IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සිංගප්පූරු පොලීසියේ

මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් නිල සංචාරයක් සඳහා දින දහයකට පෙර සිංගප්පූරුව බලා ගොස් ඇත. එහිදී ආණ්ඩු පක්ෂයේ එක් මන්ත්‍රී වරයෙක් එරට කාන්තාවගේ අඟ පසඟ ඇල්ලී යැයි සිගප්පූරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

අද (16) අලුයම සංචාරය නිමා කර මන්ත්‍රී වරුන් ලංකාවට පැමිණියද අදාල මන්ත්‍රී වරයා පැමිණ නැත.

මේ පිළිබද සංචාරයට සහභාගී වූ මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් ටී.එන්.එස්. බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් විමසා සිටි විට එවන් සිදුවීමක් තමන් නොදන්නා බවත්, එම මන්ත්‍රීවරයා ලංකාවට පැමිණීයේද නැද්ද යන්න තමන් නොදන්නා බවත්ය.

මධ්‍යම පළාත් සභාවේ සභාපතිගේ නිමලසිරි මහතාගෙන් විමසූවිට එවැනි සිද්ධියක් සිදු වුවද එය අත්වැරැද්දකින් සිදු වූ බවත් එය එතරම් බරපතල දෙයක් නොවන බවත් පැවසීය. එසේම අදාල මන්ත්‍රී වරයාඅත්අඩංගුවට ගත්තා නොව පොලීසියට රැගෙන ගිය බවද පැවසීය. ඔහුගේ පෞද්ගලික කාරණාවකට සිංගප්පූරැවේ නැවතුණු නිසා අද ඔහු නොපැමිණී බවත් කීවේය.

 



අදහස් (0)

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සිංගප්පූරු පොලීසියේ

සරත් පර්ත් Saturday, 16 January 2016 01:59 PM

සියලුම මන්ත්‍රීවරුන්ට සිංගප්පුරු චාරිකාව අනිවාර්ය කළා නම් හරි (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 16 January 2016 02:19 PM

අර අහවල් සභාපති විදේශීය පෙම්වතා මරා පෙම්වතිය දුෂණය කළා නම් මම අඟපසඟ ටිකක් අතගෑවම ඇති වරද මොකක්ද කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

ශ්‍රීමාල් Saturday, 16 January 2016 02:31 PM

මෙහෙ දාන සෙල්ලම් එහෙත් දාලා වගේ. දිව්‍ය ලෝකේ පෙන්නලා ආවත් මේගොල්ලෝ හැදෙන්නේ නැහැ. අපරාදේ මහජනයාගේ සල්ලි. (නි)

:       0       0

අජන්ත Saturday, 16 January 2016 02:45 PM

මෙයා මොනවද දන්නෙ නැහැ කරන්න ගියේ? අනේ මන්දා මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ජයසුන්දර Saturday, 16 January 2016 02:51 PM

මම හිතන්නේ එයාලාගේ පුරුද්දට ඉන්න තැන අමතකවෙලා කරපු දෙයක් වෙන්න ඇති. ලංකාවේ නම් ඉතින් එයාලාට ඔය වාගේ ප්‍රශ්න නැහැනේ. ඔක්කොම පාලනය එයාලා සතුයි කියලානේ හිතාගෙන ඉන්න‍ේ. (නි)

:       0       0

ශ්‍රීමාලි Saturday, 16 January 2016 02:53 PM

සිංගප්පූරුවෙන් හොද ආදර්ශයක් දීලා වගේ. (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 16 January 2016 03:17 PM

ගියතැනක් ඇත්නම් හොරකමක්,කාන්තා හිංසනයක් එසේත් නැත්නම් චණ්ඩිකමක් නැතුවම බැරි අසහනයෙන් පෙළෙන උදවිය තමයි මේ අය. (නි)

:       0       0

සුසන්ත Saturday, 16 January 2016 03:27 PM

සිංගප්පූරුවේ තියෙන්නේ අපේ පසුගිය පාලන කාලේ වගේ ආණ්ඩුවක් කියලා හිතුනද දන්නේ නැහැනේ. (නි)

:       0       0

චන්න Saturday, 16 January 2016 03:45 PM

හතරබීරි කතා කියන්නේ මේවට. තමන් සමඟ ගිය අයට මොකද වුණේ කියන්න දන්නේ නැහැ. ජනතාව මෝඩ නැහැ (නි)

:       0       0

සේනක Saturday, 16 January 2016 04:26 PM

ඔන්න අපිට මඩු වලිගය ප්‍රයෝජනයට ගන්න ස්වර්ණමය අවස්ථාවක් උදාවෙලා. (නි)

:       0       0

එඩ්වඩ් Saturday, 16 January 2016 04:26 PM

දැන් සනීප ඇති. වැරදි කරද්දි ඕවා හිතන්නේ නැහැනේ (නි)

:       0       0

අබේ Saturday, 16 January 2016 04:26 PM

කොට්ටෝරුවා කොටලා,කොටලා කෙහෙල් ගහට කෙටුවහම හොට ඇනගන්නවා කියන්නේ ඕවට තමා (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 16 January 2016 05:03 PM

ලංකාවේ නමත් කනවා...... (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 16 January 2016 04:58 PM

පොලිසියට කැන්දාගෙන ගිහින් කියලා කිවුවා නම් තවත් හොඳයි. දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු (නි)

:       0       0

හෆීල් Saturday, 16 January 2016 05:08 PM

සිංගප්පුරුවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 17 January 2016 09:09 PM

අනේ අපේ මන්ත්‍රීවරු එහෙම කරන්නේ නැහැ. මන්ත්‍රීතුමා හදලා තියෙන්නේ ගුරු පත්වීමක් දෙන්න වෙන්න ඇති (නි)

:       0       0

ලලිත් Saturday, 16 January 2016 06:26 PM

ඉතින් නිල ගමනක් ගිහින් එහෙම පුද්ගලික කාරණා වලට නතරවුණාම සේවය අතහැර ගියා වගේ නේද? (නි)

:       0       0

නිහාල් Saturday, 16 January 2016 06:28 PM

සිංගප්පුරු ගිහිල්ලත් වෙනස සැපතකට හරවගන්න යන්න ඇති. (නි)

:       0       0

විජිත් Saturday, 16 January 2016 06:35 PM

කැලෑව මාරුකළාට කොටියාගේ පුල්ලි වෙනස් නොවෙන්නා සේම, රට මාරුකළාට හොර සිත වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම මේවා මහා අප්‍රසන්න සිදුවීම්. මේ වගේ රටට අපකීර්තියක් ගෙනදෙන සිදුවීම්, මාධ්‍ය මගින්, නම් ගම් සමඟම අනාවරණය කළයුතුයි. නමුත් ජනමාධ්‍යයටත් යම්කිසි සීමාවන් ඇතිනිසා මාධ්‍යයත් අසරණයි (නි)

:       0       0

ගැමුණු Sunday, 17 January 2016 09:44 AM

එහෙත් මෙහෙදී වගේ රෝහල්ගත වුණා නම් අත්අඩංගුවට ගන්න එකෙන් වළකින්න තිබුනා. එහෙ නීතිය ලංකාවේ තරම් හොඳ නැහැ වගෙයි. (නි)

:       0       0

සනත් Saturday, 16 January 2016 06:55 PM

ඒ අත්වැරදීමත් අතින්මනෙ කරන්න ඇත්තේ (නි)

:       0       0

ටෙනිසන් Saturday, 16 January 2016 07:29 PM

අනේ අපේ මන්ත්‍රීතුමා! (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 16 January 2016 08:00 PM

අන්න නීති! ඒකට ලංකාවේ... දුෂණ කළත් නිදහස්. නැත්නම් ඇප. (නි)

:       0       0

රාජා Saturday, 16 January 2016 08:25 PM

සිදුවුණු දේ ඒතරම් ගණන් ගන්න එපා කියන්නේ කාන්තා හිංසනය ගණන් ගතයුතු දෙයක් නෙමෙයිද? මේ වගේ අය අපේ කාන්තාවන්ට සළකන විදිය හිතාගන්න පුළුවන් (නි)

:       0       0

සෑම් Saturday, 16 January 2016 09:10 PM

ඒ පැත්තේ ගිහිල්ලා මධ්‍යම පළාතෙත් එහෙම ප්‍රදේශයක් හැදීමට අධ්‍යයනයක් කරන්න යන්න ඇති (නි)

:       0       0

අබය Saturday, 16 January 2016 09:50 PM

රටට ආදර්ශමත්, රටේ කිතුගොස පතුරන මන්ත්‍රී කෙනෙක්. ජය වේවා! (නි)

:       0       0

පෙරේරා Saturday, 16 January 2016 10:15 PM

රට ජාත්‍යන්තරය ඉදිරියේ අවමානයට ලක්කරන මේ වගේ අය ජනතාව ප්‍රතික්ෂේප කළයුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 January 2016 10:16 PM

මම නම් හිතන්නේ නැහැ එතුමා එහෙම වැඩක් කරාවි කියා. සිංගප්පුරුවේ ඉන්න කාන්තාවෝ ගැන අපි දන්නවා. මෙතුමාගේ ඇඟේ හැපිලා වරද මෙතුමාට දාන්න ඇති. මොනවා වුණත් පිරිමි පවු (නි)

:       0       0

විදානේ Monday, 18 January 2016 02:23 AM

ඔය ස්ත්‍රී දුෂකයන්ව, මාල කඩන හොරුන්ව, වංචාකාරයන්ව පත්කර ගත්තෙත් අපේ බුද්ධිමත් ජනතාවනේ. ලංකාවේ නීති වලින් මොවුන්ට දඬුවම් නොදෙන නිසා ගල්ගසා මරණ නීති වැනි දේ සාදාදීමෙන් අපිට උසාවි වලට, පොලිසි වලට තිබෙන රාජකාරි,වියදම් අඩුකර දෙන්න පුළුවන් (නි)

:       0       0

භානූ Sunday, 17 January 2016 12:32 AM

හොර ගුහාව!(ආ)

:       0       0

සෑම් Sunday, 17 January 2016 01:08 AM

පව් අනේ එයා! නොහොබිනාකමකට නෙමෙයි, ආදරේට අතගාලා බලන්න ඇත්තේ (නි)

:       0       0

රුවන් Sunday, 17 January 2016 01:16 AM

කෙසෙල් ගහකට කෙටුවහමයි කොට්ටෝරුවා තරම දැනගන්නෙ... (නි)

:       0       0

චන්දන Sunday, 17 January 2016 01:46 AM

ඒ කාලේ පළාත් සභා වලට ඉල්ලන්න දුන්නේ ගමේ ඉන්න චණ්ඩින්ට, මදාවියන්ට, පල් හොරුන්ට, මිනීමරුවන්ට සහ ස්ත්‍රී දුෂකයන්ටනේ. (නි)

:       0       0

නිමල් Sunday, 17 January 2016 01:51 AM

පිටබැද්දර ජයා සිංගප්පුරු ගැහැණුන් ගැන දන්නේ ඔයාත් මොනවාටහරි නිකම් අපරාදේ අහුවුණාද? (නි)

:       0       0

ගයානාත් Sunday, 17 January 2016 02:04 AM

නියම වැඩේ! (නි)

:       0       0

අනුර පනාගොඩ Sunday, 17 January 2016 02:38 AM

පළාත් සභාවේ ලේකම් හරියට අපේ ජනාධිපති වගේ මම දන්නේ නෑ දැනන් හිටියේ නෑ (බ)

:       0       0

තෙන්නකෝන් Sunday, 17 January 2016 02:59 AM

පළාත් සභා මන්ත්‍රීවරු එක්ක මේ ලේකම් මහත්තය ගියේ මොන වැඩකටද? කියන එකයි මගේ ප්‍රශ්නේ? (බ)

:       0       0

පුෂ්ප කුමාරි Sunday, 17 January 2016 12:25 PM

අපිත් ඉන්නේ ඔය රටේ තමා. අපි රාත්‍රී 12 ටත් තනියම ගෙදර එන දවස් තියනවා . කවදාවත් කිසිම පිරිමියෙක් ඔය විදිහට හැසිරිලා නැහැ. මෙහෙ නීති හරිම තදයි. මෙහෙට ඇවිල්ලවත් ඔයගොල්ලෝ හැදිලා ගියොත් ලොකු දෙයක් . එ්ත් ඉතින් අපිට ලජ්ජය් . ටුඩේ කියල පත්තරයක් තියෙනවා . එකේ තිබුන කියල කෙනෙක් කිව්වා (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 03:41 AM

චන්දන.ඔබ හරියටම හරි.පසු ගිය කාලේදී ,මම දන්නා කිසිම උගත් කමක් නැතිව හන්දි ගානේ "චාටර්" වේවි හිටපු "බුවෙක්" පළාත් සබා මන්ත්‍රී කෙනෙක් වෙලා පසු ගිය අවරුදු 5-6 තුලදී අධිසුඛෝපබෝගී නිවාසම දෙකක් හදා ගත්තා. පළාත් සබා මන්ත්‍රිලා මෙහෙමනම් අනික් අය ගැන කුමට කතාද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 03:37 AM

සිංගප්පුරුවේ නිතිය ලොකු පොඩි කාටත් පොදුයි. නීතියට ගරු කරනවා.ඒ නිසයි ඒ රටවල් දියුණු වෙන්නේ. අපේ රටේ අයට ඕව තේරුමක් නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 03:45 AM

ඔය කියන පළාත් සභා මන්ත්‍රී, හිටපු ඒකාධිපතියත් එක්ක එකට ඉදගෙන ඉන්න ෆොටෝ නැද්ද? (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Sunday, 17 January 2016 04:13 AM

ගෑණු ගෙවල් වල තියල සිංගප්පුරු සහ බොහෝ රටවලට අපේ දේශපලුවෝ සංචාරය කරන්නේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධව බව ගෙදර ගැනිත් අහිංසක ළමයි නොදන්නවට මහජනතාව දන්නවා (බ)

:       0       0

උපුල් Sunday, 17 January 2016 04:27 AM

සිංගපූරුවේ කාන්තාවගේ ඇඟ පසඟ අල්ලන්න ඕනිනම් ඒවටත් වෙනම තැන තියෙනවා . මෙතුමා ඒගැන නොදැන හිටියද නැත්නම් ලංකාවේදී වගේ නොමිලේම කරගන්න බැලුවද දන්නේ නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 04:39 AM

බණ්ඩාර කුවේට්. ඒ විතරක්ද තමන්ටම කියල මහජන මුදලින් භාවනා කුටි හදා ගත්තේ. (බ)

:       0       0

ලංකා Sunday, 17 January 2016 05:19 AM

කරුණාකර මේ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න. එහෙම දෙයක් මෙහෙ වෙලා නැහැ. එසේ වුවේ නම් මුලින් ම පළවන්නේ සිංගප්පුරු මාධ්‍ය තුළයි. මඩ ප්‍රචාරය කොට මිනිසුන්ගේ ආත්ම ගරුත්වය නැති කරන්න එපා. මෙහෙ මිනිස්සු කොයි දේටත් පොලිසි යාම තමයි කරන්නේ, මොන දේ වුනත් රණ්ඩු කරන්න යන්නේ නැහැ. වැරදිලාවත් අතක් වැදුනත් ඉවරයි. මනුස්සකමට අතින් ඇල්ලුවත් ඉවරයි. එහෙම දෙයක් වෙන්න ඇති. (බ)

:       0       0

ජයවික්‍රම Sunday, 17 January 2016 05:40 AM

අපේ අය තැනකට ගියොත් ඉවරයි. තමන්ගෙ දරු පවුලෙ විතරක් නෙමෙයි රටේ ගෞරවයත් කාලයි එන්නෙ. (නි)

:       0       0

ජනහිත Sunday, 17 January 2016 07:02 AM

මේ ලංකා කියන හැටියට එහෙම දෙයක් නැතිලු. මේක ගැන තව ටිකක් හොයල බැලුවොත් නරකද? අපේ රටේ වගේ නොවෙයි පිටරටවල, තමන්ගේ බිරිඳට වුණත් කරදර කරන්න ගියොත් පොලිසියේ ලගින්න වෙනවාමයි. පිටරටවලට ගියාම කාන්තාවන් ඉන්න තැන්වල හැසිරෙන්න ඕනෑ පරිස්සමෙන්. බොරු කරලා සල්ලි කඩාගන්න හදනවා. (නි)

:       0       0

ඇසළ Saturday, 16 January 2016 12:56 PM

පලා බබෙක්ගේ වීර ක්‍රියාවක්. (ර)

:       0       0

චලන්ක Saturday, 16 January 2016 01:00 PM

කව්ද මෙතුමා ? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 16 January 2016 01:09 PM

මම හිතන්නේ කෝඩුකාරෙක් වගෙයි. (ර)

:       0       0

පතිරණ Saturday, 16 January 2016 01:52 PM

විනයක් නැති අධ්‍යාපනයක් නැති අය කොහේ ගියත් ඔහොමම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 387 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1202 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 241 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 479 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 381 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 635 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site