IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාදුළුවාවේ හිමි - රනිල් ගිවිසුම අඟහරුවාදා

යහපත් දේශයක් බිහි කිරීම රමුණු කොට ගනිමින් එක්සත් ජාතික පෙරමුණ හා සිවිල් සංවිධාන අතර ගිවිසුමකට අත්සන් තැබීම අඟහරුවාදා (28) පෙරවරු 9.30ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් එහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය වෙනුවෙන් කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි ද  වෘත්තීය සමිති සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් ද මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.



අදහස් (0)

මාදුළුවාවේ හිමි - රනිල් ගිවිසුම අඟහරුවාදා

සෙනරත් Sunday, 26 July 2015 06:29 PM

බටහිර රටවල් මෙහෙයවන සිවිල් සංවිධාන වලට අනුව තමා අපේ අගමැතිතුමා රට කරවන්නේ. අපි එතුමන්ලාට ජන්දය දුන්නේ ඒ නිසා තමයි. (ම)

:       0       0

කැප්පෙට්පොළ Sunday, 26 July 2015 12:32 PM

සහතික ඇත්ත නිමල් කියන එක. සිංහලයට තියෙන එකම රට ලංකාවයි. අපේ සිංහල රට සහ සිංහල ජාතිය ආරක්ෂා කිරීම අප හැම දෙනාගේම වගකීමයි. එය විනාශ කරන්න හදන දේශද්‍රෝහීන් රටෙන් පැන්නිය යුතුයි. (නදී)

:       0       0

ධම්ම Sunday, 26 July 2015 12:36 PM

කැළණි විහාර භූමියේ රතුපල්ලිය හැදුනේත්, දළඳා මාලිගා භූමියේ සෙන්ට් පෝල් පල්ලිය හැදුනේත් අපේ භික්ෂුන්වහන්සේලාගේ නම්‍ය සුලුභාවය ප්‍රයෝජනයට ගෙනය. (බ)

:       0       0

සායිල් Sunday, 26 July 2015 12:37 PM

මහා බැංකු බැඳුම් කර හොරට විකුණා කොටි 6000 ක් පිල්ලිගැහීම කසිප්පු සැදීමට එතනෝල් බලපත්‍ර 26ක් දීම යහපත් දේශයක් බිහි කරන සාධාරණ සමාජයේ ලක්ෂණද. (බ)

:       5       8

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 01:14 PM

විදේශ මුදල් මත යැපෙන සංවිධාන සමග ගිවිසුම් ගැසීම , රට විකුණුවා හා සමානය (නදී)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 01:15 PM

අතලොස්සක් ඇති මේ සංවිධාන වෙනුවෙන් රට පාවා දිය යුතුද ?(නදී)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 01:17 PM

මේ ගිවිසුම් රටට හෙළි කල යුතුය (නදී)

:       0       0

ලලිත් Monday, 27 July 2015 12:24 AM

හොද වැඩක් අගය කරනවා (ම)

:       0       0

වැකෝ Monday, 27 July 2015 12:41 AM

උතුරේ සහ නැගෙනහිර අයත් මේකට සහභාගි වෙනවද? (ම)

:       0       0

මහානාම - කඳන Monday, 27 July 2015 07:36 AM

නිමාෂ ගේ වැදගත් අදහස අගය කරමු. බඩ ගැන පමණක් හිතන උදවිය ගොඩක් ඉන්න අය අතර රට ගැන හිතන ඔබ වැනි අය විරලය . (ස)

:       0       0

මහානාම -කඳාන Sunday, 26 July 2015 02:04 PM

සොබිත හාමුදුරුවෝ රටේ අබ්යන්තර ප්‍රසන අපිට කෙසේ හෝ විසදා ගන්න පුළුවන්. අන්න අර කට්ටිය ෆෙඩරල් පාලනයක් ඉල්ලනවා. ඔබ වහන්සේට එ්ක ප්‍රස්නයක් නැද්ද ? 13 එපා කියා එදා 1987 මැයි මාසේ මාරාන්තික සත්‍යග්‍රහයක් කළා නේද? මාත් සහබාගි උනා. මොරටු සරසවි මා සහෝදර ක්ලිපාඩ් පෙරේරා බල්ලෙක් වගේ වෙඩි තියලා මැරුව ඔබ වහන්සේ පත්‍ර වල දකින්න ඇතිනේ. 13 නොවේ අද මෙයා ලා ඉල්ලන්නේ 13 ට එහා ගිය වෙනම පාලනයක් නේද ? (නදී)

:       0       0

නිශාන්ත Monday, 27 July 2015 02:55 AM

අනේ හාමුදුරුවනේ පිනට ලැබෙන දාන වෙළ වළදලා ඉන්න පුළුවන් නේ (ම)

:       0       0

හේවා සරත් Sunday, 26 July 2015 10:53 AM

දැන් තැටිය රත් කරගන්න පුළුවන් රොටී කන්න (බ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 26 July 2015 04:16 PM

මාදුළුවාවේ සෝභීත හිමි කවදාත් සිටියේ නිවැරදි පැත්තේ, ,කාලෙන් කාලෙට සිටි පක්ෂවල වැරදි තියේනම් ඒවා හදන්න බැරි නම් , ඉවත්ව විකල්ප පැත්තක් ගෙන වඩාත් වැරදි පැත්ත නැති කරන්න උත්සාහ කරනවා (ම)

:       0       0

ප්‍රකාශ් Sunday, 26 July 2015 11:07 AM

මේ රට විනාශ කරන අය වෙන්න එපා (බ)

:       0       0

සිසී Sunday, 26 July 2015 11:10 AM

පන්සලට ගානක් කඩාගන්න විදිහේ ගිවිසුමක් වගේ. (නදී)

:       0       0

රුචිර Sunday, 26 July 2015 11:16 AM

කෝට්ටේ රාජදානිය හැමදාමත් අතීතයේ පටන් සුද්දාගේ කුණු කාල රට පාවාදීපු එකට හොදට ප්‍රචලිතයිනේ. එ්කේ ඉතුරුවුණු අය ගැන කව්රුත් දන්නවා ඇති නේද ? (නදී)

:       0       0

නිමාෂා Sunday, 26 July 2015 04:45 PM

සෝබිත හාමුදුරුවනේ! එදා ජේආර් ධර්මිෂ්ට සමාජයක් හදනවා කියල හැදුවේ මකියවෙලිගේ 'Just society ' එකක්. තාමත් රට එම කෑම කනවා. දැන් ආයෙත් 'මෛත්‍රී' පාලනයක් හදන්න ඇවිල්ල. මෙහි 'compationate goverance ' කියන එකත් ඇමරිකාවේ බුෂ් මැතිවරනෙට යොදාගත් අදහසක්. දසරාජ ධර්මය පෙන්නලා මෙයාල ආයෙත් වැඩ පටන් අරන්. සිදුවියහැකි විනාශයේ පව් කයන් වාචා චිත්තෙන ගාථාවෙන් නම් කමාකරවා ගන්න බැරිවේවි. (ස)

:       0       0

නිමල් ලාලිත Sunday, 26 July 2015 11:23 AM

සිංහලයා සාධාරන සහ සාමකාමී වූ නිසයි සිංහලයාට අද විනාශය කරා යමින් සිටින්නේ. මේ සාධාරන සමාජයක් සඳහාවූ ව්‍යාපාරය මේ රටේ සියලුම දෙනාට එකම නීතියක් යටතේ ජිවත් වීම සඳහා , හලාල් .හැකිනම් විවාහ පහක් .නිවාස 10 කට එක ආගමික මධ්‍යස්ථානයක්, වැනි ආගමික නීති සහ වාර්ගික ජනපද පිහිටුවීම වැනි දේ තහනම් කර එකම නීතියක් යටතේ ජිවත් වීමට සලස්වානවාද? නැතිනම් අද දේශපාලයන කරන්න සේ බලය ලබාගැනීම සඳහා සිංහලයා බිල්ලට දෙනවාද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 113 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 473 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1338 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1612 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2122 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1077 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20338 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18133 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site