IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මාදුරු ඔය ලෙනක අඩි හැටක වළක්

 

මාදුරුඔය අභය භූමියේ ඕමුණගල කන්ද ලෙන් විහාරයේ වන පදසන ලෙන නමින් හදුන් වන ලෙනේ අඩි හැටක් පමණ වලක් නිධන් සොයා හාරා  ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.දැව අධාරක යොදා ගනිමින් පස් ගොඩදමා තිබේ.

මහඔය නගරයේ සිට අරලගංවිල මාර්ගයේ කොටාගල යුද හමුදා කදවුර පසුකර කිලෝමිටර්දෙකක් පමණ දුර ගොස් ඉලූක් සහිත ලදු කැලැව ඔස්සේ කිලෝමිටර් හතක් පමණ ඉදිරියට ගිය විට මෙම ලෙන් විහාරය සහිත කන්ද හමුවේ. එම කන්දේ අඩි සියක් පමණ ගිය විට හමුවන අඩිහැත්තෑපහක් පමණ දිගින් යුත් අඩි දොළහක් පමණ උසින් යුත් මෙම ගල් ලෙනේ බ්‍රාහක්මීය අක්ෂර දක්නට ලැබේ.

නැගෙනහිර පළාත් පුරාවිද්‍ය පර්යෙෂණ සහකාර ඒ.එන්.සමිර අරියතිලක මහතා කියනුයේ

සොම සහ අහොක (අසෝක) විසින් වන පදසන ලෙන කරවා පුජා කරවන ලදි බව එහි කොටා ඇති බවය.

මාස කිපයක පටන් මෙම ලෙන අඩි හැටකට අසන්නව යටට හාර තිබේ.අඩි හැටක් තරම් වට ප්‍රමාණයකින් අදියර තුනක් යටතේ මෙම ස්ථානය හාරා තිබේ.  පුරාවිද්‍ය නිළධාරින් සහ පොලිස් නිළධාරින් එම ස්ථානනයට යමට දින කිපයකට පෙර එම ස්ථානයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් රැදි සිටි බවට සාධක සොයා ගැනිමට හැකිව තිබේ . ස්ථීර ලෙස ඉදිකර ඇති මල් පැලක් කහදියර සහිත මුට්ටි මැතිරිම සදහා ගන්නා නුල් මෙම ස්ථානයේ තිබි හමු විය .

 මෙම ලෙනේ සිට කන්දේ තවත් ඉහළට ගිය විට  අඩි අසුවක් පමණ දිගින් යුත් අඩි විස්සක් පමණ උසින් යුත් ලෙනක්දක්නට ලැබේ.එහි බුදු මැදුරක් සහ වෙන්කර කුටි වශයෙන් නිර්මාණය කර ඇති මැටියෙන් කළ ඉදිකිරිම් දක්නට ලැබේ.දෙවන සියවට අයත් බවට සැක කෙරෙන විනාශයට පත්වෙමින් පවතින විශාල බිතුසිතුවම් මෙහි දක්නට තිබේ. පුරවිද්‍යා පර්යේෂණ සහකාර වරයා පවසන පරිදි  මෙම ඉදිකිරිම් ක්‍රිස්තු පුර්ව දෙවැනි සියවට පමණ අයත්වන අතර සද්ධාතිස්ස රජ සමයෙදි ඉදිකර ඇති බවට සාධක තිබේන බවය.

කන්ද පාමුල චෛත්‍යයක්ද නිදන් හොරුන් විසින් හාරා විනාශ කර තිබේ .මෙම ප්‍රදේශයේ අතිතයේ ජලාශයක් තිබු බවට සාධක ලෙස විශාල ගලක නාග පෙන සහිත සළකුණින් පෙන්වා තිබේ. එයද යම් පිරිසක් විනාශයට පත් කිරිමට උත්හස දාර තිබේ.එම ස්ථනයේද හාරා විනාශ කර තිබේ.අවට පරිසරය තුල පිළිම ගෙයක නටබුන් ඇතුළුව පුරාවස්තු රාශියක් දක්නට ලැබේ.වන මැද ඇති මෙම ස්ථානයට කලක පටන් නිදන් සොරුන්ගෙන් දැඩි ලෙස හානි සිදුවි තිබේ.

ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා මෙසේ කියයි

 ‘‘නැගෙනහිර පළාතේ ඇති ඉපැරණි ස්ථානපිළිබද විමර්ශන ආරම්භ කර තිබේනවා.එවා ආරක්ෂා කර ගැනිම එතරම් පහසු නෑ බොහොමයක් මහ කැලෑ මැද පිහිටා තියෙන්නනේ පුරා විද්‍යා ස්ථාන සටහන් කිරිමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. අපිට පුළුවන් මෙවැනි ස්ථාන නිවැරදිව අදුර ගන්න වසර තිහක යුද්ධය නිසා පුරා විද්‍යා කටයුතු සිදු කිරිම ගැටළුවක්ව තිබුනා මෙවැනි ස්ථාන විනාශ කරන පිරිස් සොයා නීතියේ රැහැනට හසු කර ගන්න කටයුතු කිරිමට දැන් අවධානය යොමු කර තියෙනවා.මේ ඉතිහසය අනාගත පරපුරට අයිති එය විනාශ කිරිම නවතා දමන්න ඉදිරියෙදි කටයුතු කරනවා තරා තිරම නොබලා නිතියේ ඉදිරියට ගෙන එන්න මහජනතාවගේ උදව් අවශ්‍යවෙනවා

 

 

 



අදහස් (0)

මාදුරු ඔය ලෙනක අඩි හැටක වළක්

සෙනවි--ගාල්ල Tuesday, 18 June 2013 05:59 PM

රටම අවිද්‍යාවෙන් පිරිලා. නායකයොත් උගතුන් කියාගන්නා අයත් නැකැත් ජෝතිෂ්‍ය ආදා මිත්‍යා සංකල්ප ඉහලින් පිළිගන්නව නිදන් ගැන තිබෙන මිත්‍යා කතා ඔස්සේ මේවා හොයාගෙන පුරාවස්තු විනාශ කරනව. මම නම් හිතන්නෙ නැහැ අපේ පැරැන්නන්ට වලලන්න මුතු මැණික් රත්‍රන් තිබුනා කියලා. ඔය පිළිමයක් වගේ දෙයක් ඇරෙන්න (නි)

:       0       0

මහේෂ් Monday, 10 June 2013 12:34 PM

හරි සනීපයි නේද, හරියට බැලුවොත් දැන් තවත් යුද්දයක් කරන්න ඕනි මේවා ආරක්ෂා කර ගන්න. හැබැයි පවතින ආණ්ඩුව අලුත් දේවල් ගොඩනගනවා මිසක්, පැරණි දේවල් ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙනවා මදි. එකට හොදම උදාහරණය තමා සීගිරියේ බියර වෙළද දැන්වීම. (ස)

:       0       0

කින් බෙනට් Monday, 10 June 2013 01:05 PM

මහේෂ් , සීගිරියේ බියර් දැන්වීම ගැන ඔයා හරියට දන්නේ නැහැ. සිගිරිය පෙන්නන බියර් දැන්වීම ජපන් බියර් එකක් වුනාට ඇල්කොහොල් ප්‍රතිශතය 0.0% යි. ඔයා හොඳට හොයලා බලන්න (නි)

:       0       0

වසන්ත Tuesday, 11 June 2013 06:34 PM

හොද විහාරස්ථානයක් ඉදිකර පුරාවස්තු ආරක්ෂා වෙන අන්දමට රටේ ජනතාවට අලුත් දෙයක් දැකගන්න සළස්වන්න (නි)

:       0       0

සිංහලේ ධර්මපාල Monday, 10 June 2013 08:27 PM

මේ ජගත් බාලසුරිය මහත්තයා, නිකන් බොරු කතා නොකිය දැනුම සහ අවබෝධය තිබෙන අයගෙන් කමිටුවක් පත් කරලා හැමතැනම සිදුවන පුරාවස්තු විනාශය නවත්වන්න ප්‍රයෝගික වැඩපිළිවෙලක් යොදන්න. හැමදාම කියන්නේ කරන්න බලාපොරොත්තු වෙනවා. කවද්ද කරන්නේ.? මොනවාද කරලා තියෙන්නේ? එක දෙයක් කියනවද බලන්න?(නදී)

:       0       0

කනිෂ්ක Monday, 10 June 2013 08:56 PM

ජපානයේ මිනිස්සු ගොඩක් කාර්ය බහුලය . එක නිසා ඕව ගැන හොයන්නේ නැහැ . ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ. ඔහොම හරි දෙක්කොත් ඒ මිනිස්සු දැන ගනීවි. ජපානයේ තියෙන ප්‍රසිද්ධම බියර් වර්ගය.(නදී)

:       0       0

සුමිත් Monday, 10 June 2013 11:38 AM

හොදට කරලා තියනවා පිළිවෙලකට. කාට කියන්නද මේවා ?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1767 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1105 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1658 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1157 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 620 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1140 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site