ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ පහරදුන්නැයි මහනුවර පිළවල ශ්‍රී ඉසිපතනාරාම විහාරාධිපති පේරාදෙණියේ ධම්මසේන හිමියන් පැමිණිල්ලක් කැර ඇතැයි වත්තේගම පොලීසිය කියයි.
විහාරස්ථානය අසල නිවසක කලබලයක් ඇසී ඒ ස්ථානයට තමන් ගිය බවද පසුව සිද්ධිය නතර කිරීමට ගත් උත්සාහයේදී ලින්ටන් විජේසිංහ සිය සිවුරෙන් ඇද නව වැනිදායින් පසු සිවුර ගලවා දමන බවට තර්ජනය කළ බවද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද එහි සිටි බව ධම්මසේන හිමිගේ පැමිණිල්ලේ සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීමසීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා සම්බන්ධ කිරීමට ගත් උත්සාහය අසාර්තක විය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනුයේ රඹුක්වැල්ල ඇමැතිවරයා එම ගැටුම බේරුම් කිරීමට උත්සාහ ගත් බවයි.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාධ්‍ය ඇමැති ගෝලයා හිමි නමකට ගහලා
ශාන්ත Monday, 05 January 2015 07:59 AM
ඡන්දෙ දෙන්න. තව ගුටිකන්න. (ස)
අශේන් Monday, 05 January 2015 08:24 AM
ඔන්න තියනවා සුබ අනාගතේ. බලය ලැබෙන්න කලින් ඔහොමනම් බලය ලැබුනට පස්සේ කොහොම ගහයිද? දැන්වත් බුද්ධිය පහල වේවා. (ස)
ඉන්දික ගාලේවත්ත Monday, 05 January 2015 08:25 AM
ඔය දෙන්නම කුණ්ඩසාලේ විනාශ කරනවා...භිෂණය පතුරවනවා... (ස)
ශ්‍යාමා Monday, 05 January 2015 08:29 AM
කෙහෙළිය රඹුක්වැල්ල මහතා කලින්ම කළගුණ සලකන්න ගෙදරකට යන්න ඇති. (නදී)
හේරත් Monday, 05 January 2015 08:35 AM
ආනන්තරීය පාපකර්ම. ආත්මයක් නැති මිනිස්සු. (නදී)
නොඑල් Monday, 05 January 2015 08:36 AM
නායකයා යන පාරේ ගෝලයෝ යන එක අරුමයක් නෙමෙයිනේ (නදී)
ජෝන් Monday, 05 January 2015 08:40 AM
මුන් මහා තිරිසන්නු. ඉස්සරහට දිනුවොත් මෙයිට වඩා දරුණු තක්කඩිකම් කරයි (නදී)
හුසේන් Monday, 05 January 2015 09:34 PM
කෝ බොදුබල සේනා? ඇමති කෙනෙක් නිසා හොඳට ගියා.නැත්තම්....? (නි)
විමලරතන හිමි Monday, 05 January 2015 09:01 AM
මෙම පහරදීම හිමි නමකට වූ නිසාම අදහස් නොලියමි. වඩාත් ගැඹුරින් සිතනවිට බෞද්ධ සමාජය කොතරම් පිරිහී ඇත්දැයි සිතීමට මෙය ප්‍රමාණවත් වේ. පසුගිය වසරක කාලය පුරාවට භික්ෂූන් වහන්සේ මරාදැමීම් පහරදීම් කොතරම් සිදුවී ඇද්ද? සදාචාරය ගැන කොතෙක් කතාකළත් මෙය ගිහි පැවිදි සමාජයේ ගරාවැටීමකි. ඉහළින් ගලාවිත් ගහකොළ ගේ දොර වනසාලන ලාවා සේ මුදාහැරෙන ප්‍රචණ්ඩත්වය අවසන සමාජය දවා හලුකරන දිනයක් එනතුරුම බලා සිටිමුද? (නි)
හේමන්ත Monday, 05 January 2015 08:59 AM
මෙයාලට ඡන්දය දීලා අපිටම ගහගන්නවා අපි. බලනකොට අපි තමයි මෝඩයෝ. ප්‍රතිපත්තියක් නැති උගත්කමට තැනක් නැති මෙහෙම රටකනේ අපි ඉන්නේ. (නි)
දිනෙල්කා Monday, 05 January 2015 09:21 AM
මේවා නම් බොහොම නරක වැඩ (නි)
ඉන්දික Monday, 05 January 2015 09:24 AM
කෝ දැන් බොදු බල සේනා (දිල්)
ගීතා Monday, 05 January 2015 09:25 AM
මෙහෙමත් අපරාධ (දිල්)
බණ්ඩා Monday, 05 January 2015 09:52 AM
මේද පාර වෙනසක් නොකරොත් ලිබියාව මෙන් මහා විනාසයක් සිදු වී රට කැලි කැලි වලට කැඩී මහා මිනිස් සංහාරයක් වන බව විශ්වාසයි .(හේ)
දුෂාර Monday, 05 January 2015 09:55 AM
අන්තිම දවස් ටිකනේ ඒකයි ඔය . අපි බලමු 8වැනිදායින් පස්සේ (දිල්)
විමලරත්න Tuesday, 06 January 2015 01:55 AM
පින්වතුනි, මේ අපරාධ ගැන බුද්ධිමත්ව හිතන්න (නි)
රොකී Tuesday, 06 January 2015 02:13 AM
මේ අයගෙන් තමයි කවදත් බේරෙන්න අමාරු! (නි)
ධම්මික Monday, 05 January 2015 11:19 AM
ගහපු කෙනා බෞද්ධයෙක්ද දන්නේ නැහැ(දිල්)
ජනක Monday, 05 January 2015 11:32 AM
බලනකොට හැමකෙනාම එකයි. අර ගුවනේදීත් ප්‍රශ්නයක් වුණා නේද මීටකලින්? (නි)
පෙරේරා Monday, 05 January 2015 12:03 PM
ඇමතිතුමා නම් අපි දන්නා තරමින් හාමුදුරුවන්ට හොඳ ගරුත්වයක් දෙන කෙනෙක්. කවුරු කළත් මේක නම් පාපකර්ම වැඩක්. වැඩේ ඇත්ත නම් මේ ආත්මෙදීම පව් ගෙවන්න වෙනවා (නි)
උපාලි වවින්න Monday, 05 January 2015 02:22 PM
අපි කවුරු කවුරුත් ගැන හොඳින් දන්නවා (නි)