(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව කොත්තන්තිව් පදිංචි ඉරසුර ආරච්චිගේ අජීත් නිලන්ත නැමති ධීවරය කාර්මිකයකු හා රියදුරේකු ලෙස සේවය කරන අයකු බව කියයි.
පල්ලිවාසල්පාඩුව සමාගම් දැල නමින් ප්‍රසිද්ධ මාදැල මුහුදේ එලා එය ට්‍රැක්ටර් වලට සවිකර ඇති වින්ච් නැමති ආධාරක උපයෝගි කර ගනිමින් මාදැල ගොඩට අදිමින් සිටියදී නොසිතු ලෙස එකවර ට්‍රැක්ටරය උඩකුරුව පෙරළි රියදුරු හා සහයකයා එයට යටවි සිටි බව කියයි.
කෙසේ වෙතත් කඩිනමින් එම ස්ථානයෙ තිබු තවත් ට්‍රැක්ටරයක් හා මාදැල ඇදිමට සිටි අනිත් ධීවරයින් සමග එක්වි ට්‍රැක්ටරය උස්සා මෙම දෙදෙනා ඉවත් කර කඩිනමින් කොත්තන්තිව් රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුනද ඒ වන විටත් ට්‍රැක්ටරයෙ රියදුරා මරණයට පත්ව සිටි කොත්තන්තිව් රෝහලේ වෛද්‍යවරුන් පවසයි.
මාදැල් ඇදිම සදහා ධීවරයින්ට අමතරව ට්‍රැක්ටරයට සවි කරනු ලැබ ඇති වින්ච් නැමති ආධාරකය ධිවර පනත අනුව තහනම් නමුත් මේ වන විට මාදැල් ඇදිමට යොදා ගන්නා ධීවරයින් සංඛාවා අඩු කිරීමට මෙලෙස වින්ච් සවිකල ට්‍රැක්ටර් රථ භාවිතා කිරිම බහුල වී තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවිමේන් මරණයට පත්වු අය විවාහකයකු බවත් ඔහු දෙදරු පියකු බවද කියයි.
ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ
පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මාදැල අදිමින් තිබු ට්‍රැක්ටරය පෙරැළී රියදුරා මරණයට