීතීඥ  දර්ශන කුරුප්පු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

මාවතගම  පොලිස් ස්ථානාධිපතිව    සිටි  තමන් නීතියට පටහැනි අයුරින්  වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස   ස්ථාන මාරු කිරීමෙන්  මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ට තීරණය කර  , වහාම එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස පොලිස්පති වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන ලෙස ඉල්ලා  ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල සේනාධීර ජයකොඩි  මහතා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම   කැඳවූ අවස්ථාවේදී  නීතීඥවරයා  මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු  කිරීමෙන් පසු  සිය සේවා දායකයා ඉහළ නිලධාරීගේ හිරිහැරයට ලක් ව ඇතැයි නීතීඥවරයා  කීවේය.

මුර්දු ප්‍රනාන්දු,  ගාමිණී අමරසේකර,  අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම  කැඳවනු ලැබිණි .

එහිදී  පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේබව  සදහන් කලේ ය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම දෙසැම්බර් මස 14වැනිදා නැවත කැඳවීමට තීරණය කලේය. 
 
මෙම  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.සිසිර කුමාර ,  කුරුණෑගල කොට්ඨාසය  බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ .ජේ.වයි.බී  ක්‍රිෂාන්ත ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම අත්තනෝමතික ස්ථාන මාරුව හේතුවෙන් තම වෘත්තීය ගෞරුත්වයට සහ කීර්ති නාමයට හානි සිදුවී ඇති බවද , තම වෘත්තීය දියුණුවට බාධාවක් බවද පෙත්සම්කරු සිට පෙත්සමෙන් කියා සිටී.

පෙත්සම්කරු ඉතා සංකීර්ණ අපරාධ  විමර්ශනයට සහභාගී වී ඇති අතර ,  ඉතා භයානක අපරාධකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවද පෙත්සමේ සදහන් වේ.

ශ්‍රී ලංකා පොලිස් සේවය් විශිෂ්ඨ සේවා වාර්තාවකට හිමිකම් කියන පෙත්සම්කරු  ස්ථාන මාරු  කිරීම මගින්   මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සමකරු අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (1)

'මදිපුංචිකම් කියන්න රාජ්‍ය නිලධාරීන් බයයි '

කොළඹගේ Tuesday, 30 November 2021 06:13 PM

මෙහෙම දේවල් පොලිසියේ පමණක් නොවෙයි, සියලු අංශවලම තියෙනවා සමහර ගුරුවරියන් විශේෂයෙන් ප්‍රාථමික පාසල්වල දරුවන්ගෙන් හැකිතරම් ලාභ ප්‍රයෝජන ගන්න බලනවා. නොලැබුණොත් දරුවන්ට පුළුවන් තරම් හිංසා කරනවා. දෙමාපියන් මේවාට කිසිවක් නොකරන්නේ මොනවා හරි කළොත් එම පාසලේ පමණක් නොවෙයි.. ආසන්න පාසලටවත් දරුවන්ට ඉඩ අහුරනවා මතක ඇති යහපාලනය කාලේ... එක් මවකට ඒඩ්ස් තිබුණා කියලා දරුවෙකුට අධ්‍යාපනය නැතිකළා. මම දන්න පාසලට හදා වඩා ගැනීමට ගුරුවරයෙක් ගත්ත දරුවෙක් ඇතුළත් කළා... මෙම දරුවා දක්ෂතා පෙන්නුවා. පංතිය භාර ගුරුවරියගේ දරුවා ඉතාමත්ම දුර්වලයි. මේ ගුරුවරිය අර දක්ෂ දරුවාට කිව්වා පුතේ ඔය ඉන්නේ ඔයාගේ අම්මා තාත්තා නොවෙයි කියලා... දරුවාට අධ්‍යාපනය අවසන් වුණා.. මෙහෙම දේවල් සඳහා සුදුසු දඬුවම් දීමට නීති සැකසීම කළයුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 314 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 583 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 406 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1110 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 630 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2845 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site