‘ජනමාධ්‍ය ඉතා වේගයෙන් නවීකරණය වෙනවා. වෙළඳපොළේ ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙළා. උගතුන් බිහිවුණාට වැඩක් නෑ, නිර්මාණශීලි මිනිස්සුයි අවශ්‍ය. නිදහස් අදහස් ප්‍රකාශ කළ හරි අපුරු මිනිස්සු අපිට හිටියා.‘ යැයි කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශ ප්‍රධාන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
ඒ මහතා එලෙස පැවසුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ජනමාධ්‍ය දිනයට සහභාගී වෙමිනි.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පැවැත්වූ මාධ්‍ය දිනයට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගී විය.
මාධ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ සමස්ත ලංකා පාසල් තරගාවලියේ වැඩිම ලකුණු හිමිකරගනිමින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සම්මානය හිමි කර ගත්තේය.
(ග.හෙ)
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාධ්‍යයට වෙච්ච දේ මාධ්‍ය මහැදුරු කියයි
නිලංග Thursday, 07 March 2013 03:29 AM
මහාචාර්යතුමාගේ කතාව හරියටම හරි. මම හිතන්නේ නිර්මාණශීලි වීමත් සමගම නිර්භීතකමත් අවශ්‍යයි. මට හිතෙන්නෙ ලංකාවෙ දැන් නැත්තෙ එයයි, අයුක්තියට එරෙහිව සටන් වදින්න. අනිත් කරුණ නිර්මාණශීලී ලාංකිකයින් බොහොමයක් දැන් ඉන්නෙ පිට රට වල! (නි)
ඩයස් Thursday, 07 March 2013 05:05 AM
ලංකාදීපය අද පෙරමුණේ සිටින්නේ පාඨක අදහස් වලට මුල් තැනක් දී ලෝකය සමග එම අදහස් බෙදාහදා ගන්න නිසා. නවීණ තාක්ෂණයත් සමග ලංකාදීප පෙරමුණේ බව හැගී යනවා. සමහර මාධ්‍ය පාඨක අදහස් වලට කිසිම තැනක් දෙන්නෙ නැහැ. එයාලා කියන දේ විතරමයි. එතකොට වෙන්නේ එකතැන පල් වීම පමණයි. (නි)
කුමාරි Thursday, 07 March 2013 06:57 AM
මේ බව කිව්වට වැඩක් නැහැ. මාධ්‍ය මාෆියාවක් වීම නැති කරන්න බැරි වුණත් අඩු කරන්න හරි රජයට බලකරන්න ඕනෑ. (නි)
ලුම්බිණි Thursday, 07 March 2013 07:34 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අද විශ්ව විද්‍යාල වල ඉන්න උගතුන්ගෙන් කීදෙනෙක් ඔය වගේ නිර්මාණයන් කර තියෙනවාද? (නි)
වරුණ Thursday, 07 March 2013 07:47 AM
අපේ විද්වතුන්ගේ මගපෙන්වීම අවශ්‍යමයි, මාධ්‍ය කලාවට. ඒ මගපෙන්වීම නිර්මාණාත්මක කම සමග එක් වූ විට හොද නිර්මාණයක් අපට ලබා ගත හැක (දී)
මහී Thursday, 07 March 2013 08:25 AM
ඒ කතාව ඇත්ත. උගතුන් බිහිවුණත් ඒ සියල්ලෝම බුද්ධිමතුන්වත්, නිර්මාණශීලීත්වයෙන් යුත් අයවත් වෙන්නෙ නැහැ. (නි)
හේරත් Thursday, 07 March 2013 12:06 PM
ඕකට අපේ අධ්‍යාපන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා. (නි)
ලියනගේ Wednesday, 06 March 2013 10:03 PM
ඔබතුමා කියූ දේ මම අනුමත කරනවා (දී)