IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මුදල් ඇමැති උසාවි ගෙන්වයි

ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගම ඇතුළු බීර සමාගම් 4කට රුපියල් කොා්ටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තොබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂක ජනරාල් , මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනකුට නියම කරමින් අභියාචානාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.

මාස හතරක රේගු බදු සහන ලයන් බෲවරි සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ (27* සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කැරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ  මෙම පෙත්සම කැඳවිණි.

අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමනියේ රතනවංශ යන භික්ෂූන්වහන්සේලා සය නමක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූහ.



අදහස් (0)

මුදල් ඇමැති උසාවි ගෙන්වයි

ද සිල්වා බෙර්ලින් Tuesday, 27 September 2016 06:16 PM

බිර සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍යම දෙයක්. පහුගිය කාලේ බිර කර්මාන්ත ශාලා ගංවතුරට යට වෙලා බිර හිඟයක් රටේ ඇතිවුණා. කර්මාන්ත ශාලාව හදනකම් බිර රටින් ගෙන්වන්න බදු සහන දුන්නා. මේකට ඔච්චර උඩ පනින්න ඕනෑ නැහැනේ

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 28 September 2016 12:21 AM

බණ්ඩාර අහලා තියෙනවද රක්ෂණය කියලා එකක් ගැන? හිතනවද ඔය වගේ විශාල ආයතනයක් තමන්ගේ දේපල රක්ෂණය නොකර සිටියි කියලා

:       0       0

සජී Wednesday, 28 September 2016 03:32 AM

කාගෙ කාගෙත් කිල්ලෝටවල ඔය හුණු තියෙන්නේ (බ)

:       0       0

දිලුම් Wednesday, 28 September 2016 03:44 AM

බණ්ඩාර සුරා සොඩෙක්ද, නැත්නම් අතපය හතරෙන්ම මුදල් ඇමතියට කඩේ යනවාද, මේ ඇමතිය තමන්ට කර ගන්නව මිසක් ආපු දවසෙ ඉදන් මහජනයා වෙනුවෙන්නම් කරපු දෙයක් නෑ. ඩිවි. ගුණසේකර මයා කියල තිබුණ ආණ්ඩුවට කලින් මුදල් ඇමතියව පාලනය කරන්න ජනපති පියවර ගත යුතුයි කියල. ඒකෙන්ම පේනවනේ මෙයාගෙ රඟ. (බ)

:       0       0

දිලිප් Wednesday, 28 September 2016 03:49 AM

බණ්ඩාර කිවූ කතාව ඇත්ත. නමුත් මාස 04ක් බදු සහන ලබා දීම ගැටළුවක් වගේ. මාස 2ක් හෝ 3ක් දීම සාධාරණ ලෙස මටනම් හැගේ. (බ)

:       0       0

උපුල් Wednesday, 28 September 2016 04:06 AM

මිනිස්සුන්ගේ රුපියලටත් බදු ගහන මුදල් ඇමති, මතට තිත තියන ආණ්ඩු, කොම්පැනි වලට කෝටිගණන් සහන, ඔය සහනය දුප්පත් ගොවියට දුන්නනම් නිෂ්පාදන වියදම් අඩු කරන්න තිබුන.(බ)

:       0       0

තුසිත Wednesday, 28 September 2016 04:10 AM

මැටි කතා කියන්න එපා බණ්ඩාර, කම්පැනි රක්ෂණය කරන්නේ ඕවට තමයි, නැතුව මහජනයාගේ සල්ලි නිකන් දෙන්න නෙමෙයි , කොහොම වුනත් හාමුදුරුවරු කළේ හරි වැඩේ, මුන් දෙගොල්ලොම එකයි (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 28 September 2016 04:20 AM

ඡන්දයක් එනකොට මුදලාලිලා ටික හිතේ හැටියට සල්ලි විසිකරලා ඡන්දදායකයා දිනවනවා , ඡන්දෙ දිනුවට පස්සේ මුදලාලිලව සනසන්න මේ වගේ බදු සහන ඇතුළුව තවත් නොයෙකුත් වරදාන ලබා දෙනවා . මෙන්න මේ නිසා තමයි අපේක්ෂිත්යෙකුට උපරිම මුදලක් නියම කොරන්න ඕන (බ)

:       0       0

නාලනී Wednesday, 28 September 2016 04:36 AM

එතකොට එම ආයතනයට විතරද වතුරෙන් හානි වුණේ. (ම)

:       0       0

සැමුවෙල් Wednesday, 28 September 2016 05:31 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දහම් Tuesday, 27 September 2016 12:58 PM

මතට තිතද? මතට සැපද? (අ)

:       0       0

සමුද්‍ර Tuesday, 27 September 2016 01:15 PM

මෙම ආයතනයහි හිමිකාරිත්වයක් ගරු මුදල් ඇමති තුමාටද තිබෙන බව කියවේ. (අ)

:       0       0

ධම්ම Tuesday, 27 September 2016 01:39 PM

මේ මුදලින් මන්ත්‍රීවරුන්ට වාහන අරන් දෙන්න එතුමන්ලාගේ ජනතා සේවය පහසුවෙන් කරන්න. (අ)

:       0       0

සෑම් Wednesday, 28 September 2016 06:17 AM

ඔය සමාගම් වගේම තවත් මහජන දේපල, සුළු දේශීය කර්මාන්ත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. තවද කොස්ගම අනතුරෙන් වුනු හානියට වන්දි ගෙවීම ඉබිගමනේ. විෂ මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් වලට පැන පැන සහන දෙනවා. මහජනතාව මත්කර, සිතින් සහ ගතින් දුබල වුනහම පාලනය කරන්න ලෙහෙසි හින්ද වෙන්ඩ ඇති මත් වතුර දිරි ගන්වන්නේ. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 27 September 2016 02:08 PM

පහුගිය මාසේ කොළඹට ආපු මහා ගංවතුරට ලයන් බෲවරි සමාගම මුළුමනින්ම යටවුණා ,නිශ්පාදන අංගෝපාංග සියල්ලම වගේ ගංවතුරින් විනාශ වුනා. ගංවතුර නිසා එම ආයතනයට මිලියන ගානක පාඩුවක් සිදුවෙලා තියෙනවා . ඒවගේම පසුගියා මස 3ක් නිෂ්පාදන කටයුතු කරලත් නැහැ, ඉතින් සහනයක් දුන්නම මොකක්ද තියෙන වැරැද්ද . එම ආයතනය වැහුනොත් රජයට ලැබෙන ආදායම බිලයන ගානකින් අඩුවෙනවා.එතකොට යාපාලන ආණ්ඩුවට තව නයක් ගන්නවෙයි ඉන්දියාවෙන්. (අ)

:       0       0

වින්සන්ට් Tuesday, 27 September 2016 03:32 PM

වෙනසක් බලාපොරොත්තුවෙන් යහපාලනය බලයට පත්කළ ජනතාව, වර්තමාන මුදල් ඇමතිවරයා ගැන සැහීමකට පත් වන්නේද යන්න සිතිය නොහැකිය.කෝටිපති ව්‍යාපාරිකයන් පිනවීම පමණකින් යහපාලනයක් ඇතිවිය නොහැකිය.මුල්‍ය අපරාධ පරීක්ෂණ කළ පමණින් ජනතාව රවටන්නටද හැකිවන්නේ නැත. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් යම් බලාපොරොත්තුවක් රට ගැන තබා ඇත්නම් එය ඉටුකර ගැනීමට වර්තමාන මුදල් ඇමතිවරයා මඟින් හැකිවන්නේදැයි සැකසහිතය. (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 28 September 2016 07:34 AM

අනේ අපොයි රවී මහත්තය ගැන කවුද නොදන්නේ ?? මේ සමාගම් වලින් මෙතුමාට ලැබෙන සහනය කොතෙක්ද ?? මේවා නිකන් විහිළු නඩු හබ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ , ඔන්න ඔය අහිංසකයට පාඩුවේ වැඩකරගෙන යන්න දෙන්න ...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 269 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1145 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1796 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4264 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site