IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස ජනතා අයිතියට

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ජයමාල් චන්ද්‍රසිරි)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් තිස් දෙකක් වන අතර ගමන් කාලය විනාඩි 25 ක් ලෙස ගණන් බලා ඇත. මීරිගමින් ඇතුළු වී කුරුණෑගලින් හෝ යග්ගපිටියෙන් පිටවන රෝද හතරේ වාහනයක රුපියල් 250ක් ද, රෝද හයේ වාහනයක් සඳහා රුපියල් 350ක් ද, රෝද හයට වැඩි වාහනයක් සඳහා 550ක් සඳහා අය කරන බව අධිවේගී මාර්ග පරිපාලනය කියයි.

මෙම කොටසේ අන්තර් හුවමාරු ස්ථාන පහකි.පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි මාර්ගය ඉදිකර ඇත්තේ නාගරික ප්‍රදේශ මග හරිමින් ය.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ක් වේ. ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමේ ජනහමුව සවස 5.00 ට කුරුණෑගලදී පැවැත්විණි



අදහස් (46)

මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස ජනතා අයිතියට

kamal Saturday, 15 January 2022 04:42 PM

ඒ කියන්නේ මේකේ ණය ගෙවීම අද හවස සිට අපිට බාරයි කියන එක නේද?

:       258       612

ජල්තරSaturday, 15 January 2022 07:21 PM

නෑ, ඔයා ගෙවන්න ඕනෑ නෑ. අධිවේගී මාර්ගය භාවිතා කරන අය සල්ලි ගැන බලාගනියි. ගෙවන්න බැරි නම් ඕකෙ නොගිහිං ඉන්න...

:       365       182

සෙනෙවිරත්න Saturday, 15 January 2022 07:49 PM

මේ ණය ගෙවන්නේ අන්තර් ජාතිකව පිළිගත් මුදල් ඒකකයක් වන රුපියල්වලින්...

:       0       1

weeraSaturday, 15 January 2022 08:02 PM

අධිවේගී මාර්ගයක ණයමුදල ගෙවීමට වාහනවලින් කෙරෙන අයකිරීම් ප්‍රමාණවත් නැත. ඒ සඳහා සමගාමීව ආර්ථික සංවර්ධනයක් සිදුවී, ආදායම වැඩිවිය යුතුමය.

:       0       0

GaminiSaturday, 15 January 2022 10:37 PM

කොන්ද පන නැතුවද නිර්නාමික නම් දාන්නේ

:       1       12

DonSaturday, 15 January 2022 11:31 PM

ඒ කියන්නේ ඕකේ යන එන අය ගෙවන්නේ ඩොලර් වලින්ද

:       1       10

sujeewaSunday, 16 January 2022 08:21 AM

ජල්තර ඔයා නම්............... සත්‍යය සරලවම කියලා....

:       9       6

Raveendra Sunday, 16 January 2022 07:06 AM

දුටු විට යන පතෝල මැසි වැනි වාහන.... ආර්ථික අර්බුදයක් තිබේද සැකයකි...... මේවා දකිනවිට පුරවැසියන් වන අප සැම.... යහමින් පිං දෙති පට්ටියේ හරකුන් 226ට.....

:       3       11

SunilMonday, 17 January 2022 10:12 AM

ණය ගෙවලා විතරක් මදි .පවුල් පාලනයේ හැමෝවම හැම සැරයකම ජනාධිපති කරන්න ඕනේ .

:       0       0

යෝගා Saturday, 15 January 2022 04:57 PM

යහපාලන කාලේ අනවශ්‍ය ලෙස පමා කරපු දේවල් දැන්වත් ඉක්මණට හැදෙන එක හොඳයි.

:       403       197

Chaminda Saturday, 15 January 2022 05:17 PM

ඉතාමත් වැදගත් පියවරක්. 2014 පටන්ගෙන යහපාලනෙන් නවත්වා අනාගත්ත එක අවුරුදු දෙකෙන් නිමකිරීම. අපි ගෙවන ගාස්තුවලින් මෙහි ණය ගෙවීම ඉතාමත් හොඳයි. ඒ අදායමත් අපේ රටට...

:       170       47

යෝගා Saturday, 15 January 2022 05:22 PM

අධික ලෙස මුහුදු කෑමට ලක්ව ඇති මීගමුව සිට හලාවත දක්වා වන තීරයේ වෙරළට සමාන්තරව අධිවේගී මාර්ගයක් හදන්න. ප්‍රශ්න කීපයකටම සාර්ථක උත්තරයක් වෙයි..

:       9       148

Jagath Saturday, 15 January 2022 05:31 PM

ජනතාවගේ මුදල්වලින් පාරවල් හදලා, ඒකෙන් කොටසක් හොරාකාලා ඊට පස්සේ ජනතාවට අයිතිය පවරනවාලු... විකාර විවෘත කිරීම්...

:       172       367

Ruhunu Saturday, 15 January 2022 06:30 PM

අධිවේගී මාර්ග නැතත් කමක් නැහැ. ලෝකෙට ණය නොවී ඉන්නවා නම් අපිට ඇති..

:       151       223

ජල්තරSaturday, 15 January 2022 07:24 PM

අපි නම් කොළඹ ඉඳලා...

:       23       28

Mahesh Saturday, 15 January 2022 06:49 PM

වැඩක් කළත් සමහර අයට පේන්නේ වැරැදිම තමයි.

:       256       160

විපරමා Saturday, 15 January 2022 07:12 PM

ඔය අධිවේගී මාර්ග හදද්දී ගහපු කොමිස් වලින් ගහපු, ගැහිලි වලින් මුලු රටේම පාරවල් හදන්න තිබුණා....

:       152       472

අතුල සෞදි Saturday, 15 January 2022 07:23 PM

අත දික්කරලා හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන 3% බබ්බුත් ඉන්නවා...

:       306       145

saman Saturday, 15 January 2022 09:01 PM

මෙහි නිතර අදහස් දක්වන කන්න නැති සෙට් එකේ අදහස් පේන්න නැත්තේ ඇයි? ඒ අය බඩගින්නේ මැරිලද?

:       0       0

kapila Saturday, 15 January 2022 09:24 PM

කඩවත මීරිගම කොටස ප්‍රමාද වීමට සත්‍යම හේතුව කියන්න. ඒ පිලිබඳ දැනගැනීමට අයිතියක් අපට ඇත. කොළඹ ඉඳල මීරිගමට කොට කොටා එනකොට හොඳ ගණන්. කරුණාකරලා නිට්ටඹුව ඉඳල පස්යාල දක්වා මංතීරු 4 ක් කරන්න.

:       2       6

Soma dubayi Saturday, 15 January 2022 09:50 PM

කොහොමද බැසිල් මැතිතුමාගේ වැඩ

:       15       1

ගමේ එකාලාSunday, 16 January 2022 07:25 PM

මොලහතාගේ බූදලෙන් කරපුවා නෙවෙයි. ජනතාව ගසාකාලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා කරපු වැඩ...

:       0       0

පියුමාල් Saturday, 15 January 2022 09:50 PM

මධ්‍යම අධිවේගය මහින්දලා කුට්ටිය පිටින් චීනට දීලා තිබුනේ.යහපාලන ආණ්ඩුව ඇවිත් ඒ කොන්ත්‍රාත් එක අවලංගු කලා.අවලංගු කරලා ආපහු ටෙන්ඩර් කරලා ලන්කාවේ බැන්කු වලින් ණය අරගෙන 100% දේශීය සමාගම්වවල දායකත්වයෙන් කරගෙන යන්න තිබුනා.2019 මේ ආණ්ඩුව එනකොටත් 90%ක් විතර ඉවර වෙලා තිබුනේ.ඉතුරු 10% හදන්න මෙයාලට අවුරුදු දෙකක් ගියා.දැන් ගෝඨාභයලා ලකුණු දාගන්න දගලනවා.එයාලා කලානම් අද මේකත් විවෘත කරන්නේ චීන මහකොමසාරිස් එක්ක.මේ කරුණු කවුරුත් කියන්නේ නෑ.ඉතින් මිනිස්සු හිතනවා කොවිඩ් එක්ක ලොකු දෙයක් මේ වැඩ බැරි ආණ්ඩුව කලා කියලා.

:       3       23

abulthiyal Saturday, 15 January 2022 10:15 PM

දැන් ඉතින් ඇඹුල් තියල් කුරුණෑගලට ගෙනියන්න පුළුවන්

:       1       11

wahal deepe Sunday, 16 January 2022 12:27 AM

බරපතල වහල්ලු හරිම සතුටින්

:       1       11

බද්රානි Sunday, 16 January 2022 03:35 AM

ජනතාවගේ මුදලෙන් ගොඩ නගන දේවල් උන් හරියට විවුර්ත කරන්නේ උන්ගේ අම්ම අප්පාගේ බුදලෙන් ඉදි කරා වගේනේ? ජනතාවගේ බදු මුදලෙන් හදපු දේවල් ජනතාවට අයිති දේවල් මිසක් ආයේ අමුතුවෙන් ජනතා අයිතියට පත් කිරීම අපට නම් විගඩමක් වගේම විකාරයක්??

:       3       78

හසිත Sunday, 16 January 2022 06:03 AM

රටක ජනාධිපති අගමැති ඇවිත් පාරවල් විවෘත කරන එකම රට ලංකාව වෙන්න ඇති.මෙයාලට පුළුවන් පාරවල් හදන්න විතරයි...රටේ අනෙක් අංශ ඔක්කොම කඩා වැටිලා...

:       2       46

mp Sunday, 16 January 2022 06:28 AM

මේ හොරාකෑමේ තවත් වැඩසටහනක්. බොලා යන්නේ අපායට.

:       2       22

nishi Sunday, 16 January 2022 06:31 AM

මට අතේ සතේ නැහැ. කන්න බොන්න ණයට ඉල්ලගෙන. මම තවත් ණයවෙලා ගිනි පොලියට ලොකු වාහනයක් ගත්තා. මට හරි ආඩම්බරයි මං ගැන.

:       1       13

චන්දන Sunday, 16 January 2022 07:29 AM

මෙතන අධිවේගී මාර්ගවලට විරෝධාකල්ප දාපු අය කවදාවත් ඒවයේ ගිහිල්ල නැතුවද? නිකං බොරුවට කොමෙන්ට් දානවා. විනෝද වෙමින් මේ මාර්ගවල ගමන් කරනවා. මේ වගේ අයට හොඳ 1970 ගණන්වල තිබුණ පාරවල් ගොං හැත්ත. රටක දියුණුව කියන්නේ මොකක්ද කියල දන්නේ නැහැ. හිතං ඉන්නේ නිකං කන්න බොන්න දුන්න නම් හොදයි කියල. එයාල බලාපොරොත්තු වෙන්නේ ඒක.

:       27       6

Akila Sunday, 16 January 2022 07:47 AM

ජනාදිපති තුමාට රටේ අනිත් ප්‍රශ්න හොයල බලන්න වෙලාවක් නැති උනාට පාර වල් විවෘර්ත කරන්න උත්සව වලට සහභාගි වෙන්න නම් ඕනේ තරම් කාලේ තියනව

:       0       29

Siri Sunday, 16 January 2022 08:19 AM

ඕකට වියදම් කලෙත් බේබි ආච්චිගේ මැණික් මල්ලේ මැණික් විකුනලාද?අපේ පඩි වැඩි කරන්නෙත් ඒ සල්ලි වලින් භාගයක් භාණ්ඩාගාරයට දීලා.කව්රුවත් ගහ මරා ගන්න ඕනි නැහැ ඒ ගැන

:       2       27

Kumara Sunday, 16 January 2022 09:00 AM

ජනතාව රජයක් පත් කරන්නේ රටට වැඩ කරන්නයි .අපේ රටේ ඉන්න මෝඩ පැලැන්තිය හිතන්නේ මේක රජා ගේ කෙරුවාව කියලා

:       1       13

සෑම් Sunday, 16 January 2022 10:13 AM

උද්දච්ච නූගත් දේශපාලුවන් විසින් ශ්‍රී ලාංකික දුප්පත් දුපත් වාසින්ගේ උපන් නුපන් දරුවන් පවා උගසට තබා රටක් කෙල වටක් ණයකාරයන් කර ගත් ණය වලින් කොමිස් ගසා ඉතුරු වූ මුදලින් පාරවල් ද තනා පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී ගොස් පිත්ත පටිද කපා ඔන්න තොපි ගෙවපල්ලා අපි කොරා යන තේමාවෙන් ඉතාමත් උස්ත්වත් ශ්‍රීයෙන් ජනතා අයිතියට පත් කොරන ලදී ... රාජපස්ස වරු කොහොමත් ණය අරන් පාරවල් කොරන්න දස්සයෝ ... (කාලකන්ණි රටක් , ඉන්න හිතෙන රටක් - ලකේ පංකා )

:       2       19

Jagath Sunday, 16 January 2022 10:18 AM

දෙමුද කට්ටියම එකතු වෙලා හොඳ හූවක්..හූහූහූ

:       3       145

No name Sunday, 16 January 2022 10:45 AM

@chaminda, කොහෙද ජීවත් වෙන්නෙ. අධිවේගී මාර්ගයෙන් එන ආදායමෙන් මේ ගත්තු ණය ගෙවනව කියන අය, අනේ මන්ද. අධිවේගීයට ලංකාවෙ අය ගෙවන්නෙ ඩොලර්ස් වලින්ද. ලෝක ආර්තිකේ ගැන දන්නෙ නැත්නම් කතා නොකර ඉන්න.

:       2       18

Galaboda Sunday, 16 January 2022 11:12 AM

ජොන්ස්ටන් වැඩක් කලොත් සුපිරිම තමයි

:       24       3

JagathSunday, 16 January 2022 02:28 PM

කුරුණෑගල පැත්තේ ඉන්න බේබද්දෙක් වෙන්නැති.හිතාගෙන ඇති ඔහේගේ ලොක්කා පෙරන සුපිරි ඒව වගේ එයා කරන හැමදේම සුපිරි ඇති කියලා.

:       0       18

JagathSunday, 16 January 2022 03:32 PM

හූහූහූ.

:       0       0

ජල්තර Sunday, 16 January 2022 11:47 AM

@ විපරමා.. ඇත්ත නේන්නං... කිරිඇල්ල උන්නැහේව මතක් වුනේ විපරමාට පමණයි. ඔය මාර්ගය හදන්න බැරි උනේ කිරිඇල්ල ගෙ ගැහිලි නිසා කියලා කතාවක් මටත් ඇහිලා තියෙනවා.

:       16       2

fairoos Sunday, 16 January 2022 12:44 PM

පටි තද කර ගන්න ඊළඟ අවුරුදු 3 ට අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් එනවලු .ජනතාව සහන වලින් හෙම්බත් වෙලා මරන්ඩයි හදන්නේ

:       3       19

Shan Sunday, 16 January 2022 01:43 PM

දැන් නම් දකින්නත් අප්පිරියයි

:       3       138

sam Sunday, 16 January 2022 02:10 PM

ජනතා අයිතියට.ඒකද යන මිනිස්සුන්ගෙන් අය කරන්නේ.මුන්ගේ සල්ලි වලින් හදලා වගේ .මුන් වගේ පට්ට පල් බොරු කාර කොමිස් ගහන සාටකේ දාගෙන හොරාකන හොර මුලක් ලෝකෙම නැතුව ඇති

:       1       16

Don perea Sunday, 16 January 2022 02:13 PM

මේවාට හුරේ දාන්නේ බත් කන හරක්

:       1       13

bejing Sunday, 16 January 2022 04:15 PM

මොන මර්සියක් හරි දාගෙන කාලය කා දමමින් පවුලේ සුබසිද්ධිය ඉෂ්ඨ කරගන්නවා.

:       0       0

gunda Sunday, 16 January 2022 07:38 PM

මිනිස්සු අධෛර්යමත් කරන්න එපා. ධනවාදීව හිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1713 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 329 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 587 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 872 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 157 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 585 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 727 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site