IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘මුදලට ගිජු නැති දේශපාලනයක් ඕනෑ‘

‘රාජපක්ෂලාට බණ්ඩාරනායකවරුන් පෙන්නන්න බැරි නිසා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තියෙද්දි හම්බන්තොට රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. රටේ ජනතාව උකස් කර හැදූ ඒ සම්මන්ත්‍රණ ශාලාවට අද මන්ත්‍රීවරයකුගේ ශාඛා සමිති කැඳවනවා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නිට්ටඹුවේ  ජන හමුවක දී පැවසීය.

‘පම්පෝරි ගහන්න ගත්තා මගේ ආණ්ඩුව සැලුන් දොරක් කියා. එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කිව්වා. ඒ වුණාට සැලොන් දොරෙන් එළියට එනකොට ආරක්ෂාව නැහැ. එළියට එනකොට  ෆයිල් අතට එනවා. මඩ ප්‍රහාර එනවා. ඒත් සැලුන් දොරෙන් ඇතුළට යනකොට කොමිස් එනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ කැතම දේශපාලනයකට අද අපේ රට ඇදගෙන ගිහින් තිබෙනවා. උදේ නැගිට  බලන්නේ කවුරුන් පැනලද කියලයි. මුදලට ගිජු නොවන ජනතාව වෙනුවෙන් වැඩ කරන දේශපාලනයක් කළ යුතු නැද්ද? එවන් දේශපාලනයක් ගොඩනැගීමට පුල් පියවර තියන්න ඕනෑ. ඒ මුල් පියවර ජනවාරි අට වැනි දා මේ පාලනය පලවා හැරීමෙන් ආරම්භ කරන්න ඕනෑ.‘



අදහස් (0)

‘මුදලට ගිජු නැති දේශපාලනයක් ඕනෑ‘

මෝහමෙඩ් සෆ්රින් Thursday, 11 December 2014 05:41 AM

ඔබ වගේ උගත් නැණවත් අය තම අද රටට අවශ්‍ය. ඒ වගේම ඔබ වගේ පිරිසකට තමයි අද රට තුල විශ්වසනීය වෙනසක් දෙන්න පුළුවන්.මොකද අද අප රටේ දේශපාලනයේ 75% ඉන්නේ මුදලට ගිජු අවස්ථාවාදී පිරිසක්. ඔබ හොඳ නායකයෙක් මම හැමදාමත් ඔබතුමාගේ ප්‍රතිපත්ති සහ අදහස් වලට ගරුකරමි.ඔබට ජයෙන් ජය. (හේ)

:       0       0

අබරන් Wednesday, 10 December 2014 09:49 PM

ඔබතුමාගේ ප්‍රතිපත්ති සහ අදහස් වලට ගරුකරමි. (නි)

:       0       0

අජිත් ප්‍රංශය Wednesday, 10 December 2014 10:53 AM

මුදලට ගිජු නැති දේශපාලකයන් ලංකාවේ ඉන්නවාද ? ඉන්නවා නම් කරුනාකර මට කියන්නකෝ (නදී)

:       0       0

සුලාර Wednesday, 10 December 2014 10:55 AM

ඕකෙ අනිත් පැත්තනේ උනේ. මට මතක විදිහට දිව්රුම් දෙනකොටවත් චන්ද්‍රිකා මැතිණිය ගියේ නැහැ. ඡන්දෙට උදව් කලෙත් නැහැ. ඒක මට මතකයි. මගෙ මතකය බොරුවක්ද? වැරදි තියනවා ඒවා ගැන කියන්න බොරු කියන්න එපා. ඒක මහත්මා ගතියක් නොවෙයි. (දී)

:       0       0

ඇසිලින් Wednesday, 10 December 2014 10:05 PM

බඩ නැති බෙල්ල නැති මිනිසුන් මවලා - ඔලුව නැති අයට ඡන්දෙ දෙන අපි වගේ මෝඩයින් ගස් බඳින්නයි තියෙන්නේ. (නි)

:       0       0

සාරා Wednesday, 10 December 2014 10:55 AM

ඔබතුමා හරි. (නි)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 11:01 AM

ජනතා විමුක්ති පෙරමුණ යනු දුෂණයෙන් වංචාවෙන් තොර රටට හිතැති, ආදරය කරන, දෑත් පිරිසිදු පක්ෂයක් කියලා මුළු රටම දන්නවා. (ර)

:       0       0

වි.වර්ණකුලසුරිය Wednesday, 10 December 2014 11:04 AM

ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් පිරිසක්ම සිටිනවා ඇත. වමේ කියන අපේක්ෂකයින් සමහරක්ද ඉදිරිපත්ව ඇත. ජනවාරි 8 වැනිදා මේ පාලනය පලවා හැරීමට හැකි වන්නේ කවර අපේක්ෂකයෙක් පත්කර ගැනීමෙන්ද?ජේ. වී.පි.එකේ අපේක්ෂාව එම පාක්ෂිකයින් හදුනාගත යුතුව ඇත. බොහෝ දෙනාට දිසානායක මහතා කියන දෙය තේරුම් ගත හැකි වුනත් එය සෑම කෙනෙක්ම තේරුම් ගෙන ඇතිද යන්න සැකසහිතය. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 December 2014 11:06 AM

තිරුපති දෙවියෝ තව දෙන්නෙක් විපක්ෂයට යවලා. (ස)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 10 December 2014 01:46 PM

මුදලට ගිජු නොවන දේශපාලකයා කව්ද කියන්න බලන්න (නදී)

:       0       0

අතුල බණ්ඩාර කොලොන්නාව Wednesday, 10 December 2014 01:52 PM

එදත් අදත් හෙටත් රටේ නායකයා අපේ ජනාදිපති රාජපක්ෂ මහතාමයි. සිංහල කම බෞද්ධ කම රැක ගන්නට ඔහුට ආශිර්වාදය දෙන්න (නදී)

:       0       0

කුමාර් Wednesday, 10 December 2014 11:16 AM

අනුර කුමාර, මහත්තයාගේ කතා බලන්න පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන් විතරයි. මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දෙන්නේ නැ. ගමේ මිනිස්සු මේ කතා ටික හරියට ඇහුවනම් වෙන මොනවත් ඕන නැහැ. (ර)

:       0       0

ඒඩ්‍රීයන් ද මැල් Wednesday, 10 December 2014 01:54 PM

ඔබ තුමාට තියෙන්නේ විපක්ෂ වේදිකාවට නැගලා මෛත්‍රී මහත්තයව ශක්තිමත් කරන එකයි. එහෙම කලොත් මේ රටේ වෙනසක් බලාපොරොත්තුව ඉන්න ජනතාව ඔබතුමාව වීරයෙක් කියලා පිළිගනීවි. (නදී)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 11:48 PM

ඔබතුමාලා ප්‍රශ්නයක් නිසා ඉවත්කළ සමහරුත් ඡන්දය ඉල්ලනවද කොහෙද? (නි)

:       0       0

අබුෂ්ක Wednesday, 10 December 2014 11:20 AM

ඔබතුමා 100 % හරි (දී)

:       0       0

ඇඩ්‍රියන් දී මේල් Wednesday, 10 December 2014 11:21 AM

අනුර මහත්තයෝ උගුරට හොර බෙහෙත් කන්න එපා. (දී)

:       0       0

ධම්මික Wednesday, 10 December 2014 11:21 AM

ජනතා විමුක්ති පෙරමුණ හැමදාම හොඳ දේ හොද විදිහටත් නරක දේ නරක විදිහටත් දැක්කා (දී)

:       0       0

හසන්ති Wednesday, 10 December 2014 11:24 AM

මවන්න තමයි වෙන්නේ (දී)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 02:07 PM

අනුර 100% හරි. මේ රටේ දේශපාලනය ජරා කුණු වලක් කරේ මේ අය. මිනිස්සුන්ට දේශපාලනය එපා කරා. (නදී)

:       0       0

දුමිඳු Wednesday, 10 December 2014 11:33 AM

මම අහපු හොඳම කථිකත්වයක් සහ දේශපාලන දර්ශනයක් තියෙන කෙනෙක් තමයි අනුර කුමාර මහතා. ඔබට ජයෙන් ජය. (ර)

:       0       0

අමන්දා Wednesday, 10 December 2014 02:12 PM

ජනතා විමුක්ති පෙරමුණ හැමදාම හොඳ දේ හොද විදිහටත් නරක දේ නරක විදිහටත් දැක්කා.(හේ)

:       0       0

සුනෙත් Wednesday, 10 December 2014 11:54 AM

පුදුම කතා. ආණ්ඩුවට බනින කලින් විපක්ෂය ආණ්ඩුවෙන් ගන්න හදන්නේ මොකද කියල ඇහුව නම් වටිනවා. (ර)

:       0       0

නිමල් ලලිත Thursday, 11 December 2014 12:34 AM

මේ රටේ වැඩියෙන්ම සිටින්නේ අත කැපුවත් පක්ෂයට ඡන්දය දෙන වහල් ඡන්දදායකයන් පිරිසක් බැවින් ,මේ රටේ යහපත් පාලනයක් ඇතිකිරීමට නම්,රටට ආදරේ ඇති මහා සඟරුවන,අන්‍ය පුජකවරුන්,නියම මහත්මා ගති ඇති උගතුන් එක්ව බලයට පැමිණෙන දේශපාලන බල පෙරේතයන් මෙල්ල කළහැකි ජාතික පෙරමුණක් ගොඩනැගිය යුතුයි.එසේ නොවන්නේ නම් යුද හමුදාව තුළින් බිහිවෙන රටට ජාතියට ආදරය ඇති වීරෝධාර සෙනෙවියෙක් මේ රටේ රාජ්‍ය බලය අල්ලාගත යුතුයි (නි)

:       0       0

සේනාදීර Wednesday, 10 December 2014 11:56 AM

ඔබතුම කතා වීරයා නේ. ඔචරම හොද නැත්තන් ඔබතුමා ඉල්ලුව නම් ඉවරනේ. (ර)

:       0       0

කමල්ජිත් Wednesday, 10 December 2014 11:58 AM

පාළුව යන්න කතා කර කර ඉන්න නම් හොදයි. (ර)

:       0       0

ප්‍රසාංගික Wednesday, 10 December 2014 12:05 PM

එතකොට කිව්වේ මේ ජනාදිපතිවරණය නීති විරෝදී කියල.? දැන් ඇයි 8 වෙනිදට මේ පාලනය වෙනස් කරන්න කතාකරනේ.? (ර)

:       0       0

අශෝක Thursday, 11 December 2014 01:13 AM

කෝ මහත්තයෝ අර ඔයාලගෙන් පැනලා ගිය අහවලා? එයා නැවත ගන්නවද? (නි)

:       0       0

බුද්ධි Wednesday, 10 December 2014 12:05 PM

කුමාර්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ජවිපෙ කරන්න ඕන මේ කතා දේශපාලන රැලි අරඹන වෙලාවට කලින් පුළුල් තිර මත ජනතාවට පෙන්වීමයි. (ර)

:       0       0

ඇඩම් Wednesday, 10 December 2014 12:13 PM

ඔබ හොඳ නායකයෙක්. යුක්තිය සාදාරණය තේරුම් අරන් මහජනතාවට සේවය කරන්න (නදී) රටට දෙන් අව

:       0       0

ඇඩම් Wednesday, 10 December 2014 12:13 PM

ඔබ හොඳ නායකයෙක්. යුක්තිය සාධාරණය තේරුම්ගෙන මහජනතාවට ප්‍රජතන්ත්‍රවාදී අයිතිය ලබාදෙන්න (නි)

:       0       0

කලුවිතාන Wednesday, 10 December 2014 12:18 PM

ඔයාට බැරිද ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුව පරදන්න.අනුන් පරදනතුරු ඇයි බලාගෙන ඉන්නේ.කතාවෙන් බැහැ ඕවා කරන්න.පුළුවන් නම් අඩුම ගානේ ඡන්ද ලක්ෂ පහක් අරගෙන පෙන්වන්න. එතකොට මගේ ඡන්දෙත් ඔයාලට (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 10 December 2014 12:22 PM

දේශපාලන කුහක කම කියන්නේ මේවට තමයි (නදී)

:       0       0

සහන් Thursday, 11 December 2014 02:20 PM

අනිවාර්යයෙන්ම මේ පාලනය වෙනස් කරන්න ඕනෑ (නි)

:       0       0

විමුක්ති Thursday, 11 December 2014 02:34 AM

අශෝක , බලන්නකෝ 8 වෙනිදට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

බුද්ධික Wednesday, 10 December 2014 12:39 PM

ඇත්ත නිවැරදිව දකින කියන ඔබේ පාලනයකට අපි කැමැතියි (නි)

:       0       0

ගුණවතී Thursday, 11 December 2014 03:02 AM

අනුර මහත්තයාට මුළු ලංකාවම අද ගරුකරනවා. ඒ ඔබ කවදත් ඇත්ත කතා කරන නිසා. ඔබ නියම ජනතා නියෝජිතයෙක්. නියම වීරයෙක්. ඔබගේ ආරක්ෂාවයි අපට වැදගත්. (නි)

:       0       0

නන්ද Thursday, 11 December 2014 03:12 AM

ජාතික පෙරමුණ ගැන අපි නම් අහලා නැහැ (නි)

:       0       0

අබු Thursday, 11 December 2014 04:47 PM

ඔබ තුමාලා වැවක් කියා අපේ ගමේ බෝක්කුවක් හැදුවා. (නදී)

:       0       0

සුමේධ Wednesday, 10 December 2014 06:43 PM

කැළණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවුන විශිෂ්ඨ දේශපාලකයෙක්. ඔබ වැනි පිරිස් මේ රටට අවශ්‍යයි. (ස)

:       0       0

ඒඩ්‍රියන් Wednesday, 10 December 2014 10:18 AM

උගුරට හොරා බෙහෙත් කන්න බැහැ අනුර මහත්තයෝ (නි)

:       0       0

හේරත් Wednesday, 10 December 2014 10:20 AM

කතාව ඇත්ත තමයි. (ර)

:       0       0

රොහාන් Wednesday, 10 December 2014 10:32 AM

ඔබතුමා හරියට හරි. ජනවාරි අට වැනිදායින් පස්සේ මේ ගේම අතාරින්න හොද නැහැ. (ර)

:       0       0

චන්දන Wednesday, 10 December 2014 08:31 PM

අනුර කුමාර ඔබගේ කතාව හරි. එත් ක්‍රියාවෙන් නැහැනේ.දැන් අවශ්‍ය කතාව නොව වැඩ කළහැකි අවංක නායකත්වයක්.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 10 December 2014 10:35 AM

කැතම දේශපාලනේ දැක්කේ ඒ කලේ මහත්තයෝ. පිරිමි දරුවන්ව ගෙවල් අස්සේ හංගගෙන අපේ අම්මල හිටිය අපිට හොඳ හැටි මතකයි.ගෙදරින් එලියට බැස්සම ගෙදර එයිද කියල දන්නේ නැති කාලයක් තිබ්බ. මේ කියන මහත්තයත් ඔව්වට සම්බන්ද ඇති. දැන් තොත්ත බබ්බු වෙන්න හදනවා. (බ)

:       0       0

සුගුණවති Wednesday, 10 December 2014 10:36 AM

කතාව හරියට හරි අනුර කුමාර මහත්තයෝ. (බ)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 10:39 AM

මුදලට ගිජු නැති දේශපාලනයක් මේ රටේ ඇති කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා. (බ)

:       0       0

එඩ්රියන් ද මැල් Wednesday, 10 December 2014 10:40 AM

ජනතා විමුක්ති පෙරමුණ මේ රට අවුරුදු දහයක් පාලනය කළා නම්,රට හැදිලා. (බ)

:       0       0

කටුගස්තොට Wednesday, 10 December 2014 10:42 AM

තිරුපති වැඳල ගොඩබැස්ස විතරයි ඔන්න තව දෙන්නෙක් යන්න ගිහින් (බ)

:       0       0

සුගුනවති Wednesday, 10 December 2014 10:43 AM

ලඟ හිටියා නම් අනුර කුමාර මහත්තයාගේ කටට ටොපි අහුරක් දානවා කියපු කතාවට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 206 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 5 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 464 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 202 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 380 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 789 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site