IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මධ්‍යම අධිවේගයේ කඩවත - මිරිගම කොටස කොට උඩ යයිද

(තිලකරත්න දිසානායක)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

පවතින අපහසුතාවයන් මත ව්‍යාපෘතිය නතරවිය හැකි තත්ත්වයක් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් කොටසෙහි ඉදිකිරීම් 2024 වර්ෂය වනවිට මුලුමනින්ම අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබූණත් රටෙහි උද්ගතව ඇති තත්ත්වය මත මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම ඉන්ධන නොමැතිකම සහ අවශ්‍ය පස් ආදිය සපයා ගැනීමේ ගැටළුව හේතුවෙන් කටයුතු පමාවීමට හේතුවී ඇති බව කළ සොයා බැලීමේදී අනාවරණය විය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කඩවත - මීරිගම ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ද රත්නායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී සදහන් මෙසේ සඳහන් කළේය.

ව්‍යාපෘතියෙහි මේ වනවිට සියයට 45 ක ප්‍රගතියක් තිබිය යුතු නමුත් පවතින තත්ත්වය මත දැනට පවතිනනෙ සියයට 30 ක පමණ ප්‍රගතියක්. විශේෂයෙන්ම පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කටයුතු නිසියාකාරයෙන් සිදු වන්නේ නෑ.

ඉන්ධන සපයා ගැනීම පිනිස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා , මෙම ව්‍යාපෘතිය නියමිත කාලය තුල අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඒ වෙනුවෙන් ඉදිකිරීම් භාර මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගමට  අතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදු විය හැකියි.  නියමිත කාලය තුල ව්‍යාපෘතිය අවසන් කිරීම පිනිස අවශ්‍ය පහසුකම් සලසාදීම වියයුතුයි.

මෙම ව්‍යාපෘතිය සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන අතර මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්ෂණය මත ඉදිකිරීම් සිදු වෙමින් පවතී.



අදහස් (3)

මධ්‍යම අධිවේගයේ කඩවත - මිරිගම කොටස කොට උඩ යයිද

swene Sunday, 17 July 2022 09:22 PM

G 20 සමුළුවේදී, IMF අධ්‍යක්ෂතුමිය විසින් දුර්වල ආර්ථික කළමනාකරණය නිසා ඇද වැටුණු රාජ්‍ය ලෙස උදාහරණයට ගෙන තියෙන්නේ අපේ ලංකාවයි. ඔය අධිවේග අපට නොගැලපෙන ව්‍යාපෘති. තනිකර දේශපාලකයින් පුම්බන වැඩ..! ඕවා පස්සේ නිලධාරිනුත් ඉන්නවා. අද අපි පස්ස බිම ඇනගෙන. කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් පාර පුළුල් කිරීම ඉතාමත් වැඩදායී ව්‍යාපෘතියක් වුවත් එයත් මගහිටපු බවක් පෙනෙනවා...!

:       0       0

ලුම්බිණි Monday, 18 July 2022 05:39 AM

"මෙම ව්‍යාපෘතිය නියමිත කාලය තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඒ වෙනුවෙන් ඉදිකිරීම් බාර මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගමට අතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුවිය හැකියි." එතකොට පාඩු වෙන්නේ චීන සමාගමට නේද?

:       0       0

janahitha Monday, 18 July 2022 08:56 AM

මෙම ණය මුදලින් විශාල ප්‍රමාණයක රෙජීමය විසින් ගසාකමින් සිටින බැවින් නවතා දැමීම සුදුසුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 373 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2238 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 879 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 462 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3279 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2418 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 605 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site