IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මාධ්‍යවේදීන්ට වන අඩම්තේට්ටම් හෙළා දකිනවා‘

ජනමාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් හෝ බලපෑමක් එල්ල වනවා නම් එය හෙළා දකින බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

ඔහු මේ බව කීවේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යවේදියකුට බැණ වැදුණැයි කියන සිද්ධිය හා වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුට බලපෑම් කළැයි කියන සිද්ධිය ගැන ජනමාධ්‍යවේදීන් දිගින් ගිටම ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

මේ සිදුවීම් හෙළා දකින බව නොකියන්නේ ඇයිදැයි ප්‍රශ්න කරද්දී ඇමැතිවරයා එලෙස කීවේය.

ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ ජන රැලියක් නිසා මාර්ග අවහිර වෙද්දි කිසි දෙයක් නොකළ පොලිසිය එදිනම විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමකට කඳුළු ගෑස් ගහනවා?

පිළිතුර - උද්ඝෝෂණ කරද්දි එහෙම තමයි.

ප්‍රශ්නය - එජාප ජන රැලිය නිසා පාරවහල් අවහිර වෙද්දි බලාගෙන  ඉඳා විශ්ව විද්‍යාල ළමයින්ට කඳුළු ගෑස් ගැහුව එක හරිද?

පිළිතුර - උද්ඝෝෂණ තියෙද්දි පාරවල් අවහිර වෙනවා.

ප්‍රශ්නය - එකම දිනයේ එජාප රැලියට එක විදියකටත්, සිසුන්ගේ පාගමනට එක විදියකටත් සලකන්නේ කොහොමද?

පිළිතුර - එය පොලිසියන් අහන්න. මං පොලිසියේ නෙමේනේ.

ප්‍රශ්නය - වරාය සභාපති මාධ්‍යෙවේදීන්ට තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි ලැබුණා. ඊට පෙර උසාවියෙදි මාධ්‍යවේදීන්ගේ සටහන්පොත් උදුර ගත්තා. ඒ සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නේ?

පිළිතුර - සිද්ධි දෙකක් පමණක් වාර්තා වුණා. එකපාරට ආණ්ඩුවක් අරගෙන සිද්ධියක් දෙකක් ගැන පමණක් ඇසීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.  

ප්‍රශ්නය - කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යවේදියකුට කුණුහරපෙන් කතා කළ බව වාර්තා වුණා. ඒ ගැන ජනමාධ්‍ය ඇමැති ලෙස ඔබ මොකද කියන්නේ?

පිළිතුර - මම එහෙම කතා කරන්නේ නෑ

ප්‍රශ්නය - කැබිනට් ඇමැතිවරයකු වන කිරිඇල්ල ඇමතිවරයා කතා කළ ආකාරය  හරිද?

පිළිතුර - ඉඳලා හිටලා වචනයක් එහෙ මෙහෙ වෙන කතාවක් විතරනෙ අද තියෙන්නේ. සුදු වෑන් එකක ගෙනිච්චයි කියන්නේ නෑ. ඝාතනය කළා කියන්නේ නෑ. අතපය කැඩුවා කියන්නේ නෑ. කොණ්ඩ කැපුවා කියන්නේ නෑ. බයට පිටරට යන්න වුණා කියන්නේ නෑ.

ප්‍රශ්නය - සුදුවෑන් නැති වුණා කියලා මාධ්‍යවේදීන්ට බනින්න හෝ සුළු සිදුවීම් සිදුවුණාට කමක් නෑ කියලද ඔබ කියන්නේ?

පිළිතුර - සුළු සිදුවීමක්වත් ඇති වෙන්න ඕනෑ කියා මම කියන්නේ නෑ. අපි උත්සාහ කරමු ඉස්සරහට කිසිම සිද්ධියක් ඇති නොවන ලෙස වැඩ කරන්න.

ප්‍රශ්නය - ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඔබ මේ සිදුවීම් හෙළා දකින්නේ නැද්ද?

පිළිතුර - ඔබට නිවුස් පසුව තියෙයි.

ප්‍රශ්නය - මේ සිදුවීම් හෙළා දකිනවා කියන වාඛ්‍ය කෑල්ල කියන්න බැරිද? බයයිද?

පිළිතුර - මාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් වෙනවා නම්, බලපෑමක් වෙනවා නම් අපි එය හෙළා දකිනවා කොහොමත්. ඒකටනේ අපි බලේ ගත්තේ. එකටනේ අපි ආණ්ඩුවක් හැදුවේ.

(වීඩියෝ හා  ඡායාරූප - කෞෂල්‍ය සමින්ද)

 

01

_MG_9526 _MG_9533

 



අදහස් (0)

‘මාධ්‍යවේදීන්ට වන අඩම්තේට්ටම් හෙළා දකිනවා‘

සචිත් ඉන්දික Thursday, 17 March 2016 03:02 PM

කරුණාකරලා මාධ්‍යවේදීන් කතා කරන විදිය ලොක්කාට කියලා දෙන්න (බ)

:       0       0

චමිල් Thursday, 17 March 2016 02:54 PM

අඩම් තේට්ටම් වෙන එකක් නෑ ලක්ෂ්මන් ඈමෑති කිවුව ඒක ඉවරයි කතා කිරීමේ අයිතිය තියෙනව කියල .ජනමාධ්‍ය ඈමෑති තුමෝ ඊට වඩා හොද නෑද්ද අර අපිට ලක්ශ දෙකහමාරක් පොලියට දීලා බයිසිකලයක් ගන්න කියන එක සාධාරනද කියල පෝඩ්ඩක් හිතල බෑලුවොත් හොද නෑද්ද ඇමැති තුමෝ(බ)

:       0       0

නලින් යහම්පත් Friday, 18 March 2016 09:43 AM

ජනමාධ්‍ය ඇමති වුණාට කෙලින් අහන ප්‍රශ්න වලට පිළිතුර දෙන්නට ශක්තියක් නැහැ වාගේ , හෝ එම පිළිතුරු දීමෙන් තමන්ගේ රජයටත් වගකීමක් දරන්න වේ කියා බියක් ඇතුවා වාගේ (බ)

:       0       0

ජයවික්‍රම Friday, 18 March 2016 03:55 AM

මාධ්‍යෙව්දීන් වෙනුවෙන් යමක් කිරීමේ උවමනාව ගයන්ත ඇමති තුමාට තියෙන බව පේනවා. (ර)

:       0       0

ධම්මි Thursday, 17 March 2016 03:46 PM

හෙළා දැක්කම ඔක්කොම හරියනවද (බ)

:       0       0

පැට්රික් Thursday, 17 March 2016 03:51 PM

මොවුන්ට ජනවරම ගැන අවබෝධයක් නැහැ. නොතේරුම්කම නිසා අවුරුදු ගානක් බලය දුන්නේ නැහැ. (නි)

:       0       0

ජනිත් කුමාර් Friday, 18 March 2016 04:31 AM

මමත් යහපාලනයක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නේ. ඒක කරන හැටි පේනවා (නි)

:       0       0

දිලිප් Friday, 18 March 2016 04:57 AM

විපක්ෂයේ සිටියදී කෙළින් කතාකරන්න තිබුණ හයිය ආණ්ඩුවට ආවහම සමහරුන්ගෙන් අතුරුදහන් වෙන හැටි! (නි)

:       0       0

අන්වර් Friday, 18 March 2016 04:55 AM

මාධ්‍යෙව්දීන්ට හැමදාම වුණේ කෙණෙහිලි. ඔවුන්ට දැන්වත් සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 17 March 2016 04:22 PM

මාධ්‍යවේදීන්ට අඩම්තේට්ටම් කිරීම අනුමත කරන්න බැහැ. එ්ත් ඔය විදියට ප්‍රශ්න කරන්න හරි නිදහස තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද ඉස්සර ඔහොම ප්‍රශ්න අහන්න කවුරුවත් ඉදිරිපත්වුණ බවක් මම නම් දැකලා නැහැ. (නි)

:       0       0

ශානක Friday, 18 March 2016 05:09 AM

හෙළාදකින්න තමයි මෙයාලා හැමදාම දන්නේ (නි)

:       0       0

ශශිකා Thursday, 17 March 2016 04:48 PM

ඇමතිතුමාට දැන්නම් තේරෙනවා ඇති ආණ්ඩු කෙරුවාවත් ලේසිපහසු නොවන බව. (නි)

:       0       0

බිනු Thursday, 17 March 2016 06:33 PM

ඇඟ බේරාගෙන උත්තර දීලා ගැළවෙන්නයි බලන්නේ (නි)

:       0       0

ඕදාත Friday, 18 March 2016 06:09 AM

ඇමති තුමෝ...ඔබතුමන්ලාට අමතකද මාධ්‍යවේදීන්ට ඔබතුමන්ලාගේම ආණ්ඩු කාලවලදී කරපු හරිය ?? රිචර්ඩ් දී සොයිසා, ප්‍රේමකීර්ති වගේ මාධ්‍යවේදීන්ට කරපු දේවල් අමතකද ? ඔය කොණ්ඩා කප්පපු උදවියත් දැන් ඔබතුමන්ලා එක්ක නේ ඉන්නේ? ඔබතුමන්ලා මොනවහරි කළොත් ඒවායින් ගානට ලෙස්සිලා යනවා...."රාජපක්ෂ" නමක් තියන කෙනෙක්ගේ අතින් ඔහොම වුණා නම්....මරහඬ දීලා ඉවරයී....ලැජ්ජයී !! (බ)

:       0       0

ඕදාත Friday, 18 March 2016 06:17 AM

ඒ වගේම, පහු ගිය ආණ්ඩු සමයේ මාධ්‍ය නිදහසක් නොතිබුනා නම්, "රාවය" පත්තරේ ලියන කට්ටියම මේ වෙනකොට අඩි 6 ක් වැළලිලා තියෙන්න ඕනේ. අගමැති තුමා පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් හැසිරුණු (වියරු) ආකාරයෙන් නියමෙට පැහැදිලි වෙනවා (බ)

:       0       0

ශානක Thursday, 17 March 2016 09:41 PM

මේ දෙන පිළිතුරු වලින් අපිට සැබෑ වෙනස පෙනෙනවා. මෙයද යහපාලනය? (නි)

:       0       0

රූපවතී Friday, 18 March 2016 08:26 AM

මාධ්‍යවේදියාට ශ්‍රී ලංකාවේ සැලකීම ඇත්තටම සෑහීමකට පත්වෙන්න බැහැ බටහිර සහ යුරෝපයේ මාධ්‍යවේදීන්ට තියෙන ගරුත්වය සහ සැලකීම බැලුවම ලංකාව අන්තිමයි.ජීවිත කාලෙන් කොටසක් වැය කරලා තමන් සතු සියල්ල වැය කර ලැබුව අධ්‍යාපනයෙන් තම ජීවිතේම කැප කරන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් ජීවත්වෙන තම රටේ ගහ කොළ සතා සීපාවා පරිසරය සහ ඒ හැම රැකගන්න ඒ සියල්ලට වන අසාධාරණයන් වෙනුවෙන් හඩක් නගුවානම් ඒ මේ අපක්ෂපාතී මාධ්‍යවේදියා පමණයි....? (බ)

:       0       0

ලක්ෂි Friday, 18 March 2016 12:16 AM

හෙළා දැකීම කොහොම වෙතත් රට ජාතිය ගැන හැඟීමක් නැති දේශපාලකයින් නම් අපි දකින්නවත් කැමති නැහැ (නි)

:       0       0

ටානි Friday, 18 March 2016 12:53 AM

නියමයි චමල්, මට කියන්න අවශ්‍ය වුණ දේ ඔයා කියලා තියෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Friday, 18 March 2016 12:47 AM

මෙහෙම ගැලවිජ්ජාවට උත්තර දෙද්දීත් තව මොනවට අහන්න ගියාද මන්දා මේ මහත්තුරු (නි)

:       0       0

සුමනපාල Friday, 18 March 2016 01:48 AM

ක්‍රම ක්‍රමයෙන් මෙවැනි වැඩකට නැති ඇමතිවරුන් ජනතාවගෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රතික්ෂේප වීම හොඳ දෙයක්. මෙවැනි පෙරපාසල් මට්ටමේ පිළිතුරු හමුවේ ඒවා ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීම ගැන මගේ ප්‍රණාමය. (නි)

:       0       0

කෝසල Friday, 18 March 2016 01:42 AM

අනේ අම්මපා, වැදගත් නිලයක් හොබවන කෙනෙක් වගකීමකින් දෙන පිළිතුරුද මේ? (නි)

:       0       0

දුමින්ද Friday, 18 March 2016 01:55 AM

කට බොරු කිවුවත් දිව බොරු නොකියන බව පෙනේ (නි)

:       0       0

නිමල් ලලිත Friday, 18 March 2016 01:59 AM

අද දේශපාලනය තමන්ගේ වාසියට ඕනෑම ජරා වැඩක් කරන, තමන්ගේ ගැළවීම සඳහා ඕනෑම බොරුවක් කියන රැකියාවක් බවට පත්වෙලා (නි)

:       0       0

ප්‍රියා Friday, 18 March 2016 03:27 AM

මාධ්‍යය වේදියා යනු කවරෙක්ද යන්න මට මෙතන ඉන්න කවුරු හරි නිර්වචනය කරලා දෙන්න පුලුවන්ද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1458 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 928 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1409 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 565 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1024 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37956 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site