IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතුයි‘

ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් කළ මාධ්‍ය නිවේදනය හේතුවෙන් මාධ්‍ය ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (29) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පැහැදිලිව කියනවා. නැත්නම් ඉල්ලා අස්වී යන්නට සිදුවන පරිදි ඉදිරියේදී මැයි රැලියෙන් පසු පියවර ගන්නවා. සදාචාරාත්මකව දැන්ම ඉල්ලා අස්වී ගෙදර යන එක හොඳයි. මේ අද එන හෙට යන ලේකම්වරුන්ට ඕන විදියට රටේ නීතිය උල්ලංඝනය කරන්න බෑ‘ යැයි ද ඒ මහතා කීවේය.

ekabadda_2016429



අදහස් (0)

‘මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතුයි‘

මනෝජ් Saturday, 30 April 2016 10:36 AM

දිලීපගෙයි තිලක්ගෙයි මතය එකම වෙලා. බලන්නකෝ ඒකෙත් හැටි. (නි)

:       0       0

කඩේ නොයන් සමන් Friday, 29 April 2016 02:22 PM

මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුත්තේ ඔහු වැරද්දක් කළානම් නේ. ඔහු ලියපු දේ කාටත් තේරෙනවා ඇත්ත කියල. ඒ නිසා දිනේශ් මෙතැන ලොක්කා නොවී, නීතිපති ගෙන් ඒ සදහා වෙනම නිර්වචනය ගන්නා තුරු ඉන්න එක හොදයි. නැත්නම් වෙන්නේ කරත්තේ රෝදේත් නැතුව යන්න. (බ)

:       0       0

කරුණාපාල Friday, 29 April 2016 03:23 PM

ඉල්ලා අස්වෙන්න සුදුසු කම් තිගෙන අය නම් ඕන තරම් ඉන්නවා. අපේ කරුමෙටද මන්දා, ඔය එක්කෙනෙක් වත් ඉල්ලා අස්වෙන්නේ නැති එකනේ අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? (ර)

:       0       0

දීලීප Friday, 29 April 2016 03:41 PM

මගේ මතයත් මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතුයි කියලයි. (ර)

:       0       0

තිලක් Friday, 29 April 2016 05:03 PM

මගේ මතයත් මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතුයි කියලයි. (ර)

:       0       0

සේනක Friday, 29 April 2016 05:22 PM

වගකිව යුතු තනතුරු වලට සුදුස්සන් පත් නොකිරීමේ අනිටු ඵල අප ඉදිරියේ දකින්නට අසන්නට ඇත. (ර)

:       0       0

සෙනෙවි Friday, 29 April 2016 05:41 PM

මාධ්‍ය ලේකම් ලකුණු දාගන්න ගිහින් වෙච්ච දෙයක්. (ර)

:       0       0

මංගල වේලාරත්න Saturday, 30 April 2016 01:25 AM

ඇත්ත කියනකොට විපක්ෂයට හොඳටම කේන්ති යනවානේ. (නි)

:       0       0

ලසන්ත Saturday, 30 April 2016 02:00 AM

මාධ්‍ය ලේකම් විතරක් නොවෙයි, ඔය ලියුම මාධ්‍ය ලේකම් ලවා ලියවපු අය ගැනත් අපිට නම් ඇත්තේ අප්‍රසාදයක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 April 2016 02:25 AM

මේගොල්ලන්ගේ කාලේ මාධ්‍යයට කළ දේවලුත් අපිට තවම මතකයි (නි)

:       0       0

සිරි Saturday, 30 April 2016 04:00 AM

මෙහෙම ඉතින් කියන කියන පළියට අස්වෙන්න ගියොත් හොඳට හිටීවි. (නි)

:       0       0

ප්‍රියා Saturday, 30 April 2016 04:09 AM

දන්නේ නැති හින්දයි අහන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියලා සංවිධානයක් නීත්‍යානුකූලව ලියාපදිංචි කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ නමින් පෙනීසිටීම වැරදියි නේද? ඕනෑම කට්ටියකට එකට එකතුවෙලා ඔය නම් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් නේද? (නි)

:       0       0

මලීන් Saturday, 30 April 2016 04:47 AM

පුදුම පාලනයක් දැන් තියෙන්නේ. මේ වගේ අයට ඡන්දෙ දීලා රජ කරවපු අපිම තමා, එයාලව බිමට ඇදලාත් දාන්නේ (නි)

:       0       0

උමයංගනී Saturday, 30 April 2016 05:18 AM

අපිත් පිළිගන්නවා ඒ කතාව. වහාම ඉල්ලා අස්විය යුතුයි (නි)

:       0       0

ශාන් Saturday, 30 April 2016 06:56 AM

අපිට පව් දෙන්නේ නැතුව පිනක් දහමක් කරගෙන ඉන්නවා නම් හොඳයි. (නි)

:       0       0

කෝනාර Saturday, 30 April 2016 07:43 AM

හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 30 April 2016 08:23 AM

ඔහොම ඉල්ලලා අස්වෙනවා නම් අස්වෙන්න ඕනෑ, කිසිම සුදුසුකමක් නැති අය මොනතරම් ඉන්නවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 496 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 653 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1457 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site