IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෝදි ව්‍යාපාරිකයන් හමුවෙයි

‘ශ්‍රී ලංකාව ජයග්‍රහණ රැසක් හිමි සම්පත් දක්ෂතා රැසකින් පිරි රටක්. ශ්‍රී ලංකාවට අධ්‍යාපනය, කුසලතා හා ව්‍යවසාය රැසක් තිබෙනවා. රටේ පිහිටීම ඉතා වැදගත්. දැන් ශ්‍රී ලංකාවට සාමයත් තියෙනවා.   ලෝකයේ හොඳම රටවල් සමඟ තරග කළ හැකි බව ශ්‍රී ලංකාව පෙන්වා තිබෙනවා. ‘ යැයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි  මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පැවසීය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කර තිබූ   ව්‍යාපාරික හමුවට දේශීය හෝ විදේශීය ව්‍යාපාරිකයෝ හා  ආයෝජකයෝ රැසක් සහභාගී වූහ.   

‘ශ්‍රී ලංකාවේ විශාලම ව්‍යාපාරික සගයා හා එහි ආයෝජනය කරන විශාලම සම්පත වීමට ඉන්දීයාව කැමැත්තෙන් සිටිනවා.   ලංකාව  ඉන්දියාට කළ අපනයන 16 ගුණයකින් වැඩි වී තිඛෙනවා. මෙය සෑම අතින්ම වැදගත්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආයෝජකයන් අපනයන වැඩි කරගැනීමටත් කටයුතු කළ යුතුයි. ඉන්දියාව ලෝකයට විවෘතයි. ඉන්දියා  ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. අපට අතීතයේ සිට එන ශක්තිමත් බැඳීමක් තියෙනවා.   අප එය ආර්ථීක අතින්ද ශක්තිමත් කළ ගත යුතුයි. ශ්‍රී ලංකාවට ඉන්දියාව හොඳම ව්‍යාපාර සගයා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට කලාපයක් විදියට විශාල වෙළෙඳපොළක් බවට පත්විය හැකියි. අපට ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අප ජාතියක් වශයෙන් ගොඩනැගිය හැකියි. අප ශක්තීන් නිවැරැදිව භාවිත කළහොත් අපට විශාල හා ශක්තිමත් ආර්ථීක සබඳතාවක් ගොඩනගා ගත හැකියි .‘

_DSC0343 _DSC0378 _DSC0397 _DSC0435 _DSC0439 _DSC0445



අදහස් (0)

මෝදි ව්‍යාපාරිකයන් හමුවෙයි

ලක්සිත පැරිසිය Saturday, 14 March 2015 12:14 PM

රිචි බාලසුරිය ඔබ හරියටම හරි (නදී)

:       0       0

වයිකෝ Friday, 13 March 2015 05:54 PM

කපුටගෙන් කේජු කෑල්ල නෙමේ බලාපොරොත්තු වෙන්නේ. නරියත් කපුටව වර්ණනා කළා (නදී)

:       0       0

නන්ද Friday, 13 March 2015 06:28 PM

රටේ දියුණුවට හේතුවන ඕනෑම දෙයකට අපි පක්ෂයි (නි)

:       0       0

වසන්ත Saturday, 14 March 2015 02:28 AM

නොකිය කියන්නේ චීනෙට නොව අපට එකතු වෙන්න කියන එක (ස)

:       0       0

අනුල Saturday, 14 March 2015 02:29 AM

අපේ රටෙත් වාහන හදන එක වැඩි දියුණු කරන්න බලන්න අයි අපේ රටේ කර්මාන්ත පටන්ගන්නේ නැත්තෙ එයාලට විතරද පුළුවන් එයාලට අභියෝග කල රාවණා හිටියෙත් අපේ රටේ බව අමතකද ? (ස)

:       0       0

අභය Saturday, 14 March 2015 04:28 AM

පරණ දුම්රිය මැදිරි වල චැසි භාවිතා කරලා හොදම තත්වයේ දුම්රිය මැදිරි හදන්න ලංකාවේ සමාගම් දෙකක් විතර ඉදිරිපත් වු නමුත් ජාතියේ අවාසනාවට හිටපු දේශපාලකයෝ (ල.දු.දේ) මරහඩ දී යුනියන් අය ඒ අයට පරණ චැසි නොදුන් නිසා වැඩේ දියාරු වෙලා ගියා.(ම)

:       0       0

රණතුංග Saturday, 14 March 2015 04:47 AM

ඉන්දියාවේ හොදහිත නැතුව ලකාවට අනාගතයක් නැ.අපි ඇගිල්ලේ තරමට ඉදිමෙන්ද ඕන . (ස)

:       0       0

ජොනතන් Saturday, 14 March 2015 05:34 AM

රණතුංග මොකෝ නිකන් තමන් ගැන වත් ආත්ම ශක්තියක් නැති ගානට කතාකරන්නේ. ඉන්නකෝ වැඩ බැරි උනත් ගම ගාල්ලේ වගේ. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 14 March 2015 05:36 AM

ඉන්දීය නායකයෙක් ලංකාවට පැමිණීමෙන් කවදාවත් හොදක් නම් සිදුවුනේ නැහැ?අපි ඉන්දීය ප්‍රාන්තයක් වෙමින් තිබෙනවා?අකමැත්තෙන් උනත් එ්ක කාටත් පිළිගන්න වෙනවා?(නදී)

:       0       0

නිහතමාන Saturday, 14 March 2015 06:43 AM

රණතුංග හරියට හරි (නදී)

:       0       0

රිචි බාලසුරිය Saturday, 14 March 2015 09:21 AM

අපි ශ්‍රී ලාංකික උනාට අපේ සම්බවය එන්නේ ඉන්දියාවෙන්. අපි අදහන ආගම, අපේ වන්දමාන ස්ථානවල සියල්ල ගෙනත් තිබෙන්නේ ඉන්දියාවෙන් , අපි කන්නේ බොන්නේ , ඇඳුම අදින්නේ ගායනය නර්තනය සහ තවමත් අනුකරණය කරන්නේ ඉන්දියාව. ඉතින් අපි සිටිය යුතු ඉන්දියාව සමග මිස චීනය සමග නොවේ. ඉන්දියාව අපේ මව් බිම වාගේ (නදී)

:       0       0

සේතන් Saturday, 14 March 2015 10:47 AM

මම මෝදිගේ කුර්තා එකට ආසයි (නදී)

:       0       0

වසන්ත Saturday, 14 March 2015 11:04 AM

සුදු රටක් එක්ක මැච් ගැහුවොත් ඉන්දියාව කොඩි උස්සන්නේ ශ්‍රී ලංකාවට. ඉන්දියාවට හොඳට සලකන්න්ද ඕනේ. එ්ත් අමත්කරන්න එපා බුද්ධාගම නැති උනේ ඉන්දියාව මිත්‍ය දෘෂ්ඨික හින්දයි. ඒ කියන්නේ අපි දිහා අසෝක රජතුමාගේ දෘෂ්ඨියෙන් දකින එකක් නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 496 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 521 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 326 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 941 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site