IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මාධ්‍ය නිදහසින් ලංකාව පල්ලම් බසි

ලෝකයේ අවම මාධ්‍ය නිදහසක් ඇති රටවල් 20 අතර  ශ්‍රි ලංකාව ද  සිටින බව “දේශසීමා  රහිත වාර්තාකරුවෝ” නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය  සඳහා සකස් කළ ලෝක  මාධ්‍ය  නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත්  වාර්තාව සඳහන්  කරයි.

ලෝකය රටවල්  180 ක්  යොදාගනිමින්  සකස්  කළ මෙම දර්ශකයට අනුව ශ්‍රි  ලංකාවට හිමිව ඇත්තේ 165 වැනි ස්ථානයය. පසුගිය වසරේ ද ශ්‍රි ලංකාවට මෙම දර්ශකයේ  දි  හිමිව තිබුණේ  165 වැනි  ස්ථානයයි.

මාධ්‍ය බහුවිධතාව (මාධ්‍ය හරහා නිරූපනය වන මතය) ,මාධ්‍ය ස්වාධිනත්වය,රාජ්‍ය  වාරණයේ ස්වභාවය, ව්‍යස්ථාදායක රාමුව හා එහි නීති ,තොරතුරුවල විනිවිදභාවය, තොරතුරුවල ව්‍යුහය හා මාධ්‍ය පීඩාකිරිම් යන නිර්නායක හත සඳහා එක් එක් රටවල්වලින් ලබාගත් ප්‍රශ්නාවලි තොරතුරුවලින් මෙම දර්ශකය සකස් කර ඇත. මෙම තොරතුරු  අනුව එක් එක් රටවලවලට ලකුණු  ලබාදීමේ  ක්‍රමයකින්  මෙම දර්ශකය සකස්  කර  ඇති  අතර මෙම දර්ශකයේ  අඩුම ලකුණු  ලබාගත්  රටවල්  අඩුම මාධ්‍ය නිදහසක්  ඇති  රටවල්  ලෙසත්  වැඩිම ලකුණු  ලබාගත්  රටවල්  අඩුම මාධ්‍ය  නිදහසක් ඇති  රටවල්  ලෙසත්  වර්ගීකරණය කර  ඇත.

මෙම දර්ශකයට  අනුව ලෝකයේ  වැඩිම මාධ්‍ය නිදහසක්  ඇති  රටවල්  තුන පිළිවෙලින්  පින්ලන්තය , නෝර්වේ , ඩෙන්මාර්කය වන අතර  මාධ්‍ය  නිදහස අඩුම රටවල්  තුන වන්නේ  තුර්ක්මෙනිස්තානය, උතුරු  කොරියාව හා  එරිත්‍රියාවයි.

ලෝක මාධ්‍ය නිදහස  පිළිබඳ මෙම දර්ශකයට අනුව දකුණු ආසියානු රටවල් වන  භූතානයට 104 වැනි ස්ථානය ද, නේපාලයට 105 වැනි ස්ථානය ද , මාලදිවයිනට 112 වැනි  ස්ථානය ද , ඇෆ්ගනිස්ථානයට 122 වැනි ස්ථානය ද , ඉන්දියාවට 136 වැනි  ස්ථානය ද, බංගලාදේශයට 146 වැනි  ස්ථානය හා  පකිස්ථානයට  159 වැනි  ස්ථානය ද හිමි වී  ඇත.



අදහස් (0)

මාධ්‍ය නිදහසින් ලංකාව පල්ලම් බසි

සත්‍යයා Wednesday, 20 May 2015 01:32 AM

ලංකාවේ තවම තියෙන්නේ ඊනියා මාධ්‍යය නිදහසක්. එය එසේ වී තිබෙන්නේ රජයට අයිති මාධ්‍යය ආයතන ප්‍රධානීන් අලුත් ආණ්ඩුව යටතේ පවා පත්වෙලා තියෙන්නේ වරින්වර හැම ආණ්ඩුවකටම කඩේ ගිය අය. මාධ්‍යයේ මුඛ්‍යය පරමාර්ථය නොදන්නා එක මහාචාර්යවරයෙකුත් රැල්ලට ගහගෙන අවුත් තනතුර රැකගන්න බලවත් සටනක යෙදිලා ඉන්නවා කියලත් ආරංචියි.(නි)

:       0       0

අසංග Tuesday, 19 May 2015 11:27 AM

මේකත් අධිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ නේද?(හේ)

:       0       0

රංජන් Tuesday, 19 May 2015 11:43 AM

මේ රටේ එහෙම එකක් නැහැ. නමුත් මේ තරමට අපේ රට මාධ්‍ය පැත්තෙන් මෙහෙම වෙලා කියලා කියවෙන්නේ මේ රටේ ඉන්න නිතර පිට රටට සල්ලි වලට ගතු කියන මිනිසුන් වැඩි නිසා.(හේ)

:       0       0

ජූඩ් Tuesday, 19 May 2015 12:37 PM

අද සියල්ල පල්ලමේ කොටින්ම ආණ්ඩුව ගෙනියන්නේ රීම් එකෙන්. (ර)

:       0       0

ලියොන් Tuesday, 19 May 2015 12:51 PM

එකනේ අපේ පිණට පහලවෙච්ච අගමැතිතුමා මාධ්‍යට ඇන ගහල තියලා නගා සිටුවන්න නීතියක් සකස් කෙරුවේ. කෝ ඉතින් ඒකට අපේම මිනිස්සු කැමති උනේ නැහැනේ. (ර)

:       0       0

ලෝලිත Wednesday, 20 May 2015 03:00 AM

මාධ්‍ය නිදහස කියලා එකක් මෙහෙ සමහරුන්ට ඕනෑ නැහැ. ගොඩක් අය කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක. පස්සේ කියනවා නිදහස නැහැ කියලා. නියම මාධ්‍යවේදීන් ජීවිතය ගැන හිතන්නේ නැතුව ඇත්ත ලියන්න ඕනෑ. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 19 May 2015 01:22 PM

මීට වඩා මාධ්‍ය නිදහස මොකක්ද.? (ර)

:       0       0

සුමුදු හේවා Wednesday, 20 May 2015 05:01 PM

බටහිර රටවල පාඨකයින් ලවා තමන්ට අවශ්‍ය ආකාරයට සිතවනු පිණිස මාධ්‍ය ඒකාධිකාරය විසින් තදබල ලෙස වෙනස් කරන ලද තොරතුරු පමණක් එකී රටවල ජනමාධ්‍ය මගින් ඔවුන්ට ලබාදෙන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් සාපේක්ෂව එයට වඩා ටිකක් හෝ යහපත් මාධ්‍ය නිදහසක් ඇති අපේ රට මාධ්‍ය නිදහස නැති රටක් ලෙස නිතරම සමහරුන්ට පෙනෙයි. බොරුවට කවර ප්‍රතිරූපයක් අපට පෙන්වූවද ඔවුන්ගේ න්‍යාය පත්‍රයෙහි මූලිකාංගයක් වනුයේ අපේ රටවලට හානිකරන ජාතිවාදයටත් බෙදුම්වාදයටත් උඩගෙඩි දීම තුළින් ඇමරිකානු අධිරාජ්‍යවාදයට සේවය කිරීම මිස අන් කිසිවක් නොවෙයි. එබැවින් ඔවුන්ගේ මිනුම් දඬු විශ්වාස කිරීමට පෙර වරක් දෙවරක් නොව හතර පස් වරක්ම සිහි නුවණින් සිතාබැලීම අපේ රටට වැඩදායක වෙයි (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 20 May 2015 03:51 AM

මාධ්‍ය නිදහසට වඩා මට ප්‍රශ්නයකට තියෙන්නේ කල්ලිවාදය නැති, ස්වාධීන , වෛරය වපුරන්නේ නැති අපක්ෂපාති ගුණාත්මක මාධ්‍ය ව්‍යාපාරයක් පිළිබඳවයි (නි)

:       0       0

රොෂාන්ත සිල්වා Tuesday, 19 May 2015 03:15 PM

අද තියෙන මාධ්‍ය නිදහස කොපමණද කිවුවොත් රජයට අගමැතිතුමාට සිරස මාධ්‍යයෙන් කොපමණ මඩ ගහනවාද? ඒවාට රජයෙන් කිසිම පියවරක් අරන් නෑ. ඉතින් තව මොන නිදහසක්ද? (බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Tuesday, 19 May 2015 03:35 PM

මාධ්‍ය නිදහස යනු බලයට එන දේශපලනඥයින්ට ඕන ආකාරයට මාධ්‍යකරුවා සහ ඒ ඒ මාධ්‍ය හැසිරීම නොවෙයි. 2015 ජනවරි 08 වෙනිදා එලිවෙන විට ලංකාවේ සියලු මාධ්‍ය ආයතන අංශක 360 ක් කැරකුණා. එහෙම නූනොත් මාධ්‍ය ආයතනවලට දේශපාලනඥයින්ගෙන් තර්ජන එල්ල වෙනවා. වත්මන් අගමැතිවරයාත් පසුගිය දිනක මාධ්‍යආයකනවලට හා මාධ්‍යකරුවන්ට අනියමින් තර්ජනය කළා. කවුරුහරි කියනවානම් ලංකාවේ මාධ්‍ය නිදහස තියනවා කියා ඔහුට පිස්සු. ඒ ඒ මාධ්‍යආයතන හිමිකරුවාගේ අභිලාෂයන් ඉටුකර දීමට සිය ස්වාධීන මතය පසෙක ලා මාධ්‍යකරුවාට කටයුතු කිරීමට සිදු වී තියෙනවා. මාධ්‍ය නිදහස යනු පිළිගත් ආචාරධර්ම පද්ධතියකට යටත්ව ඒ ඒ මාධ්‍යකරුවාට ස්වකීය නිදහස් මතය සමාජගත කිරීමට ඇති නිදහසයි. එය ලංකාවේ තිබේදැයි? විමසා බලන්න. (බ)

:       0       0

සලීම් නෙලුම්දෙණිය Tuesday, 19 May 2015 04:03 PM

දේශසිමා රහිත වාර්තාකරුවෝ සංවිධානයට වැරදිලාවත්ද (බ)

:       0       0

අමන්දා Tuesday, 19 May 2015 04:30 PM

සමහර කට්ටියට අමතක වෙලා මේ ආණ්ඩුවට තවම දවස් 120 කියල.අවුරුදු 10 රට ප්‍රපාතයට දාපු ය ගැන කතා නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 362 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2109 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1592 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 689 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 588 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 692 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site