ලබා දී ඇති මාධ්‍ය නිදහස වැරැදි විදියට පාවිච්චි කරමින් මට කොච්චර ගැහුවත් මා මේ රටේ ජාතික ආරක්ෂාවට හානියක් කරන්නට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන්ට වීර පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේදී අද (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මාධ්‍යයෙන් ගැහුවට කමක් නෑ : ජාතික ආරක්ෂාව දිවි හිමියෙන් රකිනවා
.සුරනිමල Friday, 28 October 2016 03:12 AM
ඔබතුමා ජනතාවට දුන් පොරොන්දු දිවිහිමියෙන් ආරක්ෂා කළහොත් එය ඔබතුමාට ඡන්දය දුන් අයට කරන සැළකිල්ලකි (නි)
ප්‍රියාන් Friday, 28 October 2016 03:14 AM
හැමදේම කටින් විතරයි. එ්ක දැන් ජනතාව දන්නවා. කී ගමනක් නම් ඔහොම කිව්වද? දැන් වුණේ මොකද්ද? මට තිස්ස අත්තනායක මහත්මයාව මතක් වෙනවා.. (නි)
චමින්ද Friday, 28 October 2016 03:22 AM
සිංහල ජාතියේ නම් දැන් රකින්න දෙයක් ඉතුරුවෙලා නැහැ (නි)
ඇසළ Friday, 28 October 2016 11:28 AM
මේ අවුරුදු 2 ට කරපු ඒවා නිසා දැන් ඉන්නේ හරියට මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී කියලා වගෙයි (නි)
උපුල් Friday, 28 October 2016 04:09 AM
රණවිරුවෝ සහ මිනි මරුවෝ පැහැදිලිව හදුනා නොගැනීමෙන් ඔබත් රටත් විනාශ වේවි ඉක්මණින් (ම)
ජයන්ත Friday, 28 October 2016 04:53 AM
මේ ජනාධිපතිගේ විෂය විය යුත්තේ \"කතා භාර ඇමැති\". නියමෙටම නියම කතා තමයි මෙතුමා කියන්නේ. (බ)
ලක්ෂි Friday, 28 October 2016 04:57 AM
පළාත්සභා මන්ත්‍රීලත් කියන්නෙ ඔය ටිකම තමයි. (බ)
චතුරි Friday, 28 October 2016 11:50 AM
ලංකාව ලෝකෙන් උතුම් රටලු. ඉන්දියාවේ මුතු අැටේලු. නමුත් මිනිස් ගුණදම් පිරිහී ගිහින්. මෙහෙම වෙන්නේ ඇයි? (නි)
කුමාර Friday, 28 October 2016 05:59 AM
උත්තරය කටට දී ප්‍රශ්න අහන්නෑ. වැඩි විස්තර සඳහා රූපවාහිනී බලන්න (බ)
රන්ජන් Thursday, 27 October 2016 03:01 PM
කතා වැඩක් නැහැ ජනපතිතුමනි. කරලා පෙන්නන්න. (නි)
ගුණසිරි Thursday, 27 October 2016 03:23 PM
ගරු ජනපතිතුමනි, ගැහුවා කියා නොකියා, “මාධ්‍යයෙන් විවේචන එල්ල කළත් කමක් නැහැ, ජාතික ආරක්ෂාව දිවි හිමියෙන් රකිනවා“ කියලා කියන්න. ලස්සනයි. (නි)
කුමාර Thursday, 27 October 2016 03:32 PM
ඊළඟ ඡන්දෙදි ජනතාව විසින් ගෙදරම එළවන එක නම් ෂුවර් (නි)
ලුසේනා Friday, 28 October 2016 06:34 AM
අද තිබෙන තත්වය අනුව ආරක්ෂක අංශ දිවිහිමියෙන් කටයුතු කරන්න බයයි. හේතුව කළගුණ බුමරන්ගයක් වගේ තමන්ටම නරකට සිටින නිසයි. (ම)
ශශික Thursday, 27 October 2016 03:47 PM
මාධ්‍යයෙන් ගහනවා නෙමෙයි ජනපතිතුමනි අඩුපාඩු පෙන්නලා දෙනවා. එ්ක මාධ්‍යකරුවන්ගේ සැබෑ වගකීම. හරියට තමන්ගේ කටයුතු ටික කෙරනවා නම් මොකටද කෙඳිරි ගාන්නේ? ඇත්තටම ජනතාවට ජාතික ආරක්ෂාව පිළිබඳව චකිතයක් තියෙනවා. එ්කට මාධ්‍ය පළි නැහැ. (නි)
අර්ජුන Thursday, 27 October 2016 03:50 PM
ජාතික ආරක්ෂාව පිළිබඳ අපට ගැටළුවක් නැත. ඔබගේ කතාවෙන් හොරුන්ට රැකවරණය ලබුනාසේම ඔවුන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමයි අපේ ගැටලුව. (නි)
සත්‍යපාල Friday, 28 October 2016 07:07 AM
මාධ්‍යයෙන් ගහන්නේ රට කනවා, රට පාවාදෙනවා කියල මිසක් රට රකිනවා කියල නොවෙයි. (බ)
පිරිස් පැරිස් Thursday, 27 October 2016 04:23 PM
මාධ්‍යවේදියා කියන්නේ මහා සයුර හා සමාන විෂයක් සමඟ පොරබදන්නෙක්. උපාධියකට එහා ගිය දැනුම් සම්භාරයක් උරුමකරගත්, උගත් බුද්ධිමත් ස්වාධින මිනිසෙක්. (නි)
සජී Friday, 28 October 2016 07:10 AM
ඉස්සර නම් මෙතුමා පත්තරෙන් හරි දැනගත්තා. දැන් පත්තර බලන්නෙත් නෑ වගේ (බ)
පෙයරිස් Thursday, 27 October 2016 04:26 PM
අන්න එච්චරයි අපිටත් ඕනෑ (නි)
සිසිර Thursday, 27 October 2016 04:28 PM
මාධ්‍යයෙන් ඔහොම ගහලා මදි මේ වෙන දේවල් වලට (නි)
උදාර Thursday, 27 October 2016 05:49 PM
හැමදාම කතා විතරයිනේ! (නි)
ජයා Thursday, 27 October 2016 05:49 PM
ඕවා ගැන කතානොකර කෙරෙන වැඩක් ගැන කතාකළොත් ඉදිරි ගමන සාර්ථක වේවි (නි)
කමනි Friday, 28 October 2016 07:52 AM
අම්මෝ කෙඳිරි ගෑමක තරම. ඔය තරම් අමාරුනම් දීල යන්න කෝ. (බ)
අනිල් Thursday, 27 October 2016 06:56 PM
රකින බව පෙනෙනවා අපිට (නි)
සුසන්ත Thursday, 27 October 2016 06:58 PM
රටේ ජනතාවගෙන් දිගට හරහට එන බැනුම් වලින් ගැළවෙන්න සංදර්ශනයක් තියලා වගෙයි. ඕවා කරලා නම් දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි මහත්තයෝ. ආරක්ෂාව පැත්තෙන් දැන් රටේ වෙන්නේ මොනවද කියලා කොච්චර වහන්න හැදුවත් මිනිස්සු දැනගන්නවා සමාජ ජාල වලින්. (නි)
අරුණ Thursday, 27 October 2016 07:00 PM
අනේ මන්දා මොනවද කියලා මේ කතා (නි)
රාමන් Thursday, 27 October 2016 11:25 PM
ඇමති කෙනෙක් කාලේ කිව්වා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් කියන දේ කරන්නේ නැහැ සහ මාධ්‍ය මඩ ගහනවා කියල. ජනාධිපති වුණාට පස්සේ කියන්නේ ඇමතිවරු කැබිනට් රැස්වීම් වලට එන්නේ නැහැ සහ මාධ්‍ය ගහනවා කියලා. ඔබතුමා හැමදාම කියන්නේ අනික් අයගේ වැරදි ගැනමයි. ඇයි මේ තත්වය ඇතිවෙන්නේ කියලා හිතලා කටයුතු කළා නම් හොඳයි නේද? (නි)
දිලිප් වික්‍රමරත්න Thursday, 27 October 2016 11:31 PM
හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්ලා උසාවියට කැඳවනතුරුම නොදැන හිටිය ඔබතුමා ජාතික ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්නේ කොහොමද. මේ රටේ බුද්ධි අංශ වලට තමන්ගේ කර්තව්‍ය එක හිතින් කරන්න පුළුවන් පරිසරයක් මේ රජය නිර්මාණය කරලා නැහැ (නි)
සුසන්ත Friday, 28 October 2016 12:10 AM
ඔබතුමා එය ක්‍රියාවෙන්ම කරලා පෙන්වන්නකෝ (නි)
ජයාත් Friday, 28 October 2016 01:04 AM
මාධ්‍ය නිදහස අවභාවිතා වුණේ මෙතැනදී නෙමෙයි, මම හිතන්නේ මීට වඩා තැන් තියනවා. මේ වගේ තැන් වලදී ජනප්‍රියත්වය තකා මේ වගේ කතා කියන බවයි අපි හිතන්නේ. නමුත් පොදු මතය වෙන්නේ අර වගේ කතාවක් ප්‍රසිද්ධියේ කීම වැරදි බවයි. මොකද මෙතුමා රටේ ප්‍රධාන පුරවැසියා. එතුමාම එතුමාගේ විරුද්ධවාදිනට ආයුධ දෙනවා මට ගහන්න කියලා (නි)
රනිල් Friday, 28 October 2016 01:13 AM
මේවා කටින් බතල විතරයි. ක්‍රියාවෙන් පෙන්නුවොත් නේද හොඳ. හිටපු හමුදාපතිවරු කියන්නේ අපේ රට දිවි පරදුවට තියලා බේරාගත් අය. අපිට නම් දැන් මේවා අහලා ඇතිවෙලා. (නි)
සුගත් Friday, 28 October 2016 01:24 AM
මාධ්‍ය වලට බැනලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න. (නි)
විකුම් Friday, 28 October 2016 01:27 AM
රකින්න තරම් ජාතික අාරක්ෂාවක් ඉතුරුවෙලා තිබෙනවද? (නි)
සරත් Friday, 28 October 2016 02:00 AM
ඔව් ඔව් පෙනෙනවා කොහොමද ආරක්ෂාව කරන්නේ කියලා. මේ ආණ්ඩුව රට විනාශ කරලා තමයි පස්ස බලන්නේ. (නි)
බමුණුසේන Friday, 28 October 2016 02:03 AM
ඕනෑම බූරුවෙකුට යුද්ධ කරන්න පුළුවන් කිවුව අය නේද මේ? මාධ්‍යයෙන් අමුතුවෙන් ගහන්න උවමනා නැත. මහජනතාව ගහන ටිකම ඇති නේද. (නි)