IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මූදු යන්නත් එපා

නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හැරුණු විට ශ්‍රී ලංකාවට සුළි සුළං ‍හෝ කුණාටු අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එහි අධ්‍යක්ෂ එස්.එච්.කාරියවසම් මහතා පවසන්නේ ප්‍රධාන වශයෙන් නිරිත දිගින් හමන මෝසම් සුළං ප්‍රවාහ එක්වීමෙන් හෙවත් අභිසාරී වීම හේතුවෙන් තද සුළං තත්ත්වයක් ඇතිවන බවයි. සිකුරාදා රාත්‍රී කාලයේ දිවයින හරහා හමා ගියේ එවැනි තද සුළඟක් බවත් අද දිනයේද වැසි සමග මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදුබඩ ප්‍රදේශයේ විටින් විට එවැනි සුළං ඇතිවිය හැකි බවත් ඒ මහතා පවසයි. මෙම සුළ‍‍ඟේ වේගය ඇතැම් අවස්තා වලදි පැයට කිලෝ මීට 80 ක් දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි සමග රට අභ්‍යන්තරයේද තද සුළං ඇතිවිය හැකි බවත් දිවයින අවට මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් ඈත්ව සිටින ලෙසත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.



අදහස් (0)

මූදු යන්නත් එපා

දිනුක වැලිගම Saturday, 08 June 2013 04:07 PM

සාම්ප්‍රදායික ධිවරයින් මාසේ පෝය දිනයේ මුහුදු රැකියාවේ නොයෙදෙයි,ගියවර කුණාටුවටද අසුවුයේ මෙලෙස මුහුදු ගිය කප්පරතොට පිරිසකි, ඒවර 45 දෙනෙකු මිය ගියේය, මිරිස්ස ‍ධීවරයින් ගියවර සහ මෙවරද බේරුණේ එබැවින් බව මිරිස්ස ධීවරයින් පවසයි.(ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 08 June 2013 05:05 PM

කාලගුණ දෙපාර්තමේන්තුව 'දැන්ද කියන්නේ' මුහුදු යන්න එපාකියාල. ඊයේ නිවාඩුද ඒ අයට?(ස)

:       0       0

පහන් Saturday, 08 June 2013 05:06 PM

කාරියවසම් මහත්තයෝ අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ. (ස)

:       0       0

අමිළ කටුනායක Saturday, 08 June 2013 06:58 PM

කාළගුණය ඔයාලට බැනුම් අහන්න වෙන්නේ නැහැ කවදා හෝ හුලං එනවා කියලා දැම්මානම්.(නදී)

:       0       0

ඉන්දික Saturday, 08 June 2013 08:36 PM

කාලගුණේට පුලුවන් මොකක් හරි උනාට පස්සෙ එක මොකක්ද කියල කියන්න විතරයි. ලන්කාවට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය තිබුනාම ඇති ඔය වැඩේට නම්.(නදී)

:       0       0

නීල් Saturday, 08 June 2013 01:36 PM

මිනිස් ජීවිත රාශියක් අනතුරට ඇද දමමින් මෙතරම් දැඩි කාලගුණ විපර්යාසයක් සිදුවෙද්දී කාලගුණ විද්‍යාඥයින්ට කල්තියා අනාවැකියක් හරිහැටි කීමට නුපුළුවන් වුයේ ඇයි? (ස)

:       0       0

ලංකා Saturday, 08 June 2013 02:14 PM

මහසෙන් කියලා කලින් අපි කුණාටුවකට නම දැම්මා. මේකට මොකක් කියලා දායිද දන්නෙ නැහැ (නි)

:       0       0

කෙවින් Saturday, 08 June 2013 02:19 PM

නිකන් රටේ සල්ලි නාස්ති කරනවා මෙයාල. වහාම මෙයාලව ගෙදර යැවිය යුතු වේ.කාලගුණ දෙපාර්තුමේන්තුවෙන් සත පහක සෙතක් රටට නැත.(ත)

:       0       0

උදිරු Saturday, 08 June 2013 02:28 PM

කාලගුනේ අනාවැකි හරියට කිව්වනේ ..... අවුල තියෙන්නේ ඒවා පිළිගෙන මිනිස්සු ගෙදර ඉන්නද.... අනිවාර්යයෙන්ම වෙනවා කියල කවුරුවත් කියන්නේ නැහැනේ.. අනික තම පවුලේ කුසගිනි නිවන්න මුහුදු යන අය යන්නම ඕනේ ...... අනිවාර්යයෙන්ම යන්න එපා කියනවනම් ගොඩක් අය පරිස්සම් වෙනවා... දෙවිනුවරින් කවුරුවත් මුහුදු නොගිය එක එකට උදාහරණයක්.... (ස)

:       0       0

ලුම්බිණි Saturday, 08 June 2013 03:21 PM

ඉතාම කණගාටුයි මේ වෙච්ච දේවල් ගැන. වෙනත් රටවල මේ වගේ තත්වයක් යටතේ මුහුදු යන එක තහනම් කරනවා තත්වය හොඳ වෙනකම්. මේකෙන් පාඩමක් අප ඉගෙන ගත යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 84 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 130 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 689 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 475 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3142 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1732 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site