IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මාධ්‍යවේදීන්ට තර්ජනය නොකළ බව අගමැති කියයි

මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ කිරීම හැර තමා කිසිම මාධ්‍යවේදියෙකුට තර්ජනය කළේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) ප්‍රකාශ කළේය.

අමාත්‍යංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින් ඒ බව සඳහන් කළ අගමැතිවරයා එහිදී මෙසේද කීය.

මා ඊයේ කළ කතාවෙන් පසුව මන්ත්‍රීවරයෙක් මේ සභාවේ ප්‍රකාශයක් කරල තියෙනවා මම   මාධ්‍යවේදීන්ට තර්ජනය කළා කියලා.

සිසිර ජයකොඩි ඒ මන්ත්‍රීවරයා කියන පරිදි මම තර්ජනය කළේ නැහැ. නම් කළා ඒවා පිටුපසින් ඉන්නේ කවුද කියලා. ඒක මගේ අයිතියක් නොවෙයිද?

මේ අය ඉල්ලනවා තොරතුරු දැනගැනීමේ පනතක් ගේන්න කියලා. ඔන කෙනෙක් නම් කරන්න පුළුවන්. මේ අය නම් කරන්න බැහැ.

අයිලන්ඩ් පත්‍රයේ කොච්චර දුරට වැටුනාද? සිසිර ජයකොඩි නග්ගලා ගන්නවා තව මොනවද ඉතින්, මගේ මිත්‍ර සිසර ජයකොඩි නග්ගලා ගනන්නවා.

මම මෙතැන ප්‍රකාශ කළේ මාධ්‍ය ඇතුලෙන් එන අදහස්. ඒවා දේශපාලඥයන්ගේ අදහස් නොවෙයි.

මෙතැන දැන් වෙලා තියෙනන්නේ මාධ්‍යයේත් බමුණු කුලයක් තියෙනවා. ඒක ඇති කළේ මහා බ්‍රහ්මයා ඉන්න කාලේ. එයා තෝරා ගන්නා මේ අය විතරයි යන්නේ. අනික් අය නොවෙයි කියලා.

දැන් ඒ බමුණු කුලේට තේරෙන්නේ නෑ ඒ බමුණු කුලේ වසලයෝ වෙලා කියලා.

මේ මාධ්‍යයේ ඉන්නවා මාධය නිදහස වෙනුවෙන් සටන් කරපු අය. දැන් අපි අහන්න ඕනා ඒ අය කියන ඒවා නොවෙයිද? මහා බ්‍රහ්මයාගේ බමුණු කුලේ අපට දැන් වැඩක් නැහැ. ඒ අය දැන් වසලයෝ වෙලා.

මම කළේ නම් කිරීම විතරයි. මන්ත්‍රීවරු නම් කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි මාධ්‍යවේදීන් නම් කරන්න.

මහා බ්‍රහ්මයා එක්ක දඩයමේ ගිය කෑව, බිව්ව අය අපට වැඩක් නැතැයි ද අගමැතිවරයා කීය.



අදහස් (0)

මාධ්‍යවේදීන්ට තර්ජනය නොකළ බව අගමැති කියයි

ජනහිත Friday, 29 January 2016 09:19 PM

පාර්ලිමේන්තුවේ අගය නොදන්නා අය නන් දොඩවනකොට ජනතාව ඒවා ගැන බලාගෙන ඉඳලා මේ මොකද වෙලා තියෙන්නේ කියලා හිතනවා. බැරි බර කරේ තියාගෙන ඉන්නේ මොකටද? වසල සුත්‍රයෙන් දේශනා කරලා තියනවා කවුද වසලයෝ කියලා. ඉතින් තව මොන කතාද? (නි)

:       0       0

ජනක Saturday, 30 January 2016 12:15 AM

තිලංග, කරුණාපාල, පරාක්‍රම මහතුනි, මම ඔබගේ අදහස් අනුමත කරමි. ජාලිය මහතාත් කාලයට ඔබින වැදගත් අදහසක් පළකර ඇත. පරණ දේවල් ගැන කිය කියා ඉන්නේ නැතුව ඉන්න ටික හදාගන්න ඕනෑ. ජය වේවා! (නි)

:       0       0

රවින්ද්‍ර Saturday, 30 January 2016 01:09 AM

නියමයි. මම යූඑන්පී කාරයෙක් නොවුණත් රනිල්ගේ කෙළින් කතාව අගය කරනවා. ඔව්, අපි සාධාරණ සමාජයක් හදමු (නි)

:       0       0

තිලංග Friday, 29 January 2016 01:34 PM

නියමයි, යහපාලනය කියලා ගොනි නැතුව කරේ යන්න දෙන්න බැහැ (කෞ)

:       0       0

ප්‍රියාන් Saturday, 30 January 2016 02:11 AM

බොහොම හොඳ කතාවක් (නි)

:       0       0

කරුණාපාල Friday, 29 January 2016 01:59 PM

මාධ්‍යවේදීන් හෝ මාධ්‍යට සම්බන්ද සමහරක් හිතාගෙන ඉන්නේ, ඔවුන් කියන, ලියන, හා පෙන්වන සියලු දේ ජනතාව හිස්මුදුනුන් පිලිගන්නවා හෝ පිළිගන්න ඕනා කියලයි. (කෞ)

:       0       0

පරාක්‍රම Friday, 29 January 2016 02:16 PM

චලනයෙන් ශබ්දයෙන් දැනෙන්නේ පෙනෙන්නේ සිංහයා අවදිවෙමින් සිටිනව වගෙයි. (කෞ)

:       0       0

සුසන්ත Friday, 29 January 2016 02:40 PM

ප්‍රේමකීර්ති, රිචර්ඩ් ද සොයිසා, රෝහණ කුමාර යුගය මතක් වෙනවා....(බ)

:       0       0

ජාලිය Friday, 29 January 2016 03:16 PM

සුසන්ත බමුණු කුලේද ? පරණ ඒවා මතක් කරන්නේ දැන් ඉන්න එවුන් හදාගත්තොත් නරකද? (බ)

:       0       0

සෙනරත් Friday, 29 January 2016 03:37 PM

වසලයින් කවදත් බමුණු කුලේ අයට පහර ගහනවා. ඔය කියන කතා කවුරුවත් ගණන් ගන්න එපා. (කෞ)

:       0       0

දහම් Friday, 29 January 2016 04:10 PM

මට නම් පෙන්නේ පිස්සුවට ගන්න ඕනේ බෙහෙත් වෙනුවට මත පෙති ගහල වගේ. අය්යෝ අහෝ.(කෞ)

:       0       0

නිහාල් Friday, 29 January 2016 04:57 PM

අර නටන්න බැරි මිනිහාත් කියන්නෙම පොළොව ඇදයි කියලානේ. (නි)

:       0       0

ජොහාන් Saturday, 30 January 2016 06:30 AM

මාධ්‍ය නිදහස ලැබුණේ මේ රජයෙන් නේද? පසුගිය කාලයේ දී මෙයාල ගොලුඑවෙලා හිටිය නේද. දැන්වත් ටිකක් ඉවසල ඉන්නවා තවම පොඩි කලයි ගත වුණේ (අ)

:       0       0

තිලක් Saturday, 30 January 2016 07:09 AM

අයියෝ, අනේ මටනම් හරිම හිනා...(හේ)

:       0       0

යසපාල Friday, 29 January 2016 07:08 PM

රනිල් මහතා එහෙම කරන කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

චන්න Friday, 29 January 2016 07:11 PM

හරියටම හරි මහත්තයෝ (නි)

:       0       0

චින්තක Friday, 29 January 2016 08:10 PM

අපි නම් ඇත්ත දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2343 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1537 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24490 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site