IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මැද රට ආණ්ඩුකාරවරියට අස්ගිරිය කැමති නෑ

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් ධීවර ඇමැති මහින්ද අමරවීර හා සමාජ සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහත්වරුනට මහනුවරදී පැවසූ බව දැනගන්නට ඇත.

මාධ්‍යවේදීන් පිටත් කර යැවීමෙන් පසුව ඇමැතිවරුනට මේ බව පවසා ඇත. ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රශ්නයක් තමන්ට නැති බවත් දළඳා මාළිගාව හා අස්ගිරි මල්වතු මහ නායක හාමුදුරුවන් ඇතුළු සංඝයා සමග ද මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියට වැඩ කිරීමට සිදුවන බැවින් ඒ සඳහා කාන්තාවක් පත් කිරීම නුසුදුදු බව සිතන බවත් අස්ගිරි පාර්ශවය සඳහන් කර ඇත.

අස්ගිරි අනුනායක වරකාගොඩ ධම්මරතන ,මහියංගන රජමහා විහාර බාරකාර උරුලෑ වත්තේ ධම්මරක්ඛිත නාහිමි, අස්ගිරි ලේඛකාධීකාරී ආණමඩුවේ ධම්මධස්සි හිමි,ගල්ලෑල්ලේ සද්ධාතිස්ස නාහිමි හිමිවරුන් එම සාකච්ඡාවට සහභාගී වූහ.

සුදුසු කෙනකු ආණ්ඩුකාර පදවියට පත් කරන ලෙස අස්ගිරි සංඝරත්නය ඉල්ලා සිටි බවද වාර්තාවේ.

මේ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ආණ්ඩුකාරවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාය.

මාධ්‍යවේදියෙක් - ඔබතුමියගේ කිසියම් ශාරීරික වෙනසක් ගැන සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් යනවා.

ආණ්ඩුකාරවරිය - ස්වභාව ධර්මයේ සිදුවූ දෙයක් ගැන ඒ විදියට කථා කිරීම ගැන මටත් ලැජ්ජයි. මම දැන් එක්දරු මවක්. දේශපාලන වාසි ගන්න ඇතැම් අය එම ප්‍රචාර ගෙනියනවා. මේක විශාල දේශපාලන හස්තයක් කරන වැඩක්.

නව ආණ්ඩුකාරවරිය අද පස්වරු 2ට පමණ අස්ගිරි විහාරයට ගොස් අනුනායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගත්තාය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ලේකම් මහින්ද අමරවිර හා එස් බි දිසානායක අමාත්‍ය වරු අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදි අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. උන් වහන්සේලා ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන පක්ෂ එකතු වි රට පාලනය කරගෙන යෑම රටේ දියුණුවටත් සාමයටත් මහා මෙහෙයක් කළ හැකි බවයි. ඒ සදහා අස්ගිරි පාර්ශවයේ සම්පූර්ණ ආශිර්වාදය ලැබෙන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරු සහ කාරක සංඝ සභාවේ හිමිවරු පැවැසුහ.

එස් බි දිසානායක අමාත්‍ය වරයා විසින් ඒ අවස්ථාවේදි අස්ගිරි පාර්ශවයේ අනු නාහිමිවරුන් සමග පෞද්ගලික සාකච්ඡාවක් සදහා මාධ්‍ය වේදීන්ට ඉවත් වන්නය කීවේය. මාධ්‍යවේදිහු එළියට ගියහ.

ජාතික වස්තුවක් වු මහනුවර ශ්‍රි දලදා මාලිගාවේ යම් යම් කටයුතු වලට පළාතේ ආණ්ඩුකාර වරියට සහභාගි විමට ද සියලු දේවාල ආදී කටයුතු සදහාද ඇයට සහභාගි විමට සිදුවන බවත් අස්ගිරි හිමිවරුන් කියා ඇත. කාන්තාවකට සහභාගි විය නොහැකි අවස්ථා ඇතිවන බවත් එහිදි අසරණ වන්නේ අන් කිසිවෙකු නොව වත්මන් ආණ්ඩුකාරවරිය බවත් ඒ හිමිවරු කීහ.

වත්මන් ආණ්ඩුකාරවරිය කෙරෙහි ද්වේශයෙන් මේ බව සැළ නොකරන බවත්  මහනුවර මාලිගාව දේවාල ආදියෙහි චාරිත්‍ර වලට කාන්තාවන්ගේ සහභාගිත්වයක් ඇතිව කිරිමේ අපහසුවක් ඇතිබවත් හිමිවරුන් පවසා ඇත.

නනදිමිත්‍ර ඒකනායක, තිලිණ බණ්ඩාර තෙන්නකෝන්,මානෙල් බණ්ඩාර ඊට සහභාගි වුහ.

IMG_3349

ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

මැද රට ආණ්ඩුකාරවරියට අස්ගිරිය කැමති නෑ

සෝමරතන. රාජාංගනය. Saturday, 26 March 2016 10:05 AM

ලෝකේ ප්‍රථම අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ, සිරිමාවෝ බණ්ඩාරනායක ,මැතිනිය රට පාලනය කරද්දී, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ජනාධිපති ධූරය දරද්දී, මහනුවර දලදා මාලිගාව ලංකාවෙන් බැහැර රටකද තිබුනේ කියල මට සැකයක් ආවා. අපේ හාමුදුරුවනේ මේ ගැන මට පහදලා දෙන්නකෝ.පරමාර්ථ ධර්මය අනුවනම් එහෙම වුනාට ගැටළුවක් නෑ කියලය් මට වැටහෙන්නේ. (බ)

:       0       0

මහේන් Monday, 28 March 2016 05:41 AM

යාලුවනේ මට ජාතිවාදයක් ඕනේ නැහැ. එත් අපි සුළු ජාතිය වුනහම ඔය විදිහට ප්‍රජාතන්ත්‍ර වාදයක් අපිට මුස්ලිම් සහෝදරවරුන්ගෙන් ලැබේවිද. එයාලගේ ප්‍රදේශ වලට ගිහින් බලන්න අපිව බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. අපි සියලු දෙනාටම එකම පිහිට මේ හාමුදුරුවරුන් රැකගැනීම විතරක් බව මතක තියාගන්න. (බ)

:       0       0

ලසිත Saturday, 26 March 2016 10:31 AM

මම හිතන්නේ මෙතන තියෙන්නේ වෙන දෙයක්. තාම අස්ගිරියේ නව මහනායක හාමුදුරුවෝ පත්කරලා නැ. ඒකට මුන්වහන්සේලා අතර හොඳ තරගයක් ඇති . ඒකට කොහෙවත් ඉන්න ආණ්ඩුකාරවරියත් මේගොල්ලෝ ඇදගෙන වගේ. (බ)

:       0       0

තිරන්ජන් Saturday, 26 March 2016 10:37 AM

හාමුදුරුවෝ කියන්නේ කාන්තාවකට සහබාගි වෙන්න නුසුදුසු දවස් තියෙනවා කියල. කලින් සිටි කෙනා වයස්ගත කෙනෙක් නිසා එහෙම ප්‍රශ්නයක් ඇති නොවෙනවා වෙන්න ඇති. (බ)

:       0       0

ලකී Saturday, 26 March 2016 10:50 AM

කලින් ආණ්ඩුකාර තනතුර දැරුවෙත් කාන්තාවක්නෙ. මෙතන මේ සිදු වන්නේ වෙනම දෙයක්. කාගේ හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයක වැඩපිළිවෙලක් වගේ.(බ)

:       0       0

විද්‍යා Friday, 25 March 2016 06:46 PM

බුදුරජාණන් වහන්සේට ප්‍රථම කිරිපිඬු දානය පිළිගැන්වූයේ කාන්තාවක්. අති පුජනීයවූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩමකළේ ස්ත්‍රියකගේ හිස මත. ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුන ඇතිකළේද කාන්තාවක්. මෙතුමිය උගතෙක් නම්, පරිපාලනයට සුදුසුකම් තිබේ නම් සහ අතීතයේ යම්කිසි ඵලදායක වැඩක් කර තිබේ නම් අැය‍ට මෙම රාජකාරිය බාරදෙන්න කියායි මම නම් ඉල්ලන්නේ (නි)

:       0       0

පූජිත Friday, 25 March 2016 07:24 PM

මේ වගේ ප්‍රශ්න වලට දෙන්න ඕනෑ මොනවගේ උත්තරද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

උපසේන Friday, 25 March 2016 07:55 PM

කාන්තාවට සමතැන දීම ගැන සළකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)

:       0       0

ඉන්දික Friday, 25 March 2016 09:06 PM

මම නම් මේ තීරණය අනුමත කරන්නේ නැහැ. ඒත් ඉතින් ඒ කතාවෙත් ඇත්තක් තිබෙනවා කියලා වැටහෙනවා (නි)

:       0       0

ප්‍රසාද් Friday, 25 March 2016 10:27 PM

මම හිතන්නේ හාමුදුරුවෝ පෙන්වාදෙන කාරණය ගැන ගැඹුරින් සළකාබැලිය යුතුයි. ඒ කතාව ඇත්ත (නි)

:       0       0

චන්දන Saturday, 26 March 2016 04:12 PM

එතකොට රටේ ජනාධිපති ගැහැණු කෙනෙක් වෙන්නත් හොඳ නැද්ද? ලංකාව අරාබිය වගේ රටක් නෙමෙයි. ගැහැණුන්ටත් පිරිමියකුට තිබෙන අයිතිවාසිකම් තියෙනවා. (නි)

:       0       0

සමන්ති Saturday, 26 March 2016 12:49 AM

අපි රටේ පවතින සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරුකළ යුතුයි. (නි)

:       0       0

කැලණි Saturday, 26 March 2016 05:38 PM

අනේද කියන්නේ, ඒත් කාන්තාවන් අගමැති ජනාධිපති වෙන්න පුලුවන් නම් ඇයි මේක නරක? (නි)

:       0       0

ශාලිකා Saturday, 26 March 2016 01:14 AM

කාන්තාවක් වීම නිසා සමාජයේ වෙනස් විදිහකට සැලකිම කොහෙත්ම අනුමත කල නොහැක. (ම)

:       0       0

රොහාන් දයාදර Saturday, 26 March 2016 01:35 AM

මේ රට අරාබි නිතිය තියෙන රටක් නොවෙයි. සැමට සම තැන අයිතිය තියෙන රටකි.එතකොට ගැහැනුන් මෙරටම පාලනය කරලා නැතිද..? (බ)

:       0       0

අමල් Saturday, 26 March 2016 01:38 AM

සමහර ආගම වල ගැනුන්ව රෙදිවලින් වහල තියෙන්නේ ඒ රටවල ඉන්න පිරිමින්ගේ හැටි දන්නා නිසයි. යමෙකුගේ සිත් ගැහැනියක නිසා කිලිටි වෙනවනම් ඒ සිත ඇත්තා තමා ගේ සිත පාලනය කර ගත යුතුයි නේද? (බ)

:       0       0

අබේසිංහ - මාපලගම Saturday, 26 March 2016 01:50 AM

ඔය ස්වාමින්වහන්සේලා මව්කුස බිහිවු පුද්ගලයන් නොවේද ? කෙලින්ම තව්තිසා දිව්‍යලෝකයෙන් මෙලොවට ආවාද ? (බ)

:       0       0

තාමරසි හෙට්ටිගොඩ Saturday, 26 March 2016 02:01 AM

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රටක්.හැමදේම හාමුදුරුවන්ට ඕන විදිහට කරන්න දෙන්න බැහැ. ඒගොල්ලන්ට ඕන ඕන ඒවා එදා ඉදලාම දීලා තමයි අපි මේ අනාගෙන තියෙන්නේ.(බ)

:       0       0

මිසාබ් Saturday, 26 March 2016 02:25 AM

මට නොතේරෙන නිසා මේ අහන්නේ සුරංගනී එල්ලාවල පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියල මට කියා දෙන්නකෝ නායක හාමුදුරුවන් වහන්සේලාත් පුදුම දේවල්නේ වදාරන්නේ කලින් කෙනා කොහොමද දන්නේ නැහැ වැඩ කළේ එයාගේ කාලේ දන්ත ධාතුන් වහන්සේ නුවර නෙවේද තිබුනේ කියල මට තරහ නැතිව කවුරි හරි කියා දෙන්නකෝ (බ)

:       0       0

සිරිවර්ධන Saturday, 26 March 2016 02:27 AM

අපි රටේ පවතින සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරුකළ යුතුයි, නමුත් ඒවා ගෝත්‍රික සම්ප්‍රදායන් නම් ඒවාට විරුද්ධ විය යුතුය.(බ)

:       0       0

සසි Sunday, 27 March 2016 09:35 AM

එතකොට කලින් හිටියේ කාන්තාවක් නෙමෙයිද? මම මේ නොදන්නා නිසයි අහන්නේ... එතකොට රටේ ජනාධිපති ගැහැණු කෙනෙක් වෙන්නත් හොඳ නැද්ද? ලංකාව අරාබිය වගේ රටක් නෙමෙයි. ගැහැණුන්ටත් පිරිමියකුට තිබෙන අයිතිවාසිකම් තියෙනවා. (ර)

:       0       0

සිඟිති Saturday, 26 March 2016 02:37 AM

බෞද්ධයන් ලෙස අපි ලජ්ජා විය යුතු කාරණයක් මටනම් පෙනෙන්නේ, මේ තරම් කාන්තාව පහත් කිරීමට අපේ මිනිසුන් පෙලබී ඇත්තේ නුගත්කමද, නිර්ලජ්ජිත බවද කියන්න මටනම් තේරෙන්නේ නැත.රටක් පාලනය කරන්න කාන්තාවක් හොඳනම් මොකද මේ කලබලේ ?නින්දෙන් අවදිවෙන්න. ලෝකය ඉදිරියේ හිනාවට ලක්වෙන වනචාරී මිනිසුන් වෙන්න එපා.(බ)

:       0       0

බිමල් Saturday, 26 March 2016 02:46 AM

මේ හාමුදුරුවන්ට තමන්ගේ වර්ගය නිසි ලෙස හසුරුවා නොගෙන අනවශ්‍ය දේට ඇඟිලි ගහනවා. අර ඉහතින් කිව්වා වගේ ඉස්සරලා හිටියෙත් කාන්තාවක් නේ. (බ)

:       0       0

සිරි Saturday, 26 March 2016 03:16 AM

දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩමවාගෙන ආවේ කාන්තාවකගේ කොන්ඩේ සගවාගෙන කියලා මේ අයට අමතක වෙලාද? (ම)

:       0       0

සිරියලතා Saturday, 26 March 2016 03:51 AM

එතුමිය වසර කිහිපයක සිට මා පෞදගලිකව හදුනන්නෙමි. මට පැවසීමට ඇත්තේ කරණා දෙකක් පමණි. එතුමිය ඉතාම අවංක, හතුරටත් ගරු කරන, පිරිමි දස දහසකගේ ශක්තිය් දහිරිය ඇති උතුම් කාන්තාවක්. (ර)

:       0       0

දම්මික Saturday, 26 March 2016 04:07 AM

සැබෑ බෞද්ධ සම්ප්‍රදාය නම් මෙය ප්‍රශ්නයක් නොවේ. (ර)

:       0       0

උදාර Saturday, 26 March 2016 04:13 AM

විද්‍යා ඔබේ අදහස සමග සම්පුර්ණයෙන් එකග වෙමි. හණමිටි අදහස් ඉවතලිය නිහැකියි කුහකකම මෙහි දක්වා ඇති අදහස් වලින් පැහැදිලිවේ. (ර)

:       0       0

ලතා Friday, 25 March 2016 11:35 AM

මේක පුදුම රටක් නේ. කලින් හිටියේ පිරිමි කෙනෙක් ද අපේ හාමුදුරුවනේ. ආගමකින් බලාපොරොත්තු වෙන සංහිදියාව හැදීම මේකද? (කෞ)

:       0       0

සෞදි සරත් Saturday, 26 March 2016 06:13 AM

මට තේරෙන හැටියට අපේ අය නියම ගැටළු වලට උත්තර සෙවීම පසක තියා අනවස්සය දේවල් වලට උත්තර හොයනවා මේකට හේතුව අපේ නියම ගැටළු හදුනා නොගැනීම. (ර)

:       0       0

අරුණ Friday, 25 March 2016 11:59 AM

හාමුදුරුවෝ කියනදේට අපි එකඟයි. තනතුරු වලට පුද්ගලයින් දැමීමට පෙරයි මෙවන් දේ සළකා බැලිය යුත්තේ (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Saturday, 26 March 2016 06:35 AM

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මිස ආගමික රාජ්‍යක් නෙමේ.. මෙතුමියට නීතියෙන් අවශ්‍ය සුදුසුකම් තියෙනවනම් මේ තනතුරට පත් කරන්න.. කාන්තාවන් ඉන්න හෙද සංගමයේ සභාපතිකම භික්ෂුවකට කරන්න පුලුවන්නම් ඇයි පරිපාලන තනතුරකට කාන්තාවක් පත්කිරීම නොසුදුසු? (බ)

:       0       0

අරවින්ද Friday, 25 March 2016 12:17 PM

මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ශ්‍රීමාලි Friday, 25 March 2016 12:28 PM

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය පත්කර ඇත්තේ පළාතේ පරිපලනයට නොවේද? එම නිසා මෙය ප්‍රශ්නයක් කරගත යුතු නැත. මේ කාන්තාවන්ට සම තැන ඇති රටකි (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 26 March 2016 11:45 PM

ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැත. වෙබ් අඩවි කීපයකත් විවිධාකාර විස්තර තිබුණා. අස්ගිරියේ හාමුදුරුවරු කිසිදා කාන්තාවන් පහත්කර කටයුතු කරන්නේ නැහැ. මෙයට සාධාරණ හේතුවක් ඇතැයි සිතමි. (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 25 March 2016 12:39 PM

හිටපු ආණ්ඩුකාරවරියත් කාන්තාවකි. ඇය ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල සමඟ ක්‍රියා නොකළේද? සුරංගනී එල්ලාවල මැතිනියගේ පත්වීමට මහින්ද රාජපක්‍ෂ මහතා එකඟවූවා නොවේද? (නි)

:       0       0

බාෂිත Friday, 25 March 2016 12:45 PM

හැමතැනකම තියෙන්නේ අවුල්. අනේ ඒ ඇයි? අපි මේ කොහේද යන්නේ කියලා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

දිලන්ක Sunday, 27 March 2016 12:49 AM

සමහර අදහස් දැක්කහම ඇත්තටම ඇතිවෙන්නේ ලොකු කළකිරීමක් (නි)

:       0       0

ජයනාත් Friday, 25 March 2016 01:49 PM

කෙනෙක් තෝරනකොට හොඳින් හිතන්න එපායැ. නාහිමියන්ගේ කතාවෙත් ප්‍රායෝගික ඇත්තක් තිබෙනවා. මහනුවර වගේ බෞද්ධ බලපෑම් ඉහළ තැනක ඔය ගැටළු මතුනොවෙන්නට පිරිමි කෙනෙක් ඔය තනතුරට ගන්න බැරිද..? (නි)

:       0       0

අශෝක Saturday, 26 March 2016 08:32 AM

හාමුදුරුවන්ගේ කතාවේ අැත්තක් තියෙනවා ගැඹුරින් හිතල බැලුවොත් ගුණධර්ම වලින් පිරුණු යහපත් කෙනෙකුන් පත් කරන්න බැරි මොකද (බ)

:       0       0

අචිර Sunday, 27 March 2016 03:25 AM

තලය්බාන් හැමදුරු වරුන් (රේ)

:       0       0

නීල් Saturday, 26 March 2016 08:50 AM

මිසාබ් සහ වින්ධ්‍යා කියලා තියෙන්නේ ඇත්ත. (නි)

:       0       0

ලාල් Friday, 25 March 2016 03:01 PM

එතකොට කලින් හිටියේ කාන්තාවක් නෙමෙයිද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 99 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 121 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 328 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 405 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1257 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site