(මාදම්පේ එස් හේරත් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ(04)දා උදේ සිදුවූ මාරක බස් ලොරි අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.
මෙම අනතුරින් ළංගම බස් රථයේ රියදුරු තරින්ද චන්දික අනුර බණ්ඩාර යන අය ඊයේ(04) සවස මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි අයෙක් ඊයේ රාත්‍රියේ ද හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (5) අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග මාර්ග වලින් වාර්තා වෙයි.
මෙසේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ පහළ කොට්රාමුල්ල බදුවත්ත ප්‍රදේශයේ පදිංචි එච්.පී.සුරංග ප්‍රියන්ත නමැති දෙදරු පියෙකි.
අනතුරට පත් ළඟම බස් රථයේ ගමන් කරමින් සිටි පම්බල කාක්කපල්ලියේ පදිංචි චන්ද්‍රා විජේරත්න නමැති හැත්තෑ හැවරිදි කාන්තාවක්ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(05) අලුයම මියගොස් ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ සිටි මගීන් 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් රෝගීන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි.
බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් අතරින් එම රෝහලේම සේවය කරන වෛද්‍යවරියක්ද ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
(මියගිය බස්රථයේ රියදුරු චන්දික අරුණ බණ්ඩාර මහතා)
(මියගිය සුරංග ප්‍රියන්ත)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාදම්පේ බස් අනතුරින් 3 ක් මරුට