IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්‍යක්ෂවරයෙක්

(අංජුල මහික වීරරත්න)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මේ වන විට එම තනතුර පුරප්පාඩුව පවතී.

දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යා, වාස්තු විද්‍යා, පුරාවිද්‍යා සංරක්ෂණ ක්ෂේත්‍රයන්හි පුහුණු හා අත්දැකීම් සහිත, ප්‍රකාශන ව්‍යාපෘති හා ශාස්ත්‍රීය පර්යේෂණ රාශියකට නායකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබා දී ඇති ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා එම තනතුර සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබෙන බව රජය පවසයි. ඒ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කොන්ත්‍රාත් පදනම මත පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්‍යක්ෂවරයෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 53 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 654 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 491 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


ලංකා - පකිස්ථාන යාලුකම සමරන්න මුද්දර දෙකක්
2024 ඔක්තෝබර් මස 22 167 0

ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා
2024 ඔක්තෝබර් මස 22 2459 2

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේ


දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට
2024 ඔක්තෝබර් මස 22 2293 3

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site