(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන දත්ත සහ සංඛ්‍යා ලේඛන විශ්වාස කරන්නට එපා යැයි කී මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශය මූල්‍ය අරමුදලට දුන් දත්ත වැරදි බව ඔවුන්ම පිළිගත් බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කතාවට මුදල් අමාත්‍යාංශය දුන් දත්ත වල බිලියන දහසක වෙනසක් තිබූ හෙයින් එම කතාව පාවිච්චියට නොගත් බව කී අලුත්ගමගේ මහතා මෙවැනි නිලධාරීන් තවදුරටත් තබාගන්නේ දැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සඳහන් කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා
චන්දන Thursday, 08 February 2024 05:41 PM
ඒක තමයි. ටින් එකට රෙජිස්ටර් වෙන්නත් එපා ඒක නිසා...
Rata Perata Thursday, 08 February 2024 05:52 PM
ඇමැතිගේ හැටියට තමයි.. අමාත්‍යාංශ වැඩ කරන්නේ...!
Dasa P Thursday, 08 February 2024 06:18 PM
ඔයාව නම් අපිට ඉර හඳ වගේ විශ්වාසයි...
අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 06:20 PM
මින් ඉදිරියට රනිල් ජනාධිපති තුමාට මුදල් අමාත්‍යාංශයේ බොරු කියන නිලධාරින්ගේ දත්ත හා තොරතුරු වෙනුවට ඇත්තෙනූත් ඇත්ත කියන පෙරාපු රත්තරං වගේ ඉන්න මහා ආර්ථික විශේෂඥයින් මහින්දානන්දගෙන් අවශ්‍ය දත්ත හා තොරතුරු ලබා ගන්න කියලා අපි නිර්දේශ කරමු.
Nimal Thursday, 08 February 2024 06:22 PM
වත්මන් ඇමැතිවරුන්ව නම් සත පහකට විශ්වාස කරන්න එපා.
Roshan Thursday, 08 February 2024 09:35 PM
එතකොට උබ වගේ කම්බ හොරෙක්ද තියාගන්න ඕන
පිටරටවැසියා Thursday, 08 February 2024 11:55 PM
අපිටනම් කියන්න තියෙන්නෙ, අපේ තීරණය අරගෙන ගොඩක් කල් බවය... ඉදිරි මැතිවරණයේදී එය නිසැකවම ක්‍රියාත්මක කරන්නෙමු !!!
Perera Friday, 09 February 2024 02:53 AM
මුන්ව විශ්වාස කරන්න පුළුවන් එවුන්ද ?අසූචි නැවක් ගිලපු එකෙක් නේ මූ