IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මාධ්‍යවේදීන් සී.අයි.ඩී. ගෙන්වීම මාධ්‍ය සංවිධාන එකමුතුව දැඩිසේ හෙළා දකී

(ඩයනා උදයංගනී)

පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ" එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළි සුදු ලූනු වංචාව ඇතුළු වංචා පිළිබඳව වාර්තා කළ ලංකාදීප, දිවයින හා ද අයිලන්ඩ් පුවත්පත්වල  මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකමුතුව පවසයි.

මෙය දූෂිතයන් ආරක්ෂා කිරීමට හා, දූෂණ හෙළිදරව් කිරීම වැළැක්වීමට ද දරන ලද නිර්ලජ්ජිත උත්සාහයක් බව ද එම  එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්, ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති, එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම්, කනපතිපිල්ලේ සර්වානන්ද සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

''පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ, එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළි කළ සතොස ආයතනයේ සිදු වී ඇති, සුදු ලූනු වංචාව සහ වෙනත් දූෂණ වාර්තා කළ ලංකාදීප, දිවයිනහා දි අයිලන්ඩ් පුවත්පත් හි  මාධ්‍යවේදීන්, පරීක්ෂණයක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින මාධ්‍ය සංවිධාන එකතුව, මෙය දූෂිතයන් ආරක්ෂා කිරීමට ද, දූෂණ හෙළිදරව් කිරීම වැළැක්වීමට ද දරන ලද නිර්ලජ්ජිත උත්සාහයක් බව පවසයි.

හෙළිදරව් කරන ලද දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම වෙනුවට අමාත්‍ය  බන්දුල ගුණවර්ධනගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුට සිදුව ඇතැයි කියන අපහාසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මාධ්‍යවේදීන් කැඳවන්නේ 2002 වසරේදී සාපරාධී අපහාස නීතිය අහෝසි කර ඇති පසුබිමකය. එබැවින් නෛතික පදනමක් නොමැතිව වුවත් දේශපාලන වුවමනාව ඉටු කිරීම සඳහා පොලීසිය යොදා ගෙන මාධ්‍යවේදීන් බිය ගැන්වීමේ ප්‍රවණතාවක් මතු වෙමින් තිබෙන බව මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

අදාල සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොකැඳවන ලෙසට අගමැතිවරයා දුන් උපදෙස් අනුව, නිලධාරීන් පිරිසක් ලංකාදීප කාර්යාලයට පැමිණ ඇත. ඒ, ජාත්‍යන්තර තොරතුරු දිනය යෙදුණු සැප්තැම්බර් 28 දාය. ඔවුන් වෙත තොරතුරු ලබා දීම ලංකාදීප කතුවරයා ප්‍රතික්ෂේප කර තිබු නමුත් වංචා හා දූෂණ හෙළිදරව් කරන ලද අවස්ථාවක දේශපාලන වුවමනාවන් මත  මාධ්‍යවේදීන් දඩයමට පොලීසිය මෙහෙයවීම බරපතල වරදකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවද, එවැනි ප්‍රකාශයකින් සෑහීමකට පත් විය නොහැකි බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරපල්ලන් සේම සිව්වැනි ආණ්ඩුව ලෙස ක්‍රියාත්මක වන ජනමාධ්‍යයේ වගකීම වංචා හා දූෂණ හෙළිදරව් කිරීමයි. එවැනි අවස්ථාවක මාධ්‍ය හෙළි කිරීම්වලට අදාල පරීක්ෂණ සිදු කොට නීතිය ක්‍රියාත්මක නොකර මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හා දඩයමට උත්සාහ දැරීම අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමෙන් එහා ගොස් දූෂිතයන්ට රැකවරණ සැළසීමේ හා දූෂණ වංචා නොතකා හැරීමේ ක්‍රියාවලියක් දක්වා වර්ධනය විය හැකි බව මාධ්‍ය සංවිධාන එකතුවේ අදහසයි.

එබැවින් දේශපාලන වුවමනාවන් මත සිදු වන මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින මාධ්‍ය සංවිධාන එකතුව, ගැහැටට ලක් වූ මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් එක්ව පෙළ ගැසෙන බවට ද වංචා හා දූෂණ පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කරන බවට ද ප්‍රතිඥා දෙයි.''



අදහස් (6)

මාධ්‍යවේදීන් සී.අයි.ඩී. ගෙන්වීම මාධ්‍ය සංවිධාන එකමුතුව දැඩිසේ හෙළා දකී

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 29 September 2021 10:36 PM

පීඩනයට ලක්වූ අපගේ මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙසේ පොදුවේ සැවොම එකතුවීම ඉතා අගනේය. වංචාව ගැන සෙවීම පසෙක තබා මාධ්‍ය දඩයම් කිරීමට ලුහුබඳින ලොව ඇති එකම පොලීසිය ඇත්තේ මේ රටේ පමණක් දැයි සිතේ. මෙසේ බලපෑම් කිරීමේ අරමුණ වනුයේ මාධ්‍යවේදීන් බියගන්වා ඔවුන් තමන් විසින්ම ස්වයං වාරණයේ යෙදවීම බවද පෙනේ...

:       0       0

swene Wednesday, 29 September 2021 10:38 PM

තව ඉදීරියට කොයි විදියට පාලනය වෙයිද? බලය, යුක්තිය හා නීතිය බවට පෙරළෙයිද..?

:       0       0

විජේ Thursday, 30 September 2021 12:57 AM

අනිත් හැමදේම වගේ "මාධ්‍යවේදී" කියන දේත් යම්කිසි ප්‍රමිතිගත කිරීමකට ලක්විය යුතු බවයි මගේ අදහස. ඉතාමත් අතළොස්සක් හැර අනෙක් සියලුම දෙනා කාගේ හෝ පදයට නටන්නන් හෝ කඩේ යන්නන් වේ... හැමදාමත් මාධ්‍ය සංවිධාන නිදහස් මාධ්‍ය වෙනුවෙන් හඬ නැගුවා මිස, ජනතාව නොමග යවන මාධ්‍යවේදින් පිළිබඳව යම්කිසි ක්‍රියාත්මක වීමක් සිදුවුණාද යන්න ගැටලුවකි. සියලුම පාහේ විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍යද පවුල්, පක්ෂ ලෙස අයින් වී, වෙන්වී ඇති රටක, ලෝකෙක මාධ්‍යවේදීන් පමණක් කෙසේ ස්වාධීන වේද?

:       0       0

lelwala Thursday, 30 September 2021 07:50 AM

ඔවුන් අතර ඇති වෙනස කුමක්ද?

:       0       0

හොරු Thursday, 30 September 2021 09:25 AM

සිරි රණසිංහ ආණ්ඩුවට තව කඩේ යන්න ඕන, තව මදි, සල්ලි ලැබෙනවානම් ඕනෑම දෙයක් කරන්න එපා, රාජපක්ෂලා අන්තිම හොරු.

:       0       0

vimansa Thursday, 30 September 2021 10:21 AM

මෙම ජඩ අවෑඩ පිලිබදව දෑඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. මෙම දූශන පිලිබදව දූශිතයන් අත් අඩංගුවට ගැනීමටත්, එම දුශන ක්‍රියා පිලිබදව කරුනු හෙලිදරව් කරන්නන් ආරක්ශා කරමින් සාක්ශි ලබා ගෙන දුශිතයන්ට දඩුවම් ලබාදෙන තුරු විපරම් කරමින් පසු පසින් සිට යුක්තිය පැසඳලීම ආදාර ලබාදීම සියලු ජනමාධ්‍යවල මෙන්ම මෙරට ජනතාව වශයෙන් අපගේද වගකීම කරගමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1716 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 347 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 718 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4476 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 585 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3364 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site