IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘මාධ්‍ය ආයතනත් මාධ්‍ය නිදහස රකින්න ඕනෑ‘

නිදහස් මාධ්‍යයට ඉඩදීමට රජය, දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳී සිටින අතරම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කරමින්, සිය වගකීම් හා යුතුකම් අවංකව ගෞරවයෙන් ඉටු කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලූ දෙනා වගකීමෙන් බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද (28) පැවැසීය.

තොරතුරු දැනගැනීමේ පනත සම්මතවී ඇති හෙයින් පුරවැසියන්ට හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී බලය තහවුරු කිරීමට රජය, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍ය හා සියලූ පාර්ශව ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා පුරවැසියන්ගේ අයිතිය තහවුරු කිරීමට සියලූ පාර්ශව එක්විය යුතු බව ද පෙන්වා දුන්නේය. 

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ‘ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ පනත හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ‘ යන මැයෙන් පළමු වරට පැවැති ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා එම කරුණු කීය.

‘තොරතුරු දැනගැනීම සෑම පුරවැසියකුගේම අයිතියක්. සෑම පුරවැසියකුගේ මානව අයිතිවාසිකමක්. සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ හඬ නැගුවත් පැවැති ආණ්ඩුවලට එය ඉටු කිරීමට නොහැකි වුණා. එම අසමත්වීම්, අතපසුවීම් නොසලකා හරිමින් අපේ ආණ්ඩුවට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමට හැකියාව ලැබුණා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීම දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස  පෙන්වා දිය හැකියි. ‘‘

සමුළුවේ සමාරම්භක උත්සවය ඇමතූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.

‘ජනාධිපතිවරයා මහජන ජනවරමක් ඉල්ලන අවස්ථාවේදී, තොරතුරු දැනගැනීමේ පනත ජනතාවට හිමි කරදෙන බව අපි ප්‍රකාශ කළා. ඒ අනුව ජනවරම ලැබීමෙන් පසු පනත සම්මත කිරීමට අපට හැකියාව ලැබුණා.

එහෙත් කනගාටුවට කරුණක් තිඛෙනවා. අපි මුලින්ම මේ පනත ගෙනාවේ 2001 වසරේදී. එවකට එවැනි පනතක් ගෙනාපු පළමු දකුණු ආසියා  රට අපියි. එහෙත් අපි මේ පනත සම්මත කළේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළ අවසන් දකුණු ආසියා  රට ලෙසයි.

ඉන්දියාව ඇතුළු ලොව බොහෝ රටවල තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාව මතු කරන ලද්දේ ජනතාවයි. එහෙත් අපේ රටේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න මූලිකව බල කළේ විපක්ෂයයි. කෙසේ නමුත් අද අපට සතුටු විය හැකි තත්ත්වයක් උදා වෙලා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් මේ පනත සම්මත කිරීමට හැකියාව ලැබීම ගැන අපිට සතුටු විය හැකියි. ‘‘

DSC_0355 DSC_0362 DSC_0374 DSC_0431

 



අදහස් (0)

‘මාධ්‍ය ආයතනත් මාධ්‍ය නිදහස රකින්න ඕනෑ‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 9 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 148 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 32 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 301 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 842 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 909 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site