IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාධ්‍යකරු උසාවි නොගෙනෙන හේතුව අහයි

කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි සැකපිට ස්වාධින රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ ලබන 12 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.  අධිකරණ නියොගය ක්‍රියාත්මක කැර ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ඇසුවාය.  ඔහු නිවසේ නොසිටින බව පොලිසිය කීවෙය. රුපියල් ලක්ෂ 15 වෙනුවට ඔහු විසින් දෙන ලද චෙක්පත අගරුවී යැයි මේ වංචාව ලක් වූ බව කියන අඬිඅම්බලමේ අශෝක පෙරේරා හා කැලණියේ සුනිල් තිලක් අධිකරණයට පැවැසූහ.



අදහස් (0)

මාධ්‍යකරු උසාවි නොගෙනෙන හේතුව අහයි

සුද්දා Monday, 14 May 2012 12:34 AM

ඇයි මේ මහත්තයා ගැන රටට හෙළි නොකරන්නේ

:       0       0

සුපුන් Saturday, 12 May 2012 11:08 PM

විමසුම කරන අය ඇයි මේක විමසුමේ කියන්නේ නැත්තේ...

:       0       0

ෂෂි Friday, 11 May 2012 07:04 PM

ඕකට උත්කරේ රටේ වගකිවයුතු අයගෙන් ඇහුවා නම් තමයි හොද

:       0       0

නවීන් Sunday, 13 May 2012 12:59 AM

එහෙනම් වරෙන්තු නිකුත් කරල තියෙන උදවියට ගෙදර ඉන්න කියල පොලිසියෙන් ලියුමක යැව්වොත් නේද හොඳ

:       0       0

සුදර්ශන Sunday, 13 May 2012 07:56 AM

ඇයි හංගන්නේ?

:       0       0

මර්වින් Sunday, 13 May 2012 09:26 AM

පොඩි මිනිස්සුන්ට තමා හැම නීතියම පොලිස්පති තුමණි, හොරුන් නිදල්ලෙ සැරිසරන්නේ කාගේ බල පුඵවන්කාරකමින්ද?

:       0       0

මකරා Monday, 14 May 2012 05:38 AM

විනිසුරුවරියට බැරිද පොලෝසියේ වැඩේ කරන්න ?

:       0       0

ප්‍රියන්ත රණසිංහ ගම්මඅම්පිල Sunday, 13 May 2012 10:12 AM

දඩුවම් දෙන්නම ඹ්නි.

:       0       0

නෙත්මි Sunday, 13 May 2012 10:57 AM

මෙහෙමත් රටක්

:       0       0

මුනාස් Sunday, 13 May 2012 11:00 AM

මේ වගේ හොරු අල්ලන්න නම් පරණ කාලෙ පොලීසියම ඕන වෙනවා..

:       0       0

කේ.කේ. Friday, 11 May 2012 09:18 PM

අත්අඩංගුවට නොගන්න හේතුව අපි දන්නවා

:       0       0

උස්මන් Sunday, 13 May 2012 11:49 AM

මෙහෙම තමයි ලොක්කෝ

:       0       0

අනුර ශාන්ත Monday, 14 May 2012 09:11 AM

මාධ්‍ය වේදීන්ට මේ වගේ වැඩ කැතයි නේද?

:       0       0

එච් ඊ දයාරත්න Monday, 14 May 2012 09:18 AM

පොලීසිය මෙයාට බයයිද?

:       0       0

ඩී. කරුණාතිලක Monday, 14 May 2012 09:38 AM

ඔහෝම යමූ

:       0       0

අරා Saturday, 12 May 2012 05:13 AM

අහිංසක මිනිහෙක් වුණා නම් මෙලහකටත් මරලා දාලා නේද

:       0       0

එස්.ඩබ්ලිව්. Saturday, 12 May 2012 05:35 AM

ආන් මේ මිනිස්සුන්ට හොයන්න වෙන දෙයක් කරන්න වෙන වැඩක් නැද්ද මන්දා

:       0       0

මහින්ද Saturday, 12 May 2012 07:29 AM

එහෙම බෑනෙ අපේ හාමුදුරුවනේ. අපේ ජාතික සම්පත් කියන්නෙ මේවට තමා.

:       0       0

උපුල් Saturday, 12 May 2012 09:13 AM

මට පොලිස්පති තුමාගෙන් අහන්න දෙයක් තියෙනවා.අත්අඩංගුවට ගන්න පුළුවන් ගෙදර හිටියාම විතරද

:       0       0

මල් රේණු Sunday, 13 May 2012 05:06 PM

බලය තියෙන හැමෝම කරන්නේ ඔය ටික තමයි

:       0       0

මකරා Sunday, 13 May 2012 05:53 PM

මේකට කැකෝ ගහගන්න දෙයක්නැහැ . ගිහිල්ල අතින් අල්ලාගෙන පොලොසියට බාරදෙන එකනේ තියෙන්නේ

:       0       0

නසීර් Saturday, 12 May 2012 10:49 AM

දේශපාලකයන් රටේ නීතිය ක්‍රියාත්මක කරන කොට මෙහෙම තමයි.ඔහොම යන්

:       0       0

ඇසෙන්ගාස් Sunday, 13 May 2012 06:49 PM

මේවා තමයි නීති විහිළු

:       0       0

ලාල් Saturday, 12 May 2012 12:07 PM

ගෙදර හරි වෙන ඕනි තැනකදි හරි අල්ලන්න කියලා වෙනමම උසාවි නියෝගයක් දෙන්න වෙයි වගේ

:       0       0

දයාරත්න Friday, 11 May 2012 02:48 PM

පොලීසිය කියන දේ පිළිගන්න එපැයි .නීතිපති උපදෙස් ගන්න වෙයි වගේ (ස)

:       0       0

කුමාර් Saturday, 12 May 2012 12:16 PM

මහේස්ත්‍රාත් පොඩි මිනිහට නම් නීතිය අකුරටම කරනවා.අත්අඩංගුවට නොගන්න හේතුව මහේස්ත්‍රාත් දන්නවා.

:       0       0

බණ්ඩා Friday, 11 May 2012 03:13 PM

මෙතෙක් නොගෙනා හේතුව අපි නම් දන්නවා. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ලොකු ලොක්කන් සමගයි. ඒ නිසා පොලීසියත් ඔහුට බයවුනා. කොහොම වුනත් ළඟදී ඉඳන් අධිකරණය කෙලින් වැඩ කරන්න පටන් ගෙන තියෙන එක ගැන සතුටුයි. පොලීසියෙන් මෙහෙම අහනකොට, අපට අහන්න හිතෙනවා ඇයි නීතිය භාර අනෙක් ආයතනත් මෙතරම් ස්වාධීන ලෙස කටයුතු කරන්න පමාවුනේ කියලා...

:       0       0

අලිබබා Friday, 11 May 2012 03:23 PM

මෙ වගේ මහත්තුරු අත්ඩංගුවට නොගෙනත් බෑ. අත්අඩංගුවට අරගෙනත් බෑ. පොලිසියටත් ප්‍රශ්ණයක්.

:       0       0

ජූලි Friday, 11 May 2012 03:26 PM

නඩුත් හාමුදුවන්ගේ , බඩුත් හාමුදුවන්ගේ (ස)

:       0       0

මාධව Friday, 11 May 2012 03:26 PM

අත්අඩංගුවට ගන්න ගෙදරම ඉන්න ඕනිද ? (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 12 May 2012 02:06 PM

වෙන පත්තරයක කෙනෙක් කළානම් විමසුම පට්ට ගහනවා. දැන්කෝ

:       0       0

කුමාර Friday, 11 May 2012 03:43 PM

අපේ පොලීසිය මාධ්‍යවලට ගරු කරන නිසා වෙන්න ඇති (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 02:32 PM

1985 වර්ෂයේදී මරදාන කොළඹ ආනන්ද විදුහලේ 10-5 පන්තියේ මමයි සුදර්මන් රදලියගොඩයි එක පන්තියේ අධ්‍යාපනය ලැබුවේ. අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක පාරවල් දෙකක ගියා. උසස් අධ්‍යාපනය හා නිවැරදි ප්‍රතිපත්තිය නමැති මාවත මම තෝරාගත් නිසා අද ආචාර්ය උපාධිය ඇතුළු විශ්වවිද්‍යාල උපාධි 5ක් හිමිකරගෙන එහෙත් නිර්ධනයෙක්ව නමුත් ප්‍රතිපත්තිගරුකව මම අද ඉන්නවා. නමුත් ඒ වෙනුවට වැරදි මාවත හා උසස් අධ්‍යාපනයෙන් බැහැරව වාසි ලාභ ලැබීම ප්‍රධානීන්ට කඩේයාම වැනි දේ සිදුකර කිසිදු අධ්යා්පන හෝ වෘත්තීය සුදුසුකමක් නැතිව සුප්‍රකට මාධ්‍ය ආයතනයක ඉහළම මුල් පුටුව හෙබවූ ඔහු අද වංචා දූෂණ නඩුවකට වරෙන්තුකරුවෙක්ව ඉන්නවා. මේක අර බුදුදහමේ තිබෙන ගිරවු දෙන්නගේ කතාව වගේ.මම එක කාලයක දුක්වුනා මේ තරම් උපාධි පශ්චාත් උපාධි අරගෙනත් මම ඉන්නේ පහළ ආර්ථික මට්ටමක ඒත් ඉතාම අඩු සුදුසුකම් තිබෙන මගේ පාසැල් වියේ පන්ති සඟයා කිසිදු අධ්‍යාපන වෘත්තීය සුදුසුකමක් නැතිව ප්‍රධානතම රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ඉතාම ඉහළ මුල්පුටුවක ඉන්නවා ඒක එයාගේ පෙර පින් ලැබීමක් කියලා. පස්සේ බැලුවාම බුදුදහම සත්‍යයි. බුදුහාමුදුරුවෝ කියලා තිබෙන්නේ වැරදි ක්‍රමයෙන් එකපාර උඩ යන්න නෙවෙයි. ක්‍රමානූකූලව සෙමින් දාඩිය මහන්සියෙන් හම්බ කරන්න කියලයි. මේ අනුව මට බුදුවදන මේ සිදුවීම අනුවත් සත්යනක් බව වැටහුණා.

:       0       0

සන්ගා Friday, 11 May 2012 04:28 PM

අත්අඩංගුවට ගන්නේ ගෙදර හිටියොත් විතරද? එතකොට අර ප්‍රසිද්ධ වුණු ඡායාරූපේ???

:       0       0

සමන් Saturday, 12 May 2012 03:51 PM

මේක සාස්‍යජනක රටක් (ස)

:       0       0

තනෝජ් Friday, 11 May 2012 05:03 PM

අනේ පොලිසිය දන්නෙම නැතුව ඇති ඉන්න තැන

:       0       0

මන්න සුදා Friday, 11 May 2012 05:26 PM

එක ප්‍රවෘත්තියක් තියෙනවා ඩෙනිම් කලිසමක් හොරකම් කරලා දීපු දඩුවමක් ගැන.ඒත් මේවා? අනේ මන්දා කාට කියන්නද කියලා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 08:21 PM

සුධර්මන් ඔයාට වෙලා තියෙන දේ ගැන කණගාටුයි. ඒ වගේම හිතට දුකයි. කුඩා කාලේදී එක පාසැලේ එක පන්තියේ ඉගෙන ගත්තට වැඩිහිටියෙකු වූ පසුව මම ඔයාගේ ක්රි යාකලාපය පිළිබඳව දන්නේ නැහැ. මමත් මාධ්‍ය වාර්තා මඟින් තමයි මේ හැම දෙයක්ම දකින්නේ. මොනවා කරන්නද? අපල කාලයක් වෙන්න ඇති. හැකිතාක් ආගම ධර්මයට බරව ජීවිතය ගෙනියන්න බලන්න. තෙරුවන් සරණයි !!!

:       0       0

හෙලයා Friday, 11 May 2012 06:04 PM

රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි ගැන හොඳ උදාහරණයක් තමයි ඕක. මෙයාව අත්අඩංගුවට ගන්න නියෝගය දීල දැන් මාස ගානක් වෙනව. පොලීසියෙ ලොක්කොත් එක්ක හිනාවෙවී ඉන්න පින්තූර පවා පත්තර වල තිබුන. රටේ අධිකරනය පවා මේ තත්ත්වය හමුවේ අසරණයි. පොඩි මිනිහට නම් නීතිය අකුරටම

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 368 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2643 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1996 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 209 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1210 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1323 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26926 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site