IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘මාධ්‍යවේදියාට පහර දීම ගැන විමර්ශනයක් ඕනෑ‘

හම්බන්තොට වරායේ සේවක විරෝධතාව පාලනය කර එම වරායේ නැංගුරම්ලා තිබූ නැව් දෙකක් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැමිණි නාවික හමුදාපති ජනමාධ්‍යවේදියකුට පහරදීම හා රාජකාරියට බාධා කිරීම හෙළා දකින බවත්, ඒ ගැන විමර්ශනයක් පැවැත්වියයුතු බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

ජනමාධ්‍යවේදියාට පහර දීම ගැන විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිසියෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘හම්බන්තොට වරායේ සේවක විරෝධතාව පාලනය කර එම වරායේ නැංගුරම්ලා තිබූ නැව් දෙකක් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම හා ඔහුට පහර දීම ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් හෙළා දකිමු.

පසුගිය ආණ්ඩු කාලයේ රතුපස්වල දී බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අතුළු යුද හමුදා පිරිසක් ජනමාධ්‍යවේදීන්ට පහර දීම සහ වර්තමානයේ නාවික හමුදාපතිවරයා ම ජනමාධ්‍යවේදියකුට පහර දී රාජකාරියට බාධා කිරීම යන සිදුවීම් දෙක අතර ලොකු වෙනසක් අපි නොදකිමු. මාධ්‍ය නිදහස ඇතැයි ද, ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය විවේචනය කළ ද මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම දැන් නැවතී ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මීට සති දෙකකට පමණ පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එම ප්‍රකාශ හුදු වාග් ප්‍රලාප පමණක් ම බව මෙම සිදුවීමෙන් හොද හැටි පැහැදිලි විය.

මෙම සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස නොදකින අප මෙය බරපතල තත්ත්වයක් බව අවධාරණය කරමු. මේ ගැන වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස්පතිගෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ වනවිටත් ඉල්ලීම් කර තිබේ.

රතුපස්වල සිදුවීමේදී මාධ්‍යවේදීන් අපහසුතාවට පත්වීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් මෙවන් සිදුවීම් යළි යළිත් සිදු වීමට කිසිදු ඉඩක් නොමැත.   මෙය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා සාධාරණ පරීක්ෂණයක් සිදු කර නාවික හමුදාපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ශ්‍රී ලංකා තරුණ ජනාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.   ‘



අදහස් (0)

‘මාධ්‍යවේදියාට පහර දීම ගැන විමර්ශනයක් ඕනෑ‘

හසිත Sunday, 11 December 2016 07:13 AM

මාධ්‍යවේදීන්ට රාජපක්ෂ පාලනයේදී නිවැරදි තැනක් දුන්නා (නි)

:       0       0

ඉන්දික Sunday, 11 December 2016 08:20 AM

එතනට ගියේ කොහොමද..? පෝර්ට් එකට යන්න අවසර ඕනෑ. අනික මුදාගැනීමේ මෙහෙයුම් මාධ්‍ය වල දාන එක ගැනත් සළකා බලන්න ඕනෑ (නි)

:       0       0

රවීන් Monday, 12 December 2016 03:26 AM

මාධ්‍යවේදින්ට ඕනෑම තැනක අවසරයකින් තොරව යන්න පුලුවන්ද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 12 December 2016 07:55 PM

නාවික හමුදාපති කියලා ඔතනට වැදිලා, මැරකම් කරපු කෙනා හොයාගෙන අමතක නොවෙන පාඩමක් ඉගැන්වීමට කිසිම බාධාවක් නැහැ නේද? වරායක් වැනි අධි ආරක්‍ෂිත කලාපයක තිබෙන ආරක්ෂක කැමරා මඟින් වැරදිකරුවන් හොයාගැනීම ඉක්මනින්ම කළයුතු වෙනවා (නි)

:       0       0

සෑම් Sunday, 11 December 2016 05:06 AM

අඩුම තරමින් තනතුරට උචිත ඇඳුමක් අඳින්නවත් නොදන්නා ලොක්කන්ගෙන් නීතිගරුක ක්‍රියාකලාපයන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

රසි Sunday, 11 December 2016 05:10 AM

වෙන රටක නම් මේ වැනි ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. වැරදීමකින් හරි එහෙම දෙයක් සිදුවුණොත් පිත්තල බොත්තම් ටිකත් එක්ක කෝට් එක ගළවලා තියලා ගෙදර (හෝ හිරගෙදර ) යන්න වෙනවා. (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 11 December 2016 05:10 AM

අනේ ඔයාලත් ස්ට්‍රයික් කරන්නකෝ. (නි)

:       0       0

යසපාල Sunday, 11 December 2016 05:18 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සමරනායක Sunday, 11 December 2016 05:17 AM

අපි නම් දන්නවා ඔය විමර්ශන වලට වෙන දේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 233 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 393 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 248 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 203 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 652 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site