(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
“මනුස්සකම යටවී මහා භයානක සමාජ තත්ත්වයක් රටේ ඇති වෙලා. මුදලට මෙන්ම තවත් මුදල් ලබා ගන්නට ඕනෑම දෙයක් පාවාදෙන්න ලෑස්ති පිරිසක් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම දේශපාලනඥයෝ තමන්ගේ අම්මා පවා බන්දේසියක තියලා විකුණන්න ලෑස්ති වෙලා සිටින යුගයක් ඇතිවෙලා“ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. ඇය මේ බව කීවේ නිට්ටඹුව හොරගොල්ල ඕචඩ්වත්ත මුස්ලිම් විද්‍යාලයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති කලා ප්‍රසංගයේ ත්‍යාග ප්‍රදානයට එක්වෙමිනි.
හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.
“මගේ ජනාධිපති ධුර කාලයේදී අධ්‍යාපනයට විශේෂ තැනක් දුන්නා. අධ්‍යාපන ඇමති සමග මම පැය ගණන් දවස් ගණන් සති ගණන් ගත කරලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඒ තුළින් රටේ අධ්‍යාපනයේ විශාල වර්ධනයක් ඇති කරන්න පුලුවන් වුණා“
“නවෝද්‍යා පාසල් වැඩ පිළිවෙල යටතේ හැම ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයකම පාසල් දෙකක් ගානේ පාසල් හත්සිය ගානක් තේරුවා . උතුරු නැගෙනහිර යුද්දේ තිබුණු නිසා ඒ පාසල්වලට අත ගහන්න බැරිවුනා.
අපි බලයට එනකොට විදුහල්පතිවරු සිටියෙත් නැහැ. වැඩි දෙනා කොළඹට යන්න බලා ගෙන හිටියා. ඈත පලාත්වලට යන්න සූදානම් වූ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට විශේෂ දීමනාවකුත් දුන්නා. එහේම කරගෙන පාසල් දියුණු කර ගෙන එනකොට ආණ්ඩුව වෙනස්වුනා. දැන් ආපහු මුල ඉදලා ගේන්න වෙලා තියෙනවා. අපි ඒ දේ කරන්න ආරම්භ කර තිබෙනවා.‘‘ යයිද චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය.
රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අද (10) ගෙවීමට කටයුතු කළ යුතු නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් මත සංශෝධිත වැටුප ගෙවීමට අපොහොසත් වුවහොත් ම
“අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට පමණ පැනවූ ඉහළ තීරු බදු ප්‍රතිශත ක්‍රියාත්මක කිරීම දින 90 කට අත් හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවස
යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය ව
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
මුදල් වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම් පිරිසක් සිටින බව හිටපු ජනපතිනිය කියයි
සෙනෙවි Sunday, 05 March 2017 06:44 AM
ඒ කියන පිරිසේ මුලින්ම ඉන්නෙ මැය නේද ?
Jayasiri Sunday, 05 March 2017 07:43 AM
අනේ අම්මෝ ඒ කාලෙ කරපුවනම් ආයෙත් පටන් ගන්නෙ නැතිනම් හොඳයි....
Manojith Sunday, 05 March 2017 08:16 AM
අවුරුදු අටක් තිස්සෙ පාලනය කරලත් මේවගේ කතා කියනවා. ඒ කාලෙ අධ්‍යාපන නිලධාරීන්ට උදේ නමයට එන්න කිව්වත් හම්බවන්න වෙන්නේ හවස හයට...
kiri gamarala Sunday, 05 March 2017 08:44 AM
සංහිඳියා උපදේශක කියාගෙන තමුන්නැහෙත් කොරන්නෙ ඔය කෙංගෙඩියමනෙ. සංහිඳියාව බාර ඇමති මඟින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා ආගම ඉගැන්වීම පාසැල් විෂය නිර්දේශයෙන් අයින් කළ යුතුයි කියල යෝජනා කළේ ජාත්‍යන්තර එන්ජීඕ නඩයේ මුදල් වලින් යැපෙන හින්ද නෙවෙයිද?
Senarath Sunday, 05 March 2017 08:47 AM
අවාසනාවට රිචඩ් පතිරණ ජීවතුන් අතර නෑ. අපි දන්නවා රිචඩ් පතිරණ වටිනා දේවල් රැසක් කළා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන්