IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මුදල නිසා සංගීතයේ රස ඇහිරේද?

‘සංගීතය’ යන නාමය අකුරු පහකින් ලියැවුණත් එය විග්‍රහ කිරීමට යාමේදී බොහෝ දෙනාගේ විවිධ අදහස්, එකිනෙකට ගැළපෙන නොගැළපෙන යථාර්ථ අදහස් මුළුමනින්ම ගලාගෙන ඒමට හැකිව තිබේ. මෙය දශකයෙන් දශකයට වෙනස්ව ඇත්තේ, දියුණු වූ සමාජ ක්‍රමය සහ මුදල්මය වටිනාකමක් ‘සංගීතයට’ ලබාදීමට යාමේදීය.

 

වාණිජ්‍යය වටිනාකමට ගීත නිෂ්පාදනය

අතීතයේදී වඩා වාණිජයම වටිනාකමක් උදෙසා නිර්මාණය වන ගීතයන් වන යම්කිසි රසඥතාවක් විඳීමට කිසිදු අදහසක් නොමැත. අද බොහෝ නවක ගායකයන් සඳහන් කරන්නේ ‘අද අප නිර්මාණය කරන්නේ අපේ රසිකයන් අපෙන් ඉල්ලන දෙයයි’ යනුවෙනි. නමුත් කවදා හෝ දිනෙක කිසිදු ගායකයෙක් තමන්ගේ රසිකයන්ගේ ඉල්ලීමක් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබේද?. පැරණි දශකයන්හි ගීතයන් නිර්මාණය වූ ඒ ඔවුන්ගේ අත්දැකීම හෝ පෞද්ගලිකත්වයේ ආත්ම තෘප්තිය වෙනුවෙනි. නමුත් අද වනවිට ගීතයක් නිර්මාණය සඳහා මුල පුරන්නේ කිසියම් ආයතනයක (රිගින් ටෝන්) ඕනෑ එපාකම් අනුවය. එම වාණිජකරණයට හසුවූ තවත් දෙයක් වන්නේ මියුසික් වීඩියෝ රැල්ලයි.

 

රැල්ලක් පස්සේ යන රැල්ල

රැලි ලෙස නිර්මාණය වූ බෝහෝ දේවල් හොඳට මෙන්ම නරකටද සිටි බව කිව හැකිය. නමුත් රැල්ලක් නිර්මාණය වන්නේ එකා පස්සේ එකා යාම මගිනි. අද මෙන්ම පසුගිය දශකවලද රැලි කියන සංස්කෘතියක් තිබූ බව කිව යුතු නැත. මල් රැල්ල ලෙස නිර්මාණය වූ ගීතමය ස්වභාවය මගින් ලංකාවේ ඇති සියලු මල්වල නම්වලින් ගීත නිර්මාණය විය. ඊට පසු හින්දි තනු සඳහා ගීත නිර්මාණය වීමට ඇරඹුනි. මීට අමතරව පැරණි ගීත නැවත රීමේක් කර ගායනා කිරීමේද ආරම්භයක් ගනු ලැබීය.  එයත් පොඩි ජොලියක් ලබා දෙන රැල්ලක් කිව හැකිය. එමෙන් මේ වනවිට වෙනස්ම වූ විවිධ රැලි නිර්මාණය වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

 

බූට් එකක් කාපු එකාට වඩා සිංදුව කියන එකා අඬනවා

අතීතයේ දශකවල නිර්මාණය වූ ගීත බොහෝ දෙනා අසනු ලැබුවේ ශ්‍රාවකයන්ගේ සිත්වල ඇති වූ වේදනාව සහ යම්කිසි විඩාවට පත්වූ සිතක් නිවන්නටය. ප්‍රේමයෙන් පරාද වූ විට විරහ ගීතයක් විඳ එය තම ජීවිතය කරගනිමින් එය රසාස්වාදය කරගනිමින් පරාජිත ප්‍රේමය විඳගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටියහ. නමුත් අද වනවිට ජනප්‍රිය වාක්‍යයක් වන්නේ, “බූට් එකක් කාපු එකාට වඩා සිංදුව කියන එකා අඬනවා” යනුවෙන් තියෙන වාක්‍යයි. අදටත් ප්‍රේමයෙන් පරාජ වූ කෙනෙකු මෑත කාලීනව නිර්මාණය වූ ගීතයක් ඇසීමට යොමු නොවන්නේ ඔහුට වඩා ගීතයේ ගායකයාගේ අදෝනාව නිසාය.

 

මිල්ටන් සහ ජෝතී සාද

අදටත් තරුණ පරම්පරාව එකතු වූ තැන නිතරම ඇසෙන ගීත වන්නේ හැත්තෑවේ දශකවල ඇති මිල්ටන් මල්ලව ආරච්චි සහ ජෝතිපාල මහතාගේ ගීතයන්ය. ඒ එදා මෙන්ම අදටත් ඒ රසයට තරුණ සිත් ඇල්මක් දක්වන නිසාය. අද ඇති නවීකරණය වූ ගීත කිසිඳු තරුණ සාදයකදී ගායනා නොකරන්නේ මන්ද යත් එයට හේතු ගණනාවක් ඔප්පු කිරීමට එකිනෙකාට හැකියාව තිබේ.

 

තාරුණ්‍යයට වීරයන් වූ ගායකයෝ

කුමන හෝ රැල්ලකින් වර්තමානයේ බිහිවූ ගායකයන් තාරුණ්‍යයට වීරයන්ද? නමුත් නව රැල්ල තුළ අදටත් තාරුණ්‍යය විසින් ගරු කරන සහ වීරයන් බවට පත්ව ඇති අමරසිරි පීරිස්, රූකාන්ත ගුණතිලක, චාමර වීරසිංහ, අමල් පෙරේරා, කසුන් කල්හාර, චිත්‍රාල් සෝමපාල, නලින් පෙරේරා, නදීක ජයවර්ධන වැනි ගායකයන් අදටත් තාරුණ්‍යයේ වීරයන් ලෙසට සලකති. මොවුන් බිහිවූයේ රැල්ලක් හෝ කුමන් රියැලිටිම වැඩසටහනක් තුළින් නොවන බවද කිව යුතුය. නමුත් ඇතැම් වීරයන්ද රියැලිටි තරු මාවතේ ආ බව කිව හැකිය.

 



අදහස් (0)

මුදල නිසා සංගීතයේ රස ඇහිරේද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 965 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1581 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 346 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1431 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 482 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1214 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site