IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මුදල් - රන් භාණ්ඩ මංකොල්ලය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක්


(තිලකරත්න දිසානායක)

ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී  රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (15) සවස යතුරු පැදියකින් පැමිණ ඇති සැකකරුවන් තැන්පත් කරුවන් ලෙසින් මූල්‍ය ආයතනයට ඇතුලු වී කාර්ය මණ්ඩලයට ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා ඇති බවත් මොවුන් අත අත් බෝම්බයක් සහ ගිනි අවියක් තිබූ බවට එම මූල්‍ය ආයතනය මගින් පැමිණිලි කොට ඇති බවත් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා පැවසීය.

කොල්ලකරුවන් මූල්‍ය ආයතනයෙන් මුදල් රුපියල් ලක්ෂ 9 ක් සහ රුපියල් 03 කෝටි 90 ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලි කොට ඇති බවද සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේය.  

සිද්ධියට අදාල කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා සහ මිනුවන්ගොඩ හා ගණේමුල්ල පොලිස් ස්ථානාධිපති වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් 03ක්ද, බුද්ධි අංශ 02ක්ද යොදවා ඇත.



අදහස් (1)

මුදල් - රන් භාණ්ඩ මංකොල්ලය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක්

සිරිබිරි Saturday, 16 January 2021 02:54 PM

අපි හිතුවේ "ස" ආවාම කොල්ලකෑම්, පගා, දූෂණ වගේ දේවල් නැති වෙලාම යයි කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘
2025 අප්‍රේල් මස 28 40 0

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත්


තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 44 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 578 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 294 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 477 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 956 0


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 945 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site