(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් කමිටු සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි
janahitha Thursday, 08 June 2023 10:15 AM
හා අද්යාපන සුදුසු කම් අවශ්‍ය නැතෙයි.
මොල්ලිගොඩ Thursday, 08 June 2023 12:48 PM
ජනහිත ලොක්කෝ හර්ෂ මන්ත්‍රීතුමාට අධ්‍යාපන සුදුසුකම් නැතෙයි...
Asanga Thursday, 08 June 2023 10:27 AM
අපිට දැන් හොඳටම පේනවා කාගේ පදේටද මේකලා ඔක්කොම නටන්නේ කියලා.මුන් ඔක්කොම ගෙදර යවන්න දැන් කාලේ හරි .චන්දයක් තියලා බලමුකෝ මුන්ට මොකද වෙන්නේ කියලා.බොරු සංඛ්‍යාලේඛන ඕනේ නැහැ පාරට බැස්සම පේනවා විදිහ .කාලකන්නි හැතිකරේ
යෝගා Thursday, 08 June 2023 10:47 AM
කවද ඡන්දයක් තිබ්බත් අරගොල්ලන්ට 5% ට අඩුයි ආයුබෝවන්ඩ..!
AsangaThursday, 08 June 2023 11:44 AM
අපිත් මේ බලන් ඉන්නේ ආයුබෝවන්...!
සෙනෙවිරත්න Thursday, 08 June 2023 04:36 PM
5%ට අඩු උනත් ඒකට ප්‍රශ්නයක් නැහැ, රටට තමයි අවුල, මොකද මෙතෙක් කල් 5%අඩු වෙලා, අනිත් ඒවට වැඩි උනා කියල යහපතක් උනාද?
JayamannaThursday, 08 June 2023 01:02 PM
ඔව්, ඔව්... ඔබලා විසඳුම් දෙනවනේ.. අනේ මගේ කට. හැමදේට එළවපියව් තමයි කතාව...
AJITHThursday, 08 June 2023 02:22 PM
ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මුණු දැක්කම දුකෙන් ඉන්න බවක් පේනවා
gunarathnaThursday, 08 June 2023 06:48 PM
මොකද මාස ගාණක් අරගල කරලා පත්කර ගත්තු ජනාධිපති දැන් නරකද?
යෝගා Thursday, 08 June 2023 10:45 AM
කොහොමද සජබෙ නම්මලා ගත්ත හැටි..? IMF සටන් පාඨයත් ඉවරයි එහෙනම්
Kotiya Thursday, 08 June 2023 10:46 AM
මුන්ව ගෙදර යවලා අපි ආයි පෝලිම්වල ඉමු ආයිබොවන්ඩ.... ඕකනෙ ඉස්සර ඉදලම කියන්නේ "සිංහලයා මෝඩයා" කියලා.
AsangaThursday, 08 June 2023 11:58 AM
ඇයි අප්පොච්චියේ එහෙම හිතන්නේ ආයුබොවන්... දැන් ඔය කරන අයගේ නැත්තේ පෝලිම් ටික විතරයි නේද? පව්, අප්පා... ඉතින් මේවා තාම තේරෙන්නේ නැහැනෙ ඔහෙලා වගේ අයට...
කැවුම් කොටිය Thursday, 08 June 2023 06:16 PM
අනේ කොටියෝ, ණය ටික නොගෙවා ඉන්නකල් තෙල් ටික ගෙන්න සල්ලි තියනවා... ඒක තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනේ අනුන්ට කියන්න කලින්...!
Deepal Nirosh Thursday, 08 June 2023 12:09 PM
මුදල් කමිටු සභිපති විතරක් නොවෙයි, දැන් මුළු රටම වැඩ කළ යුත්තේ අයි.එම්. එෆ්. අරමුදලේ පදයට අනුවයි. එතකොට කෝ මේ ගොඩනැංවූවා කියන ආර්ථිකය? ඒක අයි.එම්. එෆ්. ඇපයට තිව්වාද දන්නෙ නැහැ.
Podi Hadaya Thursday, 08 June 2023 01:06 PM
අපූරු කතා... කෝ අනේ ස්වාධීනත්වය? ඔයා යන්නේ කොයි පාරෙද?
මහසෙන් Thursday, 08 June 2023 01:23 PM
මේ සම්බන්ධයෙන් විහිළු පක්ෂ නායකගේ විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න. මීට පෙර රට තුළ තෙල්පෝලිම් ඇති වූ අවස්ථාවේ දී ඔහුගේ මිත්‍ර රටවලින් තෙල් නැවු ගෙනත් බෑවා සේ මේ යෝජනාවට විරුද්ධව මිත්‍ර රටවල් සමග එක්ව සල්ලි නැව් ගෙනඒමට සාකච්ඡා ආරම්භ කරඇත..
බද්රානි Thursday, 08 June 2023 02:51 PM
මොනවා වුණත්, මුල් පේලියේ ඉන්න උගත්, බුද්ධිමත්, වැදගත්, මහත්වරු පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයයි. අර පසු පේලිවල ඉන්න හොර (හෙර) අමන, තක්කඩි රැල දැක්කාම මට නම් අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි...!
Nimesh Thursday, 08 June 2023 04:31 PM
IMF එකටම ආණ්ඩුව කරන්න දීල පින්පතිය ගෙදර ගියානම් ඉවරයි
සෙනෙවිරත්න Thursday, 08 June 2023 04:35 PM
ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපනව වගේ, හර්ෂට වෙන්නෙ
සල්ලි Thursday, 08 June 2023 07:08 PM
සැප විඳලාම පෑදුණු තට්ට, සුදු වුණු කොණ්ඩ, ඔක්කෝම වගේ පවුල් දේශපාලකයෝ.. මොවුන් හදවතින්ම රටට, ජනතාවට සෙතක් කරයි කියලා හිතන් ඉන්නවා නම් ඒ අලි මෝඩයින් තමයි. අපේ බදු සල්ලි වලින් සැප ගන්න අය.. ඔවුන්ගේ ගෙවල්වල ඉන්න අයත් පට්ට සැපේ ඉන්නේ... අපේ පන්තියේ අයගෙන් එකතු කරපු බදු සල්ලිවලින්...
Willow Drive Friday, 09 June 2023 06:27 AM
ලෝකයේ කිසිම රටක් imf පිහිටෙන් ගොඩ ගිහින් නැහැ..
ඩයනා ගමගෙ Friday, 09 June 2023 10:30 AM
ජාතිය රැකගන්න තියන අන්තිම අවස්ථාව මේක තමා. හැමොම සීරුවෙන් පෙල ගැසිය යුතුයි.