IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෝදි ලක් කතට මෝහනය වෙයි

තමා ලෝකයේ රටවල් රැසක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ජනතාව සමග ඇතිවූ බැඳීම වෙනත් කිසිදු රටක් සමග සැසඳිය නොහැකි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේදී ලද උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය තමන්ට සුවිශේෂ අත්දැකීමක් වූ බව මෝදි කියයි.

සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිම කිරීමට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (14) රාත්‍රී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට ජනපති මන්දිරයේදී එක්වෙමින් මෝදි මේ බව කියා ඇත.

 



අදහස් (0)

මෝදි ලක් කතට මෝහනය වෙයි

කුමාර Sunday, 15 March 2015 02:35 PM

අපි ලග ඕක තිබුනට ඉන්දියානුවන් ලග නැතිදේත් ඕකම තමයි. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අපේ ප්‍රශ්ණ අපි විසදා ගන්නම් ඕගොල්ලෝ ඇගිලි නොගහ ඉන්න. එ්ක අපිට කරන ලොකුම දේ. අපේ රට සංවර්දනය වෙනවා දැකල ඉරිසිය නොකර ඉන්න. අපි ඔයාලට වැඩිය ඉහල යයි කියල ඔයාල බයයි. එදා ඉදන් අපිට කරපු කෙනෙහිලි කම් දැන් වත් නතර කරන්න. ඔබත ස්තුතියි ගරු අගමැතිතුමනි (නදී)

:       0       0

ඩිල්රුක්ෂි Sunday, 15 March 2015 02:56 PM

මට මතක් උනේ නරියගෙයි, කපුටගෙයි කේජු කෑල්ලෙයි කතාව ජනපතිතුමනි (නදී)

:       0       0

ශාන් සෞදි Monday, 16 March 2015 07:54 AM

ලාල් මහින්දට විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි කියන්නේ මොනව කළාටද ? (බ)

:       0       0

මහින්ද අර කිතුල්ගොඩ Sunday, 15 March 2015 03:53 PM

ජගත් ලාල් වෙන මොනවට වත් නොවේ කෝටි ගණන් හරි වියදම් කරලා රටක් විදියට කෙනෙක්ට ඇවිත් යන්න, රටේ මිනිස්සුන්ට රට වටේ බය සැක නැතුව ඇවිදලා යන්න එන්න පුළුවන් විදියට රට ඉතුරු කරපු එකට. (නදී)

:       0       0

රණතුංග Monday, 16 March 2015 08:04 AM

අපිට හැදිච්චකම ලැබුනේ ඉන්දියාවෙන් . (අ)

:       0       0

නිපුන් Sunday, 15 March 2015 04:12 PM

ඉන්දියානුවන් හා ශ්‍රී ලාංකිකයින් අතර වැඩි වෙන වැඩි වෙනසක් නැහැ තියෙන්නේ එකම ජාන සම්භවයක්. සමහරු කියල තියෙනවා දැක්කා ඉන්දියව අපි ඒ අයට වඩා ඉහල යයි කියල බයයිලු. අපිට ඉරිසියා කරනවලු. න්‍යාශ්ඨික ආයුධ තියෙන, අගහරු ලෝකෙට යානා යවාපු, ඇමරිකානු සමාගම් සියල්ලෙම ශාඛා තමුන්ගෙ රටේ තියාගෙන ඉන්න ඉන්දියාව මේ ඇබිත්තන් ලංකාවට "බයයි/ ඉරිසයයි" කීම විහිලුවක්. (නදී)

:       0       0

වැකෝ Monday, 16 March 2015 08:25 AM

කොටින්ව පුහුණු කළේ, කොටි කඳවුරු තිබුනේ ඉන්දියාවේ. ඉන්දියාව බලාපොරොත්තුවුන කොටි ශ්‍රී ලංකා හමුදාවන් පරාජය කරයි කියල. ඉන්දියාවට අවශ්‍ය වුනොත් එයි. එම වෙලාවේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව අගලක්වත් ඉල්ලුවේ නැත්තේ. අදත් ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් කරනවද? (බ)

:       0       0

රමසි Sunday, 15 March 2015 05:23 PM

මෝදි ලක්කතට මෝහනය වෙයි...... මම ඕක වෙයි කියලා හිතුවා (නි)

:       0       0

විජයබාහු Monday, 16 March 2015 09:54 AM

රණතුංග ඒ හැදිච්චකම දැන් ඉන්දියාවේත් නැ. ලංකාවෙන් ගිය අය තමා පවත්වාගෙන යන්නේ (ම)

:       0       0

චමිලා Sunday, 15 March 2015 05:36 PM

මෝහනය වුණාටනම් කමක්නැහැ. තමාගේ කොටසක් කියලා එහෙම නම් හිතන්න එපා (නි)

:       0       0

විජයබාහු Monday, 16 March 2015 09:57 AM

පිටබැද්දර ජයා දැන් ඉන්දියාවේ බුදුදහම කොච්චර සරුවට තියනවද. ධර්මපාල තුමා නැත්නම් බලන්න තිබුන (බ)

:       0       0

විජයබාහු Monday, 16 March 2015 09:57 AM

සිරිමල් හරියට හරි (බ)

:       0       0

සම්පත් වන්නිආරච්ච් Sunday, 15 March 2015 06:13 PM

1977 ආණ්ඩුව ගත් ඇමරිකන් හිතවාදී පාලනය නිසා එවකට ගාන්ධි පාලනය එල්ටීටී එකට උදව් කළා. පුහුණුව පවා ලබා දුන්නා. ඒත් අන්තිමට එල්ටිටීඊ ත්‍රස්තයින් රජීව් ගාන්ධි මරා දැම්මා. මෝදි අගමැතිත් මහින්දට එරෙහිව රනිල්ට හා මෛත්‍රීට උදව් කළා. මහින්ද චීන හිතවාදී වූ නිසා. චීනය අප සමග විරසක වුවහොත් නියත වශයෙන්ම ජාත්‍යන්තරයේදී අපි නිවටයින් බවට පත් වෙනවා. මන්ද අප මැදි ආදායම් ලබන රටක් බවට පත් උනේ චීන ණය සහ ආධාර මත. ඇමරිකාව, ඉන්දියාව හෝ යුරෝපා හවුල කවරදාවත් අපට නැගිටින්න අත දෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය අප දුප්පත්කමේ ගිල්වා තබා සිඟමන් යදින විට කේවල් කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමයි. දැන් සිදුවේගෙන යන ක්‍රි්යාදාමය ඒ බව මොනවට පැහැදිලි කර දෙනවා.(නදී)

:       0       0

විරාජ් Sunday, 15 March 2015 06:23 PM

ලාල් මහින්ද මහත්මයාට ස්තුතිකළේ වේලාසන ඡන්දයක් තියපු එකට (නි)

:       0       0

මැගී Sunday, 15 March 2015 06:59 PM

අනේ මන්දා...... (නි)

:       0       0

අජිත් Sunday, 15 March 2015 07:21 PM

ඔය හිතවත්කම් පසුගිය ආණ්ඩුවට තිබුනේ නැත්තේ මොකද මෝදි ? (නදී)

:       0       0

නිශ්ශ්ජක විජේවීර Sunday, 15 March 2015 08:15 PM

ගොඩක් අය ඉන්දියාව ගැන දන්නේ නෑ වගේ (නදී).

:       0       0

ගුණවර්ධන Sunday, 15 March 2015 10:15 PM

ලාල්, මොකටද මහින්දට ස්තුති කරන්න හදන්නේ? එයා එතන හිටියද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 March 2015 10:26 PM

මෙතන කොමෙන්ට් දාන කට්ටියගේ දැනුමේ දුර්වල කමක්ද , නැත්නම් නොදන්නා කමද? එහෙමත් නැත්නම් තියන උද්දච්චකමද දන්නේ නැහැ. අපි ළඟ තියෙන උසස් ගුණාංග අපිට ලැබුනේ ඉන්දියාවෙන් ඒ උතුම් බුදු දහම නිසා නේද ? (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 15 March 2015 11:27 PM

ඔලුව අතගාල අතගාල ලොකු ටොක්කක් අනින්නද දන්නේ නැහැ සුදානම.(නදී)

:       0       0

කොචාහිල් Monday, 16 March 2015 01:58 AM

අපේ ලංකාව කියන්නේ පින්කෙතක්! (නි)

:       0       0

නන්දලාල් Monday, 16 March 2015 02:41 PM

ඉතිහාසය ටිකක්වත් මතක තියෙන සිරිමල්ට මල් මිටක් (බ)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 03:43 AM

ලෝක බලවතුන් ගේ වැඩි ආදරය අනතුරු සහිත විය හැක. (ස)

:       0       0

කලන Sunday, 15 March 2015 11:50 AM

හැම රටකටදීම ඔහොම කියනවා ඇති නේද ?(දිල්)

:       0       0

සිරිමල් Monday, 16 March 2015 04:08 AM

ජේ ආර් ට කොබ්බැකඩු ට අණදෙන්න බැරි උනා වඩමාරච්චි වලට කොටු වෙච්ච් කොටි ටික ඉවර කරන්න. ජේ ආර් පස්සේ කිව්වේ " මට අවුරුදු 32 කොල්ලෙක් වන රජිව් ලග දන ගහන්න සිද්ද උනා අපේ යාළුවො විදිහට හිතාගෙන හිටපු රටවල් ඇමෙරිකාව, එංගලන්තය අපිට උදව් කල නැති නිසා". මෙන්න මේක තමා එදා උනේ. එ්ක එහෙම උනා නම් අපේ කොල්ලෝ 50,000 ( දෙමල සිංහල හැමෝම) ජිවිත බේර ගන්න තිබුනා. මහින්ද යුද්දේ අන්තිම කාලේ ඉන්දියාවට බැසිල් යවලා චීනේ, පාකිස්තානේ හොදින් තියාගෙන, රුසියාවේ බලෙන් ඇමෙරිකාවේ කටත් වහගෙන ජාත්‍යන්තරය කළමනාකරණය කර ගත්තා. අපේ රටේ ඉතිහාසයේ ඒ වගේ දක්ෂතාවයක් පෙනුන වෙන දවසක් නැහැ ආයේ එන එකකුත් නැහැ. අනුන්ට ඕන දේ කිරීම නෙමේ තමාට අවශ්‍ය දේ කර ගැනීමයි නායකයෝ කරන්න ඕනි. (නදී)

:       0       0

ලාල් Sunday, 15 March 2015 12:16 PM

මහින්ද ජනපතිට විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි. (දිල්)

:       0       0

යහම්පත් Sunday, 15 March 2015 12:30 PM

මෝදි ආපසු හොරෙන් ලංකාවට ඒවිද දන්නේ නෑ , ලංකාවට මෝහනය වුණ නිසා , ඉන්දියාවේ මිනිසුන්ට වඩා ලක් වැසියන් උතුම් සහ උගත් කියා තේරුම් ගියා නම් ඇති (දිල්)

:       0       0

ක්‍රිෂාන් Monday, 16 March 2015 04:28 AM

ලංකාවේ මිනිසුන් වැසිකිලි යන හින්ද වෙනස පෙනෙනවා ඇති. (ස)

:       0       0

කමල් Sunday, 15 March 2015 12:35 PM

අපි කැමැතියි මෝදි ආවට (දිල්)

:       0       0

වයිකෝ Sunday, 15 March 2015 01:15 PM

ඉන්දීය අගමැති සහය දිය යුත්තේ පවතින ප්‍රශ්ණ විසඳීමට මිස, දෙමල ජනතාවගේ අසාධාරණ ඉල්ලීම් ලබදීමට නොවේ . (නදී)

:       0       0

උපුල් Sunday, 15 March 2015 01:22 PM

හැම රටකදීම ඔහොම තමයි කියන්නේ. (නදී)

:       0       0

අතුල Sunday, 15 March 2015 01:22 PM

එ් මෝහනය සදා විදින්න නම් ලක් කත අඩවන්න නම් එපා ම‍ෝදි. (නදී)

:       0       0

ලලන්ත Monday, 16 March 2015 05:19 AM

කන්න ආප්පවත් දුන්නද මෝහනය වෙන්න. (බ)

:       0       0

වයිකෝ Sunday, 15 March 2015 01:28 PM

ඉන්දියාවට ශ්‍රී ලංකාව ඉතාමත්ම උවමනා කරන රටකි. එම නිසා ශ්‍රී ලංකාවට කේවෙල් කිරීමේ අසීමිත බලයක් ඇත. මේ තත්වය තවත් බලගතු වෙනවා චීනය සමීපව සිටින නිසා. එම නිසා ඉන්දියාව ලවා අපේ ප්‍රශ්ණ අපිට ඔනි විදියට විසදවා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇත.(නදී)

:       0       0

ජගත් Sunday, 15 March 2015 01:33 PM

මහින්ද ජනපතිට විශේෂ ස්තුතිය මොකටද? (නදී)

:       0       0

උක්කුන් Sunday, 15 March 2015 01:40 PM

මෝදි ඉන්දියාවේ ගුජරාට් කියන ප්‍රාන්තයෙන් එන්නේ. කතාවක් තියෙනවා සිංහල මිනිස්සු අාවේ ගුජරාට්වල තියෙන සිහොර් කියන පළාතෙන් කියලා. එ්කද දන්නේ නැහැ මේ ආදරය. (නදී)

:       0       0

අනුර Sunday, 15 March 2015 01:56 PM

ලංකාවේ ඉන්නෙත් ඉන්දියානුවන්. වෙනස ඉන්දියානුවන් බහුතරය රටට ආදරය කරන ආගමට බැඳුනු ජාතියක් අපේ උරුමයත් එතන තියෙනවා (නදී)

:       0       0

ලලිත් Sunday, 15 March 2015 02:05 PM

ලාල්, මොකද එහෙම විශේෂ ස්තුතියක් කරන්නේ (නදී)

:       0       0

සෑම් Sunday, 15 March 2015 02:08 PM

අපි කැමැතියි මෝදි ගියාටත්. (නදී)

:       0       0

ඉන්දුරුව විදානාරච්චිගේ ඉතාලිය Sunday, 15 March 2015 02:19 PM

ඉන්දියාව සමග මිතුරු වීම අපට ශක්තියක්.. (නදී)

:       0       0

නිහාල් Monday, 16 March 2015 05:56 AM

ලාල්...රට කපු එකටද මහින්දට ස්තුති කරේ(බ)

:       0       0

සරත් Monday, 16 March 2015 06:04 AM

සිරිමල් ඔයා හරියටම හරි ... අපේ මෝඩ මිනිස්සු අතීතය මේ තරම් ඉක්මනින් අමතක කරන එක රටේ අවාසනාව...(බ)

:       0       0

උස්සාපිටිය Monday, 16 March 2015 06:08 AM

සම්පත් සහ සිරිමල් ඔබගේ බුද්ධිමත් අදහස් වලට මගේ ආචාරය. මේ රට නැතිවෙන්නේ බහුතරයක් ඔබලා වගේ ගැඹුරින් නොසිතන නිසා....(බ)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 16 March 2015 06:17 AM

මෝදි දන්නේ නැහැ තවම මෛත්‍රී , රනිල් මොළ කාරයෝ බවත් , රවට්ට ගන්න ලේසි වෙන්නේ නැති බවත් (බ)

:       0       0

නිශ්ශංක Monday, 16 March 2015 06:27 AM

ඉන්දියාව කියන්නේ කලාපේ බලවතා එ්ක අමතක කරන්න එපා, අමෙරිකාවත් ඉන්නේ ඉන්දියාවත් එක්ක එ්ක පැහැදිලිනේ, ලක්වාසී අපි එදා පටන් ආගන්තුක සත්කාරේට ප්‍රසිද්ධයි... එයයි අපේ ශ්‍රී ලාංකීය ගතිය. (බ)

:       0       0

වසන්ත Sunday, 15 March 2015 02:32 PM

ආවට ගියාට තේරුම් ගන්න බැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 130 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 528 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 103 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 551 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 970 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site