IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මාධ්‍ය සමග ගනුදෙනු කිරීමට මාලිංගට අවවාද අවශ්‍යයි

මාධ්‍ය නියෝජිතයන් හමුවෙ ලසිත් මාලිංගගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරීමට සිදුවන අතරම සහ මාධ්‍ය සමග ගනුදෙනු කිරීම පිළිබඳව ඔහුට අවවාද කිරීමටද අවශ්‍ය බව එම සිදුවීම සම්බන්ධයෙන් පරික්‍ෂණය මෙහෙයවූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී අජිත් ජයසේකර මහතා අදහස් කරයි.

ඉදිරියේදී මාධ්‍ය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග තව දුරටත් අවවාද ලැබිය යුතු බව අජිත් ජයසේකර මහතා විසින් විධායක කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්ථාවේ නිර්දේශ කර තිබේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් ඔහුගේ නිර්දේශයන් පිළිගනු ලැබ ඇති අතර ලසිත් මාලිංග සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා කැමිලස් අබේගුණවර්ධන (විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සහ විධායක කමිටුවේ හිටපු සාමාජික), හරිගුප්තා රෝහණධීර (නීතීඥ සහ විධායක කමිටු සාමාජික) සහ අජිත් ජයසේකර (ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංගමයේ ප‍්‍රධාන විධායක නිළධාරී) යන මහත්වරු පත්කර ඇත.

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත් සම්බන්ධයෙන් තේරීම් කමිටු සාමාජිකයින් සමග තිබූ විශේෂ සාකච්ඡව පිළිබඳව මාධ්‍ය විසින් යොමු කරන ලද ප‍්‍රශ්නයක් හමුවේ උරණ වූ ලසිත් මාලිංග මාධ්‍ය නියෝජිතයන් හමුවේ නුසුදුසු ආකාරයට හැසිරීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට බඳුන් විය.

 

(**)

 



අදහස් (0)

මාධ්‍ය සමග ගනුදෙනු කිරීමට මාලිංගට අවවාද අවශ්‍යයි

ලොකුගේ Sunday, 10 March 2013 10:05 AM

මොන අවවාදද ඉවත් කරලා දාන්න (දී)

:       0       0

සිල්වා Saturday, 09 March 2013 06:27 PM

ටික දවසකටවත් කට වහගෙන ඉන්න බලන්න. (නි)

:       0       0

ලසිත් Monday, 11 March 2013 09:58 AM

අවවාද මොකටද ඉවත් කිරීම පමණමයි තියෙන්නේ (දී)

:       0       0

ධම්ම Sunday, 10 March 2013 10:26 AM

අජිත් ජයසේකර මහතාගේ නිර්දේශය අපි ද අනුමත කරමු. (දී)

:       0       0

මහේෂ් Monday, 11 March 2013 10:19 AM

මෙයා ඉන්දියාවෙදි නම් පුදුම සංවරයි. (නි)

:       0       0

කිර්ති Saturday, 09 March 2013 07:06 PM

මොනවාද අවවාද කරන්නේ, මාලිංග පොඩි ළමයෙක්ද (දී)

:       0       0

මාලිංග Sunday, 10 March 2013 10:32 AM

මමත් හිතනවා (දී)

:       0       0

පියල් Saturday, 09 March 2013 07:09 PM

මාලිංගට මම කියලා දෙන්නම් කතා කරන්න (දී)

:       0       0

ඉන්දික Saturday, 09 March 2013 07:16 PM

මාධ්‍යට බය නැහැ කවුරුත් (දී)

:       0       0

හේමන්ත Sunday, 10 March 2013 10:34 AM

වැඩක් නැහැ (දී)

:       0       0

ලාල් Saturday, 09 March 2013 07:17 PM

මාධ්‍ය සමග සෙල්ලම් කරන්න හදන්න (එපා දී)

:       0       0

තරංග Saturday, 09 March 2013 07:21 PM

මාලිංගගේ වරදක් මම නම් දකින්නෙ නැහැ. (නි)

:       0       0

එරංග Saturday, 09 March 2013 07:31 PM

වෙනම කමිටු අවශ්‍ය නැහැ. අපේ අදහස් ටික බැලුවනම් ඒ ටිකම ඇති එයාට හැදෙන්න. (නි)

:       0       0

ඉන්දික Sunday, 10 March 2013 08:11 PM

මුල මතක නැති වුණාම එහෙම තමයි (අ)

:       0       0

සිසිර Saturday, 09 March 2013 07:53 PM

තීරණය ගැන මට නම් සතුටු වෙන්න බැහැ. (නි)

:       0       0

හමීන් Saturday, 09 March 2013 07:55 PM

මාධ්‍යට සහ ක්‍රිකට් මණ්ඩලයට ස්තූතියි! (නි)

:       0       0

සම්පත් Monday, 11 March 2013 10:44 AM

කැමරා පොළවේ ගහපු කට්ටියටත් යම් දඩුවමක් අවශ්‍යයි නේද? (නි)

:       0       0

නුවන් Monday, 11 March 2013 10:51 AM

මධ්‍ය සමග ගැටීම් ඇතිකරගත් කිසිවෙකු ජය නොගනී. ඕනෑම පුරවැසියකු මාධ්‍ය සමග සුහදව කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

අනුර Saturday, 09 March 2013 08:04 PM

ආයෙත් පිට්ටනියට ආවොත් එයාට කට්ටිය හූ කියයි. (නි)

:       0       0

දිසානායක Saturday, 09 March 2013 08:07 PM

මාලිංග අපේ කණ්ඩායමට එපා. (නි)

:       0       0

වරුණ Sunday, 10 March 2013 10:53 AM

පුරුදු කරන්න වහාම (දී)

:       0       0

ලීලසේන Saturday, 09 March 2013 08:19 PM

අනේ මන්දා! 5 වසරේ විතර ඉදලම නැවත පාසල් යවන්න වෙයිද කියලා මට සැකයි. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 09 March 2013 08:48 PM

දැන්නම් උණ හොදවෙලා ඇති. (නි)

:       0       0

සුරංග Sunday, 10 March 2013 11:32 AM

කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

දිනිදු හරිප්‍රිය Saturday, 09 March 2013 09:20 PM

ලසිත් හොඳ කොල්ලෙක් හරියට ඉර්ශියකාරයෝ ඉන්නවා එයාට (අ)

:       0       0

කසුන් Sunday, 10 March 2013 11:42 AM

මිනිස්සු ඉස්සරහා හැසිරෙන්න උගන්නන්න (දී)

:       0       0

ඇන්ඩි Saturday, 09 March 2013 09:35 PM

අර කෝටි 600යේ කුසලානය ගත්ත කෙනත් එක්ක බලද්දී ඔයා කවුද? (නි)

:       0       0

වීරසේකරගේ එම්.කේ. Saturday, 09 March 2013 10:12 PM

අහංකාර කමයි මෝඩකමයි, ගණන් ගන්න එපා

:       0       0

දයානන්ද Monday, 11 March 2013 06:08 PM

මාලිංග කියන්නේ අසාමාන්‍ය චරිතයක්. (නි)

:       0       0

ලාල් Sunday, 10 March 2013 12:15 PM

ටිකක් නොවෙයි ගොඩාක් (දී )

:       0       0

පිටිගල Saturday, 09 March 2013 10:55 PM

මූලිකම දේ තමයි නුගතකම, මුල ඉදල පාසල් යවන්න (අ)

:       0       0

කස්තුරි Monday, 11 March 2013 12:14 PM

මේ අපි දාන අදහස් මාලින්ගත් කියවනවා ඇති නේද (දී)

:       0       0

ඩයස් ඩුබායි Saturday, 09 March 2013 10:56 PM

අපේ රටේ මෙතෙක් බිහිවුණු හොඳ ක්‍රීඩකයන්න කරන නිගරුකමක්,මේ වගේ පාසල්ප ගිහින් නැති අය ක්‍රිකට් ගහන්න ගත්තම මෙවැනි දේ වෙනවා. (අ0

:       0       0

පරාක්‍රම Sunday, 10 March 2013 12:49 PM

මාලිංග ලැජ්ජයි නේද දැන් (දී)

:       0       0

වික්‍රම Sunday, 10 March 2013 12:49 PM

මාලිංග මිට පස්සේ කාට බැන්නත් කමක් නැහැ, මාධ්‍යට බනින්න එපා (දී)

:       0       0

විමුක්ති Sunday, 10 March 2013 12:54 PM

මාලින්ග් දැන්වත් හැදෙන්න (දී)

:       0       0

නිමාලි Saturday, 09 March 2013 11:45 PM

එක හොදයි (දී)

:       0       0

කුමාර Saturday, 09 March 2013 11:45 PM

නැතිනම් තවත් දවසක ඔහොම වෙයි (දී)

:       0       0

වරුණ Saturday, 09 March 2013 11:47 PM

මින් පසු මාධ්‍ය සමග මාලිංග සුහදව කටයුතු කරයිද (දී)

:       0       0

සෙනරත් Saturday, 09 March 2013 11:52 PM

ලසිත්ට ලේකම් කෙනෙක් ගත්තා නම් ප්‍රශ්නේ ඉවරනේ. (නි)

:       0       0

සිල්වා Saturday, 09 March 2013 11:59 PM

ඉදිරියටවත් මොළේ කල්පනා කරලා බලලා වැඩ කරන්න. මාධ්‍ය ඔයාගේ බෝල පහරවල් වලට වැඩිය ‍සැරයි. (නි)

:       0       0

චාමර Monday, 11 March 2013 12:55 AM

මල්ලී හරි මල්ලී. සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 10 March 2013 12:03 AM

මාලිංග රත්ගම කියන කතාව ඇත්තද? වැඩිය තරහා ගන්න එපා. (නි)

:       0       0

ස්වර්ණ Sunday, 10 March 2013 12:48 AM

සල්ලි වැඩිවෙලා ඔහුගේ ඔලුව ඉදිමිලා... (නි)

:       0       0

හිරාන් Sunday, 10 March 2013 01:04 AM

ඔහු මීට වඩා නම්‍යශීලී වියයුතුයි. (නි)

:       0       0

ආනන්ද Sunday, 10 March 2013 02:19 AM

ඒකද අවසාන තීන්දුව (දී)

:       0       0

සුජීවා Sunday, 10 March 2013 02:07 PM

මාලිංග කෝව දන්නවාද, පොඩ්ඩක් කෝවට බැහැලා එනවාද (දී)

:       0       0

මෙන්ඩිස් Sunday, 10 March 2013 02:50 AM

දිනිදු, එයාව ගෙදර එක්කාගෙන ගියා නම් හරි. ඩයස් ඔයාගේ කථාව සහතික ඇත්ත. (නි)

:       0       0

උපුල් Sunday, 10 March 2013 02:33 PM

සෙල්ලන් කරන්න විනයක් තියෙන්න ඕනේ (දී)

:       0       0

ගාමිණී Sunday, 10 March 2013 03:25 AM

ක්‍රීඩකයන්ට ක්‍රිකට් ගහන්ඩ දීලා, මාධ්‍ය අයට ලියන්න දීලා, අපි ක්‍රිකට් නරඹමු. කවුරු මොනවා කීවත් අද විස්සයි විස්සේ සහ එක්දින තරග වලදී නැතුවම බැරි ක්‍රීඩකයෙක් නිසා ඔහු පරෙස්සම් කරගන ඉදිරියට යාම අප සැමගේම වගකීමකි. (නි)

:       0       0

සෑම් Monday, 11 March 2013 04:28 AM

දැන් මාධ්‍යයට කරන්න තියෙන්නේ මෙයාව ගණන් ගන්නෙ නැතුව ඉන්නයි. (නි)

:       0       0

අශාන් Sunday, 10 March 2013 03:10 PM

අයියෝ! (නි)

:       0       0

රංජන් Monday, 11 March 2013 06:00 AM

මාලිංග අපි ඔබ සමගයි හැමදාම. ඔබ කළ වරද,"මනුස්සයො" (මනසින් උසස්) කියපු එකද..?? මාලිංග, ඔබ අපිට වීරයෙක් හැමදාමත්. (නි)

:       0       0

සෑම් Sunday, 10 March 2013 04:28 AM

මාලිංගට බැනලා වැඩක් නැහැ. එයා බෝල යවන්න දක්ෂ වුණාට මාධ්‍යයට කතා කරන්න තරම් දැනුවත් නැහැ. (නි)

:       0       0

ජගත් Sunday, 10 March 2013 04:35 AM

මොනවා වුණත් කලකදී මෙයත් පාර්ලිමේන්තුවේ ඉදිවී. "ජනප්‍රියත්වය" පමණක් අදහන ජනතාවක් ඉන්න එකම රට ලංකාවයි. (නි)

:       0       0

ධර්ම Sunday, 10 March 2013 04:36 AM

ඔවුන්ට අවවාද කර හදාගනිමු. (නි)

:       0       0

ජයනාත් Sunday, 10 March 2013 05:10 AM

හොද යෝජනාවක්. අවවාද කරලා වැරදි හදාගනිමු. (නි)

:       0       0

තුෂාන් Sunday, 10 March 2013 06:27 AM

දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් පරිණතබවින් අඩුයි. (නි)

:       0       0

ජනක Sunday, 10 March 2013 06:28 AM

අවවාද නෙමෙයි, යම්කිසි දඩුවමක් දෙන්න. (නි)

:       0       0

විල්ෆ්‍රඩ් Sunday, 10 March 2013 06:35 AM

ලෝක කුසලානයක් දිනූ අපේ රටට මෙවන් ක්‍රියාවන් නින්දාවකි. (නි)

:       0       0

විල්ෆ්‍රඩ් Sunday, 10 March 2013 06:33 AM

අනේ මාලිංග, ඔබට ජේසු පිහිටයි! (නි)

:       0       0

ඩෑම් Sunday, 10 March 2013 06:33 AM

ඇයි අර කෑගහන ඇමතිතුමාට මෙහෙම නොකරන්නේ? (නි)

:       0       0

චමිලා Sunday, 10 March 2013 04:22 PM

අවවාද කියන්නේ පන්තියකට යවලා උගන්නන්න ඕනේ (දී)

:       0       0

සුනිල් Sunday, 10 March 2013 06:54 AM

ලෙදර් බෝලයක් විසී කිරීමට අමතරව මේ ජීවිතයේ ඉගෙනිය යුතු දේවල් තව හුගක් තියෙනවා. (නි)

:       0       0

ජෝයි Sunday, 10 March 2013 07:19 AM

ඔයා හොද ක්‍රීඩකයෙක්. ඔයාගෙ අහංකාරකමටයි මිනිස්සු බනින්නේ. මාධ්‍යයෙ අය ආවේ ක්‍රීඩාලෝලින් වෙනුවෙන් එයාලගෙ යුතුකම කරන්නයි. ඔයා බැනලා තියෙන්නෙ සමස්ත ක්‍රීඩා ලෝලීන්ටයි. වේගයෙන් පන්දු යැවුවාට, ඔයා තාම ලාමකයි. (නි)

:       0       0

යොහාන් Sunday, 10 March 2013 07:25 AM

එයා කළ වැරැද්ද මුලු ලෝකයකම දැක්කා. දැන් මුලු ලෝකය ඉදිරියේදී දඩුවම්ද විදිය යුතුයි. (නි)

:       0       0

පසිදු Sunday, 10 March 2013 07:36 AM

අනේ මාලිංගට ජේසු පිහිට පතන්නෙ ඇයි? (නි)

:       0       0

පෙරේරා Sunday, 10 March 2013 07:36 AM

මාලිංග වැරදි වෙන්න පුලුවන්. නමුත් ඔහු හොද ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 10 March 2013 07:36 AM

ඇයි මේවා මාලිංගට විතරක්? සමහර ඇමතිතුමන්ලා මාධ්‍ය කැමරා පොළවේ පවා ගහලා තියෙනවා. (නි)

:       0       0

රාජිත Sunday, 10 March 2013 04:48 PM

දෙන්න තියෙන ගානක් දීලා අයින් කරලා දාන්න (දී)

:       0       0

චන්‍ද්‍රා Sunday, 10 March 2013 08:24 AM

ක්‍රිකට වලට දක්ෂ වුණාට අනෙක් දේවල් අන්තිමයිනේ. (නි)

:       0       0

පොඩි එකා Sunday, 10 March 2013 04:55 PM

මාලිංග මාමේ දැක්කා නේද මාධ්‍ය මාමලට බනින්න එපා මිටපස්සේ පාරේ බැහැලා යන්න බැරි වෙයි, දැන් දැක්කනේ ඒ මාමාලා ඔයාගේ රෙදි ගලෙවුවා (දී)

:       0       0

ධම්මික Sunday, 10 March 2013 08:21 AM

සල්ලි ගැන විතරක් හිතන, රට ගැන නොහිතන, පුහු අහංකාර, මෝඩකම පෙන්වීම තමයි මෙතන වැරැද්ද. ඒ ගති අපි ක්‍රීඩකයින්ගෙන් අපේක්ෂා කරන්නේ නැහැ. (නි)

:       0       0

රිස්මි Sunday, 10 March 2013 09:27 AM

මාලිංගගේ ඔළුව කොහොමත් අමුතුයිනේ (නි)

:       0       0

සිදත් Sunday, 10 March 2013 09:37 AM

මාලිංග ලජ්ජා ඇතිනම් මාධ්‍යට මුහුණ දෙන්නේ නැහැ (දී)

:       0       0

අජිත් Monday, 11 March 2013 09:14 AM

මෙයාව හොද ක්‍රිකට් වලට නෙමෙයි. (නි)

:       0       0

පිටිගල Sunday, 10 March 2013 06:12 PM

ලංකාවේ දේශපාලනටය අවශ්‍ය සුදුසුතම ඔබ සම්පූර්ණ කලා ඒතා (අ)

:       0       0

සීලා Sunday, 10 March 2013 06:25 PM

ලොකු ලොකු අය නරක විදියට හැසිරෙන නිසා මාලිංගත් ඒ අය ආදර්ශයට ගන්න ඇති. (නි)

:       0       0

ගීතා Sunday, 10 March 2013 09:59 AM

නවත ඉස්කෝලේ ගිහින් එන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 506 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 912 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 217 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 768 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1462 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 576 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38787 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site