(සුජිත් හේවාජුලිගේ )
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (committee of public finance) වැඩබලන සභාපතිවරයකු පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරන්නේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට වැඩබලන සභාපතිවරයකු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පත් කළ නොහැකි බවයි.
මහජන මුදල් කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කළ යුතුයැයි එක හඬින් ප්‍රකාශ කරන හෙයින් ඔහු ස්ථිර සභාපති ලෙස පත් කිරීමට කිසිම ගැටලුවක් නැතැයිද කිරිඇල්ල මහතා පෙන්වාදුන්නේය.
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී යෝජනා කළ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තේරීම් කාරක සභාව තමාගේ යෝජනාව අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
කෙසේවෙතත් තේරීම් කාරක සභාවේ රැස්වීමක් අද හෙටම පැවැත්වෙන බව තමාට දැනගන්නට නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ විසින් යෝජනා කෙරුණු සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබීය.
ඒ අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් සභාපති ධූරයට යෝජනා කරනු ලැබුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නමය.
මයන්ත දිසානායක මහතා එම කාරක සභාවේ සභාපති ධූරයට පත්කිරීමට සමගි ජන බලවේගය දැඩි ලෙස විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම අනුව දිසානායක මහතා පසුව එම තනතුරෙන් ඉල්ලා අස්විය.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් කාරක සභාවේ මුල් පුටුවට අලුතින් කරන්න යන දේ