IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'මදර් සුප‍්‍රියා'ගෙ චරිතය මටම ගැලපෙන චරිතයක්

2016-12-11-ent-117

සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මානය ‘‘සරිගම’’ මේ දිනවල ඉහළ පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මැද්දේ සාර්ථකව තිරගත වන සිනමා නිර්මාණයක්.

‘‘සරිගම’’ චිත‍්‍රපටයත් සමඟ ඔබ ආදරය කරන නිළි රැුජින කාලෙකට පසුව ආයෙමත් කරළියට ඇවිල්ලා. අග‍්‍රගන්‍ය රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා ඒ පිළිබඳ කතා කරන්නට අපි සඳැල්ල කතාබහකට එකතුකර ගත්තා.

 

පසුගිය දවස්වල සැත්කමකට භාජනය වුණා. දැන් කොහොමද අසනීප තත්ත්වය?

2016-12-11-ent-119දැන්නම් ගොඩක්ම සුවයි. මාස 2 කට වැඩි කාලයක් ගෙදරට වෙලා විවේක සුවෙන් හිටියා. දැන් ඉස්සරහට ටික ටික වැඩ පටන් ගත්න ලෑස්ති වෙනවා.

 

චිත‍්‍රපටයකට දායක වුණේ කාලෙකට පස්සේ නේද?

ඔව්. ඇත්තටම කාලෙකට පස්සේ තමයි චිත‍්‍රපටයකට සම්බන්ධ වුණේ. කිහිප දෙනෙකුගේම ආරාධනා ආවා. මම ඇත්තටම චරිතය ගැන ගොඩක් හිතනවා. මට ආරාධනා ලැබුණ චරිතවලින් සරිගම චිත‍්‍රපටයේ මදර් සුප‍්‍රියාගේ චරිතය ගැන මට කියපු ගමන්ම ආස හිතුනා. ඒ වෙලාවේ මට හිතුනා ඒක මට ගැලපෙන චරිතයක් කියලා. දෙවරක් නොසිතාම ඒ චරිතය මම භාරගත්තා.

 

ඔබ සිංහල සිනමාවේ නිළිරැුජින සැමදාම ප‍්‍රධාන චරිතවලට පණපොවලා මේ චිත‍්‍රපටයේ උප චරිතයක් ලැබුණේ ඇයි?

මම කවදත් කළේ මට හොඳයි කියලා හිතෙන චරිත. ප‍්‍රධාන චරිත විතරමයි කරන්න ඕන කියලා මතයක මම කවදාවත් හිටියේ නැහැ. එහෙම මතයක් ඉදිරියටත් නැහැ. මගේ සිනමා ජීවිතේට දැන් වසර 50 ක් වෙනවා. සිනමා ජීවිතේ මට ගොඩක් ලැබිලා තියෙන්නේ ප‍්‍රධාන චරිත තමයි. ඒවත් මට ලැබුණේ මට ගැලපෙන සහ මාව සුදුසු නිසා.

 

ඒ කියන්නේ දැන් නිර්මාණය වෙන චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිතවලට ඔබව ගැලපෙන්නේ නැහැ කියලද?

ඒක ඉතින් චිත‍්‍රපටයෙන් චිත‍්‍රපටයට වෙනස් වෙනවනෙ. තව දෙයක් චරිතය ඇඳිලා තියෙන්නේ අධ්‍යක්‍ෂවරයාගේ මතකේ. චරිතයට නළුවා හෝ නිළිය තෝරන්නේ ඔහුයි. ඊට දායක වෙනවද නැද්ද කියන ඒක අපේ තීරණයක්. ප‍්‍රධාන චරිත බලාපොරොත්තුවෙන් මම කවදාත් රඟපාලා නැහැ. උප ප‍්‍රධාන චරිතත් මම ගොඩක් රඟපාලා තියෙනවා. ඒ හැම චරිතයක්ම මම කළේ හරිම ආසාවෙන්. ඉදිරියටත් එහෙමයි. හිතට වදින චරිතයක් ලැබුණොත් චරිතය ප‍්‍රධානද, අතුරුද කියලා නැහැ. කැපකිරීමෙන් කරනවා. ඒ මගේ විදිහ. මෑත කාලයෙත් මම ගොඩක් උප ප‍්‍රධාන චරිත කළා. මට ඒ චරිතවල කිසිම අඩුවක් පාඩුවක් පේන්නේ නැහැ. වෙනස් චරිත කරන්න මම ගොඩක් කැමතියි.

 

‘‘සරිගම’’ චිත‍්‍රපටයේ අද්දැකීම කොහොමද?

කාලෙකට පස්සේ ලැබුණ හිතට වැදුන හොඳ නිර්මාණයක්. ඒ වගේම මගේ චරිත බොහොම වගකීම් සහගත, බැ?රුම් චරිතයක්. මදර් සුපි‍්‍රයා කියන්නේ කන්‍යා සොහොයුරියන් පුහුණු කරන, කන්‍යා සොහොයුරියන් පාලනය කරන වගකීම් එක්ක බැඳිච්ච චරිතයක්. ඒ චරිතයේ ස්වභාවයට මම ගොඩක් ආසවුණා.

 

දැන් ටෙලි නාට්‍යවලත් වැඩිය පේන්න නැත්තේ ඇයි?

මට ආරාධනා ගොඩාක් ලැබෙනවා. ඒත් ආරාධනා ලැබුණුපළියට මම හා කියලා චරිත භාරගන්නේ නැහැ. මට කරන්න පුළුවන් විදිහේ චරිතයක් සහ මගේ වෘත්තිය මට්ටම හානියන් නොවන විදිහේ චරිතයක් ලැබුණොත් භාරගන්නවා. මෑතකදිත් චරිත කිහිපයක්ම ලැබුණා. ඒත් මම බැහැ කියලා අයින් වුණා.

 

ඇයි ඒ?

මම වෘත්තිය ගැන හිතන්නේ නැතුව වසර 50 තිස්සේ ගොඩ නගාගත්තු දේවල් ගැන හිතන්නේ නැතුව ලැබෙන හැම චරිතෙකටම ලැබෙන මුදල බලාගෙන ආරාධනා භාරගත්තොත් ඒක මම මහන්සියෙන් ගොඩ නගාගත්ත චරිතයට කරන අසාධාරණයක් වෙනවා. මම මුදල් බලාගෙන චරිත කරන කෙනෙක් නෙමෙයි. මට එහෙම කරන්න ඕන කමකුත් නැහැ.

 

එතකොට පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයක් කළා දැන් වැඬේ අතහැරලද?

අත්හැරලා නැහැ. ළඟදීම ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ටික ටික ලකලෑස්ති වෙනවා.

 

‘‘ස්ත‍්‍රී’’ චිත‍්‍රපටයෙන් පස්සේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය අතරමග නතර වුණාද?

චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණයන අතරමඟ නතර කළේ නැහැ. රඟපානවට වඩා අධ්‍යක්‍ෂණයට මම ගොඩක් කැමතියි. දැන් තියෙන වාතාවරණයත් එක්ක එකපාරටම නිර්මාණයක් කරන්න අමාරුයි. චිත‍්‍රපටයක් කරද්දී ගොඩක්ම ආර්ථිකමය පැත්ත ගැන හිතන්න ඕන. අද නිර්මාණකරුවන්ට තියෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය තමයි චිත‍්‍රපටය තිරගත කරගන්න බැරි එක. සරිගම චිත‍්‍රපටයටත් ඒ ප‍්‍රශ්නය තිබුණා. සෝමරත්නගේ සහ රේණුකාගේ තියෙන හයිය නිසාම චිත‍්‍රපට තිරගත කරන්න ක‍්‍රමවේද සොයා ගත්තා. චිත‍්‍රපට කර්මාන්තයට ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක හිතන තරම් ඉක්මණට නිර්මාණ කරන්න අමාරුයි. කොහොම වුණත් චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න තියෙනවා. පිටපත් කිහිපයකුත් ඔළුවෙ තියෙනවා. බලමුකෝ ඉස්සරහට.

 

කාලෙකට පෙර ඔබ දේශපාලන ක‍්‍රියාකාරිණියක් දේශපාලනයෙන් සමුගත්තේ දේශපාලනය එපා වෙලාද?

දේශපාලනය මට කවදාවත් එපා වුණේ නැහැ. එපා වෙන්නෙත් නැහැ. දේශපාලනය කියන්නේ ලොකු සේවයක්. පසුගිය වසර පහතුල මම දේශපාලනය ගැන ලොකු දැනුමක් ලබා ගත්තා. අද වර්තමානයේ රට මුහුණදෙන ප‍්‍රශ්න නිසා සමහර දේවල් කරන්න බැරි තත්ත්වයන් උදාවෙලා තියෙනවා. දේශපාලනයෙන් අපට සාමාන්‍ය ජනතාවට සේවයක් කරන්න බැරිනම් මට නිකම්ම නිකම් මන්ත‍්‍රීවරියක් වෙලා ඉඳලා වැඩක් නැහැ. මම දේශපාලනයට කැප වුණේ සේවයක් කරන්න. ඒත් වර්තමානයේ තියෙන වාතාවරණයත් එක්ක රැුඳිලා ඉන්න අමාරුයි. දේශපාලනයේ තියෙන ඝට්ටන එක්ක මට මුහුණ දෙන්න හයියක් නැහැ. ඒවා හිතලා හිත රිද්දගන්නවට වඩා මට හිතුනා පැත්තකට වෙන්න. දේශපාලනයෙන් අයින් වුනත් මට කැමති දේශපාලන පක්‍ෂයකට මම උදව් කරනවා. මම කැමති දේශපාලන පක්‍ෂ වෙනුවෙන් කතා කරනවා. මිනිසුන්ට සේවය කරන්න මන්ත‍්‍රීවරියක් වෙන්නම ඕන නැහැනේ.

 

නැවත දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?

මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නෑනේ. බලමුකෝ ඉදිරියේදී ඒ දේවල් වෙනස් වෙන්නත් පුළුවන්.

 

ඔබට මෙගා රැල්ලේ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

මෙගා රැුල්ලට මම විරුද්ධයි. මෙගා රැුල්ලේ නාට්‍ය කියන්නේ එක තැන පල්වෙන රැුල්ලක් විතරයි. එක දිගට මාස ගණන් අවුරුදු ගණන් එකම නාට්‍යයක පල්වෙන්න මම කැමති නැහැ. එකම ටෙලි නාට්‍යයක අපි දිගටම ඉන්නකොට පේ‍්‍රක්‍ෂකයාටත් අපිගැන තියෙන උනන්දුව ගිලිහිලා යනවා. මම

ඒකට කැමති නැහැ.

 

වර්තමානයේ ටෙලි නාට්‍යකරුවෝ ඉන්නවා හතු පිපෙන ගානට. ඔවුන් එනවා යනවා. නිර්මාණශීලිත්වයක් නැහැ. ඔහේ මොනවා හරි නිර්මාණ කරන පිරිසක් බිහි වෙලා ඉන්නවා. අලූත් පරපුර ගැන මොකද හිතෙන්නේ?

අලූත් පරපුරක් බිහි වෙන්න ඕන. අපෙන් පස්සේ මේ දේවල් ඉදිරියට ගෙනියන්න ඕන. එයාලා. අලූත් මුහුණු අලූත් දේවල් එළියට එන්න ඕන. අලූත් පරපුරේ හොද දක්ෂයෝ ඉන්නවා. ඔළුවෙන් වැඩ කළොත් රැුඳෙන්න පුළුවන්. සමහරු ඉන්නවා සම්මාන එකක් දෙකක් ලැබුණම එයාලගේ දක්ෂතාව එයාලා විසින්ම බාල කර ගන්නවා. සම්මාන දෙන්නේ දක්ෂතාව දිරිගන්වන්න. දැන් මම තමයි ෆිල්ම් එකේ වැඩ කාරයා කියන්න නෙමෙයි. තරුණ පරපුරට කියන්නේ සම්මාන ලැබෙන්න ලැබෙන්න හොඳ නිර්මාණ කලාවට එකතු කරන්න. පැවැත්ම තියෙන්නේ අන්න එතනයි.

 

විමල් කුමාර ද කොස්තා පසුගියදා මියගියා. ඔහු රඟපෑ චිත‍්‍රපට විශාල ගණනාවකට රංගනයෙන් දායක වුණේ ඔබ සමඟ

ඇත්තටම මම රඟපාපු චිත‍්‍රපටිවල සහෝදර කලාකරුවන් රාශියක් මාත් එක්ක රංගනයෙන් දායක වුණා. ඒත් ඔක්කොම පරයා ඉදිරියටම මතක් වෙන්නේ කොස්තා කියන මගේ හොඳම ළඟම මගේ පවුලේම හිටපු මගේ සහෝදරයෙක් වගේ හිටපු යාළුව. අවුරුදු දහතුන දාහතර කාලේ ඉඳලම අපි එකට රඟපෑවා. එකට කෑව බිව්වා. එක පාසලට ගියා. මගේ ජීවිතේ මට ලැබුණ ලෙංගතු මිතුරෙක්. ඉපදුනොත් අපි කවුරුත් මැරෙනවා. ලෝක ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. අපි ඒකට මූණ දෙන්න ඕන. ඒ වගේ චරිත මේ මහ පොළවට නැවත දායාද වෙන්නේ නැහැ. විමල් එතරම්ම අග‍්‍රගනයේ කලාකරුවෙක්.

 

රිදි රැයක් ප‍්‍රසංගයට මේ පාරත් නටන්න යනවද?

අනිවාර්යයෙන්ම අපේ ශිල්පීන් ශිල්පිනියන් සියල්ලම එකට එකතු වෙන දවස. මේ අපි පවත්වන්නේ දාහතරවෙනි රිදී රැයක් ප‍්‍රසංගය. අපේ ශිල්පීන් ශිල්පිනියන් එකට එකතුවෙන සතුට කියලා නිම කරන්න බැහැ.

 

නිළි රැජිනගෙන් පස්සේ අලූත් පරපුරේ නිළි රැුජිනිය කියලා නම් කරන්න පුළුවන් පරම්පරාවක් ඉන්නවද?

නිළි රැජින කියන්නේ මගේ දෙයක් නෙමෙයි. මට ඒ තත්ත්වය පිරිනමන්නේ ජනතාව. එයාලා කැමති තාක්කල් මම එයාලගේ නිළිරැජින කියලා ඔවුන් මාව පිළිගනීවි ඒ වගේ අලූත් පරපුරෙත් දක්ෂ පිරිසක් අපට ඉන්නවා. අද ඉන්න තරුණ පරම්පරාවට ලෝකය ගැන හොඳ දැනුමක් තියෙනවා. පොඩි දුකක් තියෙනවා තරුණ පරපුරට ඒ අයගේ දක්ෂතා පෙන්වන්න තරම් හොඳ නිර්මාණ ඒ අයට ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තරයට යන්න හැකියාව තියෙන දක්‍ෂ පරපුරක් අපට ඉන්නවා.

 

නදීශා අතුකෝරළ

 

2016-12-11-ent-118



අදහස් (0)

'මදර් සුප‍්‍රියා'ගෙ චරිතය මටම ගැලපෙන චරිතයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 401 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 252 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 205 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 662 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 136 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site